හීන පස්සේ දුවන ලෝකෙක, එකට හිටගන්න එක සහෝදරයෙක් ඉන්නවා නම් ඒකම ශක්තියක්... සරිත්-සුරිත් මුහුණුපොතට එකතු කළ අලුත්ම ෆොටෝස් ටික මෙන්න.
Sunday, 21 June 2026 - 15:12 | Views - 36
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම අමතක කරන්න බැරි, තාරුණ්‍යයේ උපරිම ආකර්ෂණය දිනාගත්තු සුපිරිම කලාකරුවන් දෙන්නෙක් ඉන්නවා.
ඒ වෙන කවුරුත් නෙවෙයි, තමන්ගේම කියලා වෙනස්ම සංගීත රටාවකින් මුළු රටක්ම තමන්ගේ වසඟයට ගත්තු සරිත් සහ සුරිත් සහෝදරයෝ දෙන්නා...
වේදිකාවට ගොඩවුණු සැණින් එතෙක් මෙතෙක් බිහිවුණු සුපිරිම වාදනයෙන් සහ ගායනයෙන් ප්‍රේක්ෂකාගාරයම උන්මාදයට පත් කරන මේ අයියගෙයි මල්ලිගෙයි සුසංයෝගය ඇත්තටම අපූරුයි.
සංගීත ක්ෂේත්‍රයේ කාර්යබහුල කාලසටහනක් එක්ක ජීවත් වෙන සරිත් සහ සුරිත්, තමන්ගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් සුවිශේෂී ඡායාරූප එකතුවක් තමන්ගේ නිල මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කරලා තියෙනවා.
නව පරපුරේ සංගීත කණ්ඩායම් අතරින් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගෙන, සජීවී ප්‍රසංග කලාවට අලුත් පණක් දුන් සරිත් සහ සුරිත් දෙන්නාගේ මේ පින්තූර එකතුව කොහොමද ඔයාලත් බලන්නකෝ...


Share This Article