ඔබත් iPhone 15 හෝ 16 පාවිච්චි කරන කෙනෙක්ද? AI ගැන ඇපල් සමාගම දුන් බොරු පොරොන්දුව..
Thursday, 07 May 2026 - 14:14 | Views - 94
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත නඩුවක් අවසන් කිරීම සඳහා, තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක් ගෙවීමට ඇපල් සමාගම එකඟවෙලා තිබෙනවා.

කිසිදු වරදක් පිළිගැනීමට ඇපල් සමාගම මෙහිදී කටයුතු නොකළද, නීතිමය ගැටලු විසඳා ගැනීම සඳහා මේ දැවැන්ත මුදල ගෙවීමට ඔවුන් පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකළා.

ඇපල් සමාගම විසින් හඳුන්වා දුන් "Apple Intelligence" පද්ධතිය හා 'Siri' හඬ සහායකයාගේ නව දියුණු කිරීම් පිළිබඳව සිදුකළ අලෙවිකරණ ප්‍රයත්නයන් අසත්‍ය ප්‍රචාරණයට සමාන වන බවට නීතිඥයින් චෝදනා කරලා තිබෙනවා.

සමාගම විසින් ප්‍රවර්ධනය කළ ඇතැම් AI හැකියාවන් තවමත් නිර්මාණය වී නොමැති බවත්, ඒවා තවත් වසර කිහිපයක් යනතුරු බිහි නොවන බවත් නීතිඥයින් පෙන්වා දුන්නා.

මේ තීරණයත් සමඟ 2024 ජූනි හා 2025 මාර්තු අතර කාලය තුළ අමෙරිකාවේදී iPhone 15 හා iPhone 16 මිලදීගත් පුද්ගලයින්ට ඇපල් සමාගමෙන් වන්දි මුදල් ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එක් පරිශීලකයෙකුට ඩොලර් 25ත් 95ත් අතර මුදලක් ගෙවීමට ඇපල් සමාගම එකඟවෙලා තිබෙනවා.

ධුරයෙන් ඉවත්ව යන ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ද වසර ගණනාවක් පුරා ප්‍රමාණවත් තරම් නව්‍යකරණයක් සිදුනොකිරීම පිළිබඳව දැඩි විවේචනයට ලක්වෙලා තිබෙනවා.

OpenAI හා Anthropic වැනි සමාගම් සමඟ තරග කිරීමට ගොස් ඇපල් සමාගම මෙලෙස පරිශීලකයින්ට අසත්‍ය පොරොන්දු ලබාදී ඇති බව මෙහිදී චෝදනා එල්ලකරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top