මහින්ද රාජපක්ෂ අද අගමැති ධුරයේ දිවුරුම් දෙයි
Thursday, 21 November 2019 - 8:00 | Views - 659
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දෙනවා.

පස්වරු එකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුකිරීමට නියමිත බවයි විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සඳහන් කළේ.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පස්වරු 3 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාරගැනීමටද නියමිත වනවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙරට දෙවතාවක් අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරය හොබවා තිබෙනවා.

මේ අතර නව ආණ්ඩුකාරවරුන්ද බොහෝදුරට අද දිනයේම පත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග අනාවරණ කළේ.

සියලූම ආණ්ඩුකාරවරුන්ට ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ දැනුම්දී තිබුණා.
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top