ශරීර සෞඛ්‍යයට වින කරන, ගෙමැස්සා සහ වැලි මැස්සා.. (Photos)
Thursday, 08 February 2024 - 8:53 | Views - 285
අපගේ ශරීර සෞඛ්යයට වින කරන ගෙමැස්සා සහ වැලි මැස්සා.....
 
මම මෙහෙම ප්රශ්ණයක් ඇසුවොත් ඔයා දෙන පිළිතුර මොකක්ද? ඔයා දකිනවා ඔයාගේ කෑම එකේ මැස්සෙක් වහලා ඉන්නවා. දැන් ඔයා මොකද කරන්නේ. ඒ කෑම එක ආහාරයට ගන්නේ නැතිව අයින් කරනවද? එහෙමත් නැත්තම් ඒ මැස්සව එලවා දමලා කෑම එක ආහාරයට ගන්නවාද? මං දන්නවා ගොඩක් දෙනෙක් කරන්නේ මැස්සව එලවා දාලා කෑම එක ආහාරයට ගන්න එක. ඒ මොකද අපි හිතන්නේ ආ මේ නිකන් මැස්සෙක් විතරයි කියලා. හැබැයි ඉතින් ඒ කෑම කන නොකන එක ඔයාගේ තීරණයක්. කොහොම වුණත් අද කියන්න යන්නේ මේ මැස්සෝ කෑම වල වහලා හිටියාම මොනවගේ දේවල්ද වෙන්න පුළුවන් කියන එක ගැන. මොකද මැස්සන් අපි ගන්නා ආහාරයට එන්නේ කලින් තවත් ගොඩක් තැන් වල ඉදලා තමයි එන්නේ. උදාහරණ වශයෙන් කුණු ගොඩක, වැසිකිලියක, නැත්තම් තවත් කෙනෙක්ගේ ආහාරයක එහෙමත් නැත්තම් මොකක් හරි ජරා ගොඩක වහලා ඉදලා තමයි ඇවිත් අපේ කෑම එකෙත් වහන්නේ. ඇත්තට මේ කුඩා ජීවියා විසින් ඇති කරන බලපෑම මැස්සගේ ප්රමාණයටත් වඩා විශාල වන අතර ඔයා ඇත්තටම හිතනවාටත් වඩා ගොඩක් සංකීර්ණයි. මැස්සන් විසින් අපට බෝකරන රෝග අතරට ආන්තරික ආසාදන (අතීසාරය, පාචනය, ටයිපොයිඩ්, කොලරාව සහ ඇතැම් හෙල්මින්ත් ආසාදන වැනි), අක්ෂි ආසාදන (trachoma සහ epidemic conjunctivitis වැනි), පොලියෝමෙලයිටිස් සහ සමහර සමේ ආසාදන (යව්ස්, කටානියස් ඩිප්තෙරියා, සමහර මයිෙකෝස් සහ ලාදුරු) හඳුන්වන්න පුළුවන්. මැස්සා කුඩා සත්වයෙක් වුණාට අපිට ගේන කරදරනම් ගොඩක් විශාලයි. අපි බලමු මැස්සෝ ඇවිත් අපේ කෑම එක මත වැහුවට පස්සේ මොනවගේ දේවල්ද කරන්නේ කියලා.

මැස්සන් ඔබේ ආහාර මත වමනය කරන බව ඔබ දන්නවාද...?

නළයක් වැනි මුඛය හරහා තරල උරා බොමින් තමයි මැස්සන් ආහාර ලබා ගන්නේ. ඔවුන්ගේ මේ මුඛය පිහිටලා තිබෙන හැඩය නිසා ඕනෑම ආහාර වේලක් දියරයක් බවට පත් කරන්න ඔවුන්ට හැකියාව තිබෙනවා. මෙය සිදුකරන්න ඔවුන් කලින් ආහාරයට ගත් උදාහරණයක් වශයෙන් කුණු වුණ මස්, මළ මුත්රා වගේ ඕනම දෙයක් ඔවුන් ඔයාගේ ආහාර මතට වමනය කරනවා. එහෙම කරලා තමයි ඔයාගේ කෑම එකේ තියන දේවල් මැස්සන් ආහාරයට ගන්නේ. ඉතින් ඔයාලා කවදාවත් හිතන්න නැතුව ඇති නේද මැස්සෝ මේ විදිහට ඔයාගේ කෑම එක ජරා කරනවා කියලා.

ඔවුන් ඔබේ ආහාර මත බිත්තර දමන බව ඔබ දන්නවාද..?

