උපතින්ම ඇඟිලි 21ක් හිමි පළමු චරිතෙට රු.100 ක් ලැබුණු සුපිරි නළුවා -[Photos]
Tuesday, 09 April 2019 - 11:46 | Views - 1,896
අපට නිතරම ලැබෙන අවවාදයක් තමයි “පොඩියට පටන් අරන් හෙමිහිට ගමනක් යන්න, එතකොට පැවැත්ම වැඩියි” කියලා. අවුරුදු ගණනාවක් කැමරාවෙන් පිටුපස හිඳිමින් ක්ෂේත්‍රයේ දිග පළල හඳුනාගෙන, ජීවන අභියෝග ජයගෙන බොලිවුඩය ආක්‍රමණය කළ ඔහු රිතික් රෝෂන්.

1974 වසරේ ජනවාරි 10 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහිදී රිතික් රෝෂන් උපත ලබනවා. රිතික්ගේ පියා රාජේෂ් රෝෂන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. රාජේෂ්ගේ පියා, එහෙමත් නැත්නම් රිතික්ගේ සීයා සංගීත අධ්‍යක්ෂ රෝෂන්ලාල් නග්‍රාත්. ඒ වගේම රිතික්ගේ මව පින්කි, ජේ‍යෂ්ඨ බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ ජේ. ඕම් ප්‍රකාෂ්ගේ දියණියයි.
රිතික්ට උපතින්ම ඇඟිලි 11ක් ලැබුණා. ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ල අසලින් තවත් මහපටැඟිල්ලක් තිබීම නිසා පාසල් කාලයේදී අනෙක් ශිෂ්‍යයන්ගෙන් ඔහුට ලැබුණේ වෙනස් සැලකිල්ලක්. ඒ වගේම ඔහුට ගොත ගැසීමේ ප්‍රශ්නයකුත් තිබුණා. මේ නිසාම බොරු ලෙඩ නිවාඩු අරගෙන වාර විභාගයේ වාචික පරීක්ෂණ මඟහරින්නත් රිතික් පුරුද්දක් කරගෙන හිටියා. නමුත් මවුපියන්ට හැකිවෙනවා රිතික්ව වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීමෙන් ඒ තත්ත්වය මඟහැරගන්න.
රිතික් මුලින්ම කැමරාව ඉදිරියේ හිටගන්නේ වයස අවුරුදු හයේදී. ඒ 1980 වසරේදී ඔහුගේ සීයා ප්‍රකාෂ් නිර්මාණය කළ Aasha චිත්‍රපටය වෙනුවෙන්. නර්තන දර්ශනයක පුංචි චරිතයකට පණ පොවන පුංචි රිතික්ට වැටුප විදිහට ඉන්දීය රුපියල් 100ක් ලැබෙනවා. චිත්‍රපට කිහිපයක සුළු චරිත කරන රිතික්ට වයස අවුරුදු ‍ෙදාළහේදී Bhagwaan Dada  චිත්‍රපටයේ ගෝවින්දා රඟන චරිතයේ පුතාට පණ පොවන්න අවස්ථාව ලැබෙනවා. ඒ තමයි ඔහුට ලැබුණු මුල්ම දෙබස් සහිත චරිතය.
රිතික්ට තේරෙනවා තමන්ට උපතින්ම, පවුල් පසුබිමින්ම උරුම වෙන්නේ රංගන හැකියාව කියලා. නමුත් රිතික්ගේ පියා රාකේෂ් පුතාගේ බොලිවුඩ් හීනයට තදින්ම විරුද්ධ වෙනවා. ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ගේ දරුවන්ව කොහොමහරි ඇතුළට රිංගවන්න දඟලද්දී රාකේෂ් කියනවා රිතික්ට උපාධිය වෙනුවෙන් මහන්සි වෙන්න කියලා.
මුම්බායි විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආසියාවේ පැරණිතම වාණිජ විශ්වවිද්‍යාලය වන Sydenhamහි වාණිජ උපාධියක් සම්පූර්ණ කරමින් තාත්තාට අවනත වන අතරේ රංගනය සහ නර්තනය පැත්තටත් රිතික් හොරෙන් අවධානය යොමු කරමින් හැකියාවන් ඔපමට්ටම් කරගන්නවා.
වයස විසි ගණන් වෙන නාඹර තරුණ වියේදී රිතික්ට වැලඳෙනවා Scoliosis හෙවත් කොඳු ඇට පෙළ ඇද වීමේ රෝගය. රංගන හීනය එහෙම්පිටින්ම සුනුවිසුනු කරමින් ඇති වුණු මේ තත්ත්වය රිතික්ට මානසිකව විශාල පීඩනයක් ඇති කළා. නමුත් ඔහුගේ හීනය වෙනුවෙන් දෛවයට අභියෝග කරන්න රිතික් තීරණය කරනවා. වේදනාව ඉවසාගනිමින් උත්සාහයෙන් ව්‍යායාම කරමින් වෛද්‍යවරුන්වත් පුදුමයට ලක් කරමින් කොඳුඇට පෙළ යථා තත්ත්වයට පත්කරගන්න අවසානයේදී රිතික් සමත් වෙනවා.

