ලස්සන මල් ගොඩක් මැද තනිවුණු තවත් මලක්.. දිනිතිගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
Monday, 24 August 2026 - 14:24 | Views - 33

මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ ඉන්න හුරුබුහුටි රංගන තාරකාව, දිනිති වල්ගම ගැන.
දිනී ගැන කියද්දී ඉතින් සංගීත් ගැන නොකියම බැහැනේ.. ඒත් ඉතින් මේ අලුත්ම රූප රාමු වල නම් සංගීත් පේන්න හිටියේ නැහැ. වෙනදා කියනවා වගේම සංගීත් සහ දිනී කියන්නේ ඉතින් අපේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම වගේම ආදරණීයම තාරකා යුවලවල් අතර වැජබෙන දෙන්නෙක්.
ඒ තරම් ජනප්‍රියත්වයක් තියෙන නිසාම එයාලට ආදරය කරන ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්නේ එයාලගේ අලුත්ම තොරතුරු දැනගන්න.
ඒක නිසාම වෙන්න ඇති මේ දෙන්නත් ගොඩාක් වේලාවට මුහුණු පොතෙන් වගේම සමාජ මාධ්‍ය හරහා එයාලගේ සුන්දර මතකයන් රසිකයන් එක්ක බෙදා හදා ගන්න නම් අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මේ පාර මුහුණු පොතට එකතු කරලා තියෙන පින්තූරවල තියෙන්නේ නම් දිනී මල් වත්තක තනි වුණු හරිම අහිංසක, ලස්සන රූප රාමු වගයක්. එක පාරටම දැක්කම හිතෙන්නේ මල් ගොඩක් මැද තවත් එක ලස්සන මලක් පිපිලා තියෙනවා වගේ.
හැබැයි ඉතින් මේ පින්තූර වල සංගීත් පේන්න නැති වුණාට, මේ තරම් ලස්සනට දිනීව කැමරා කාචයට සටහන් කරලා ෆොටෝ එක ගන්න ඇත්තේ ඉතින් වෙන කවුරුත් නෙවෙයි අපේ සංගීත් කියලා ආදරේ කරන හැමෝම දන්නවා.
ඉතින් ඔයාලත් බලන්නකෝ මේ ලස්සන ඡායාරූප පෙළ කොහොමද කියලා..
Share This Article