"ශෂී වගේ මම ඇත්ත ජීවිතේ කටකාර නැහැ..." රොන් සොයා ටෙලිනාට්‍යයේ ශෂී කියපු කතාව මෙන්න.
Monday, 22 June 2026 - 16:35 | Views - 28
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට නදුනි වනිගසුන්දරව හඳුන්වන්න පුළුවන්. ඉතින් නදුනි ගැන විස්තර දැනගන්න අපි හිතුවා ඇයත් එක්ක කතා කරන්න.

නදුනිට නදුනි තුළ ඉන්න නිළියව මුලින්ම හම්බවුණේ කොහොමද ?

මට මම තුළ ඉන්න නිළියව අඳුරගන්න කලින් මම කලාවට ලොකු ලැදියාවක් තියනවා කියලා මුලින්ම අඳුරගත්තෙ මගේ අම්මා. ඒ වගේම පාසල් කාලය තුළ ගායනය, නර්තනය යන අංශවලින් තමයි වැඩිපුර ඉදිරියෙන් හිටියෙ ඒකට හේතුව රංගනය කියන දේට ලොකූ අවස්ථාවන් පාසලේ මුල් කාලයේදී තිබුණෙම නැහැ⁣. හරියටම රංගනය විෂයක් විදියට හදාරන්න ගත්තෙ මම පාසලේ 9 වසරෙදි. එතනින් පස්සෙ තේරුම් ගත්තා මං තුළ ඉන්න රංගන ශිල්පිනියව එයාව එළියට ගන්න ගොඩක්ම උදව් වුණේ චම්පා සරෝජනී මගේ ආදරණීය නාට්‍ය කලා ගුරුතුමිය තමයි.

නදුනි රංගන ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා මේ වෙනකන් කරලා තියන වැඩ මොනවද ?

බස්නාහිර පළාත් කෙටි නාට්‍ය තරගාවලියට සහභාගී වෙලා නාට්‍යයක් රචනා කරලා අධ්‍යක්ෂණය කරනවා. එහිදී ඒ නාට්‍ය හොඳම නිෂ්පාදනය සහ හොඳම නිළිය සම්මානයත් හිමිකරගන්නවා. එයින් පස්සෙ සිනමා නිර්මාණයකට ආරාධනා ලැබෙනවා. ඒ හෝ ගානා පොකුණ අධ්‍යක්ෂතුමා ඉන්දික ෆර්ඩිනැන්ඩස් සර්ගෙ දෙවෙනි සිනමා නිර්මාණය වන වෙඩිනොවදින ළමයි චිත්‍රපටයට. ඊට පස්සෙ ඉතින් විශ්වවිද්‍යාලය අධ්‍යාපන කටයුතු එක්ක වැඩ ටිකක් මම අඩුවෙන් කරන්න වෙන්නෙ. පසුව යෞවන සම්මාන හා රාජ්‍ය නාට්‍ය උළෙලේද නාට්‍ය නිර්මාණවලට ඉදිරිපත් වෙලා ඇගයීම් සම්මාන ලබාගන්න හැකිවෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරාට පසුව තමයි මම ටෙලිනාට්‍ය රංගනයට එකතු වෙන්නෙ. මේ මොහොතේ නම් රොන් සොයා ටෙලි නාට්‍යයේ හා විකාශය වීමට නියමිත රෝස වෙඩිල්ල ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුකරගෙන යනවා. චාලක රණසූරියගේ සඳුදා වැටෙන්නෙ සිකුරාදාට වේදිකා නාට්‍ය දර්ශනවාරයන්වලට සම්බන්ධ වෙනවා සහ චිත්‍රපට දෙකක වැඩ අවසන් කරලා තියෙන්නෙ. අලුත් නිර්මාණ කිපයක් ආරම්භ වෙයි ඉදිරියේදී.

රොන් සොයා ටෙලිනාට්‍යයේ වත්තක කට සැර කෙල්ලෙක්ගෙ චරිතයක් රඟපාන්න ලැබුණ අත්දැකීම කොහොමද ?

රොන් සොයා ටෙලිනාට්‍යයේ ශෂී වෙන්න මට ලැබුනෙ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර සර් හරහා. ශෂීගේ චරිතයට මම ගොඩක් ආසාවෙන් සම්බන්ධ වුණේ. ඒකට හේතුව කොළඹ නාගරික පරිසරයක ජීවත්වෙන හරි නිදහස් චරිතයක් ශෂී කියන්නෙ. රංගන ශිල්පිනියක් විදිහට වෙනස් චරිත රඟපාන්නයි මම කැමැති. ඉතින් පළමු ටෙලි නාට්‍ය අත්දැකීමෙන්ම වත්තක ජීවත්වෙන දගකාර කෙල්ලෙක්ගේ චරිතයක් ලැබීම පිළිබඳ මට ගොඩක් සතුටුයි. ඒ වගේම ඒ වගේ දඟකාර ගෑනු ළමයෙක්ට මෙච්චර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙයි කියන එකත් බලාපොරොත්තු වුණේ නෑ. ගොඩක් ප්‍රතිචාර මගේ රංගනය අගය කරමින් ලැබෙනවා ඒ ගැන විශාල සතුටක් තියනවා.

