මොහොමඩ් හෆීස්ට පන්දු යැවීමේ තහනමක්
Thursday, 26 December 2019 - 15:49 | Views - 239
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට එංගලන්ත පිටියේ පන්දු යැවීම තහනම් කර තිබෙනවා.

ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට තහවුරුවීම හේතුවෙන්.

පසුගිය නොවැම්බර් 30 වනදා පැවති ප්‍රාන්ත තරඟයකින් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට චෝදනා එල්ල වුණා.

මොහොමඩ් හෆීස් පසුව පන්දු යැවිමේ ඉරියව්ව සම්බන්ධයෙන් වන පරීක්ෂණයට මුහුණ දුන් අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පන්දු යැවීමේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ඒ පිලිබද සිදුකල සලකා බැලිමෙන් පසු මෙම තහනම පනවා තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදි පන්දු යැවීමේ තහනමට මුහුණ දුන් මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීම නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ පසුගිය වසරේදියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top