නීති විරෝධීව දැව ළග තබාගන්නා ලී මෝල් හිමියන්ගේ බලපත්‍ර තහනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
Wednesday, 29 May 2019 - 18:46 | Views - 516
නීත්‍යානුකුල නොවන ආකාරයෙන් දැව ළග තබාගන්නා ලී මෝල් හිමියන්ගේ බලපත්‍ර වහාම අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (29) පෙරවරුවේ එක් වෙමින්.

විෂය භාර අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු සොයා බැලීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග හමුවකට එක් වී තිබෙනවා. 

එහි දී මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ වන  විනාශයට හේතුවන සියලූ විනාශකාරී තත්ත්වයන් වැළැක්වීමට පියවර ගත යුතු බවයි. 

දිවයින පුරා වැටලීම් පුළුල් කරමින් දැව ජාවාරම මැඩැලීමට අදාළ නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කර තිබෙනවා.  

එමෙන් ම දැවැන්ත ව්‍යාපෘති ඔස්සේ වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කරන ආකාරයෙන් දැනට පවතින වන සම්පත රැක ගැනීමට ද දැඩි නීති රීති ක්‍රියාත්මක කරමින් කැපවී කටයුතු කළ යුතු බවයි. 

සියලූම වර්ගයේ විද්‍යුත් කියත් තහනම් කිරීමට පසුගිය දා රජය ගත් තීරණය සහ එහි ප්‍රගතිය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී විමසා බලා තිබෙනවා. 

එම කියත් මෙරටට ගෙන්වීම තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට ද පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ. 

එමෙන්ම අලූතින් වඩු මඩු ලියාපංචි කිරීම නතර කිරීමට ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

ජූනි 05 වනදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත වන සංරක්ෂණ සහ රුක් රෝපණ වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡාවට ලක්වී තිබෙනවා.  

දේශගුණ විපර්යාස හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි පාරිසරික අභියෝග සඳහා විසදුම් වශයෙන් දිවයිනේ වන ආවරණය වසර 2030 වනවිට 32‍%දක්වා පුළුල් කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු ලෙස ලඟා කරගත යුතු ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට හා රාජ්‍ය කජු සංස්ථාවට  අයත් ඌණ භාවිත ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඩිනමි වැඩසටහනකට යොදා ගැනීමට නියමිත අතර ඒ පිළිබදව ද මෙහි දී සාකච්ඡාවට ලක් වුනා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top