"මගේ පණ ඉක්මණට අම්මි ළඟට එනකල් අම්මි බලාගෙන ඉන්නවා.." කවීගේ උපන්දිනයදා රටම දන්න සමිතා කියූ ඒ කතාව මෙන්න..
අද ඇයට ගොඩක් විශේෂ දවසක්. අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ උපන්දිනය අදයි.
ඇයගේ මේ විශේෂ දවස හැමදාමත් වගේ සුවිශේෂී කරන්න අදත් සමිතා ආදරණිය සුබපැතුමක් එක්කරලා.
අද උපන්දිනය දවසේ කවී ඇයගේ ළඟ නොහිටියත් ඉතින් මේ සුබපැතුම සුපුරුදු ලෙසම එක්කරන්න සමිතා වගබලාගෙන..මෙන්න බලන්නකෝ ආදරණීය දියණියට ඇය එක්කළ සුබපැතුම..දරුවෝ මොන තරම් ලොකු වුණත් අම්මලාට ඒ අය හැමදාම දැනෙන්නේ හරිම ආදරණීය විදිහට කියන එක සමිතාගේ මේ සටහනෙන් නම් ඔබටත් තේරෙනවා ඇති..