මාස 3 කට පසු කරච්චියට ශ්‍රී ලංකාවේ සිට පළමු ගුවන් යානය පිටත් වෙයි
Saturday, 01 June 2019 - 14:11 | Views - 522
පාකිස්ථානයේ වානිජ අගනගරය වන කරච්චි නුවර වෙත මාස 3 කට පසු ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද පස්වරු 12.20 ට පිටත්ව ගියා.
එය අද පස්වරු 3.10 ට කරච්චි නුවර වෙත ළඟා වීමටයි නියමිතව ඇත්තේ. පසුව එම ගුවන් යානය යළිත් පස්වරු 4.10 ට කටුනායක ගුවන්තොටුපල බලා පිටත් වනු ඇති.
මෙම ගුවන් ගමන සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ - 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි මගීන් 166 ක් කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු ගමන් ගත් බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු කියා සිටියේ.
පසුගිය පෙබරවාරි 27 වන දා පාකිස්තාන ගුවන් සේවා අධිකාරිය මගින් එරට ගුවන් තලය තාවකාලිකව වසා දැමීමෙන් පසු ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක්ම අත්හිටුවනු ලැබුවේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර හට ගත් යුධමය වාතාවරණය හේතුවෙන්.
Share This Article