උපාධිය සම්පූර්ණ කරන රිතික් පියාගෙන් ඉල්ලා සිටිනවා “මං තාත්තාගේ හීනය සැබෑ කළා, දැන් මගේ හීනය හැබෑ කරගන්න ඉඩ දෙන්න” කියලා. රාකේෂ් තමන්ගේ Khudgarz, King Uncle, Karan Arjun  සහා Koyla  චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන්න රිතික්ව යොදාගන්නා අතරේ දර්ශන තල සුද්ද පවිත්‍ර කරන්නත් නළු නිළියන්ට තේ හදන්න සහ පිළිගන්වන්නත් රිතික්ව යොමු කරනවා. පියා අධ්‍යක්ෂ වුණු චිත්‍රපටයක පුතා ටී බෝයි සහ ක්ලීනර් වීම හිතන්න බැරි කරුණක් වුණත් රාකේෂ්ට අවශ්‍ය වුණා සිනමාවේ සියලු තැන් පිළිබඳව මුල සිටම රිතික්ට අවබෝධයක් දෙන්න. Koyla චිත්‍රපටයේ රූගත කිරීම් අතරේ දිනපතා packup කිරීමෙන් පස්සේ රිතික් කැමරාව ඉදිරියට ගිහින් ශාරුක් ඛාන්ගේ දෙබස් කියමින් ඔහුගේ දර්ශනයන් නැවතත් රඟ දක්වනවා. කැමරාවට තමන්ව පෙනෙන ආකාරය ගැන තමන්ටම තක්සේරුවක් ගන්න.
බොලිවුඩයට සබඳකම් තිබිලත් මේ තරම් කටු කාලා 2000 වසරේදී රාකේෂ්ගේ චිත්‍රපටයකින්ම රිතික් ප්‍රධාන නළුවා ලෙස අවතීර්ණ වෙනවා. ඒ Kaho Naa Pyaar Hai  තුළින්. හිටි අඩියේම අකුණක් වගේ බොලිවුඩයට පතිත වුණු මේ කඩවසම්, දක්ෂ රංගන ශිල්පියාට හැකිවෙනවා නොසිතූ විරූ ලෙස සිනමා ක්ෂේත්‍රයම කලඹන්න. වෙනත් කිසිදු නළුවෙක්ට නොහැකි වුණු ආකාරයේ විශිෂ්ට නර්තන හැකියාවන් සහිතව හොඳින් රඟන තරුණ රිතික්ගේ ආගමනය බොලිවුඩ් දැවැන්තයන් සියලුදෙනාට අභියෝග කරන්නට හේතු වුණා.

අද රිතික් රෝෂන්ගේ මූල්‍යමය වත්කම ඉන්දීය රුපියල් කෝටි 2600ක්. Koi Mil Gaya, Lakshya, Krrish, Dhoom 2, Jodha Akbar, Kites, Guzaarish, Bang Bang, Kaabil   වැනි දැවැන්ත සිනමා නිර්මාණ රැසක් ඔස්සේ ඔහු බොලිවුඩයේ ඉහළම ආදායමක් ලබන, වැඩිම අය කිරීමක් කරන, දක්ෂ තරුවක් බවට පත්වී හමාරයි.
තරුවක් වෙන්න යන ගමන ඉතාම පහසුවෙන් ළඟා කරගන්න තිබුණත්, රිතික් පටන් ගත්තේ ඉතාම හෙමිහිට. පොඩිම තැනින්. ගමන ස්ථාවර වෙන්න ඒක ප්‍රධාන හේතුවක් වුණා. ඒ නිසා ගේමට enter වෙන්න කලින් homework කරලා අවබෝධයෙන් හෙමිහිට ගමනක් යන එක පුරුද්දක් කරගන්න.



ෂෙනාල් ගුණසේකර
Image result for hrithik roshan hand
Image result for hrithik roshan hand
Image result for hrithik roshan hand

Image result for hrithik roshan hand

Share This Article
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඇය ලංකාවේ සරාගී රංගන ශිල්පිනියන් අතර නම රඳවපු කෙනෙක්. අද දවසත් ඇයට ගොඩක් විශේෂයි....
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top