ශෂී වගේ නදුනිත් කටකාරයිද ?

අනේ නැහැ⁣. ශෂී කියන්නෙ මම ගොඩක් ආදරේ කරන චරිතයක්. ඒත් නදුනි සහ ශෂී කියන්නෙ පැහැදිලිවම දෙන්නෙක්. උදාහරණයක් විදිහට මම ශෂීගෙ කතා කරන වචනවලදී පවා ඒවා උච්චාරණයේදී හිතන්නෙ මේ කෙනා ලොකුවට ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි කියලා. සමහර වචන පාවිච්චියේදී කෙනෙක්ගෙ අධ්‍යාපන මට්ටම ඉතා හොදින් පැහැදිලි වෙනවනෙ. එතකොට මේ ශෂී කේක් කඩේක වැඩ කරන්නේ. කොළඹ වත්තක ජීවත් වෙන්නෙ ඒ කෙනාගෙ කතා විලාසයේ සිට අඳින පලඳින විදිහේ සිට මම ඒ අදාළ චරිතයට අනුව තමයි ඒ මොහොතේ ඉන්නෙ. හැබැයි නදුනි කියන්නෙ ඊට වැඩිය ගොඩක් වෙනස් කෙනෙක්. තවම මම චරිත ගොඩාක් අතරින් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් නැති නිසා ගොඩක් අය හිතනවා ශෂී කියන්නෙ මගේ සාමාන්‍ය විදිහ කියලා. ඒත් ඉදිරියේදී ඒ අදහස වෙනස් වෙයි කියලා මම හිතනවා.


ශෂී වගේ කෙළිින් කතා කරන පුරුද්ද නදුනිට නැහැ⁣ කියලද කියන්නෙ ?

ඔව්. කියන්න තියන දේ පොල්ලෙන් ගහනවා වගේ එවලෙම මූණටම කියන ශෂී වගේ චරිත මට ඇත්ත ජීවිතේ මුණ ගැහිලා තියනවා. මුලින්ම හිත රිදුනත් කෙළින් කතා කරන අවංකකම හොඳයි බොරුවෙන් ජීවිතය ගෙනියනවට වැඩිය. ඒත් එකපාර මූණටම කියලා කාගෙ හරි හිතක් රිද්දන්න මට අමාරුයි. මම දන්නවා මගෙ හිත රිදුනම දැනෙන දේ. ඒ නිසා මම නම් ගොඩක් වෙලාවට මූණට කියලා හිත් රිද්දනවට වැඩිය නිෂ්ශබ්දව නොගැළපෙන අයගෙන් ඈත්වෙලා නිදහසේ ඉන්නවා.

නදුනිගේ ආකල්ප මත ජීවිතේට ලැබුණ දේවල්ද වැඩිපුර වැඩි ? අහිමි වුණ දේවල්ද වැඩි ?

ඒක ගැන මම මෙහෙම කියන්නම් මම විශ්වාස කරන දේ තමයි අපිට ලැබෙන්න දෙයක් තියෙනවනම් ඒ දේ කොහොම වුණත් අපිට ලැබෙනවා. දෙයක් නොලැබෙන්න තියෙනවනම් ඒක අපිට ලැබෙන්නෙම නෑ. අනිත් දේ තමයි වෙන හැමදේම වෙන්නෙ අපේම හොඳට.

නදුනිට ප්‍රේමය ගැන තියෙන්නෙ මොනවිදිහෙ අත්දැකීම්ද ?

මට ලැබෙන හැම අත්දැකීමක්ම මට හරි සුන්දරයි. ඉතින් ප්‍රේමයත් මට සුන්දර අත්දැකීමක්.

නදුනි ආදරේදි බලාපොරොත්තුවෙන්නෙ මොනවද ?

ආදරේදි බලාපොරොත්තු වෙන්නෙ ආදරයම තමයි. අවංකව ආදරේ තියෙනවනම් ඒ තුළ සියලුම දේ තියනවා.

මේ වෙද්දි ඒ විදිහෙ ආදරයක් විඳිනවද ?

මම තවම ආදරයක් විඳින්නෙ නැහැ⁣. ලැබෙන්න ඕනෙ හොඳම දේවල් හොඳම කාලෙට ලැබෙයි.

අරුණ පුවත්පත ඇසුරින්.
Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top