ඔයා කාලා ඉතුරු කරපු කෑම එකක් ඔයා තියලා තියනවා පස්සේ කන්නම් කියලා. එහෙම තියලා තියන කෑම වල මැස්සො වැහුවට පස්සේ ඔවුන් ටික වෙලාවකින් කෑම මත බිත්තර දාන්න පෙළඹෙනවා. ගොඩක් දෙනෙක් මේ දේ දන්නේ නැහැ. සමහර වෙලාවට පස්සේ කන්නම් කියලා තියලා තිබ්බ කෑම එක අපි ආහාරයට අරන් තියෙන්නේ මැස්සන්ගේ බිත්තර හෝ පිලව් එක්ක වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ආහාරයක් පස්සේ කන්න කියලා හිතුනොත් හොඳට ඒ කෑම එක ආවරණය කරලා තියනන් අමතක කරන්න එපා. මොකද අපි දන්නේම නැතිව හෝ ගණන්ගන්නේ නැතිව ලොකු ජරා ගොඩක් වගේම ලෙඩ ගොඩක් තමයි ආහාරයට අරන් තියෙන්නේ. ඒ නිසා ආහාර ගන්නන් වාලේ ගන්න යන්න එපා.

ඔවුන්ගේ කකුල් සහ පියාපත් මඟින් ඔබේ ආහාර මත බැක්ටීරියා පතුරවන බව ඔබ දන්නවාද...?

දැන් අපි දන්නවා මැස්සො කියන්නේම බැක්ටීරියා ගොඩක් කියන එක. අපි මෙච්චර වෙලා කතා කලේ මැස්සන්ගේ ඇඟ ඇතුළෙන් අපේ ආහාර වලට ඇතුල් කරන බැක්ටීරියා ගැන විතරයි. හැබැයි වැඩිම ක්ෂුද්ර ජීවීන් සංඛ්යාවක් ඔවුන්ගේ ශරීරයෙන් පිටත සොයාගත හැකි බව ඔබ දැන සිටියාද? නැන්යැන්ග් තාක්ෂණික විශ්ව විද්යාලයට අනුව, “මැස්සන් තබන සියගණනක්වූ සෑම පියවරකම ක්ෂුද්රජීවී ජනපද ධාවන පථයක්” ඇති කරනවා වශයෙන් ඔවුන් පරීක්ෂණ මගින් තහවුරුකරගන ප්රකාශ කර තිබෙනවා.එයින් අදහස් කරන්නේ ඔවුන් ස්පර්ශ කරන ඕනෑම දෙයක් බරපතල ලෙස ආසාදනය විය හැකි බවයි.

ඉතින් මේ විස්තර දැනගත්තට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ. තාමත් මැස්සෝ වහපු කෑම උන්ව එලවලා දාලා කන්න හිතෙනවාද? ඇත්තටම අපේ නොසැලකිලිමත් භාවය හා ගණන් නොගැනීම නිසා අපි ගොඩක් ලෙඩ රෝග වලට මේ මැස්සන් නිසා ගොදුරු වෙනවා. මොකද මැස්සා කියන්නේ පොෂ් කෑම කන සතෙක් නෙවෙයිනේ. මැස්සා කියන්නේ ඕනම මලජරාවකට වග කියන සතෙක්. අපි දන්නේ නැහැ අපේ කෑම වල වහල ඉන්න මැස්සා කොහෙ ඉදන් ආවාද කියලා. අපි දකින්නේ නැති නිසා අපි ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් අපි දන්නවා මැස්සා මොකක්ද අපි රස කර කර කන්න හදන කෑම එකට කරන්නේ කියලා. වැදගත්ම දේ අපේ කෑම එක තියන පෙරේත කමට ගිලින එක නෙවෙයි. අපේ සෞඛ්ය ගැන හිතලා ආහාර පරිභොජනය කරන්න වගබලාගන්න එක. සමහර වෙලාවට අපිට එක පාරට බඩේ අමාරු හැදෙනවා. අපි දන්නේ නැහැ කොහොම මොනවා වෙලා බඩේ අමාරු හැදෙනවද කියලා. ගොඩක් වෙලාවට මේ මැස්සා අපි දන්නේම නැතිව ඇවිත් අපිව ලෙඩ කරනවා. ඒ නිසා පාරවල් අයිනේ මැස්සො වහ වහ තියන කෑම කන්න හිතෙනවානම් මේ දේවල් ගැනත් හොඳට හිතලා ඉන්න.

සැක කළ ප්රමාණයට වඩා මැස්සන් විෂබීජ රැගෙන යන බව විද්යාඥයන් සොයාගෙන ඇත........

සැකකළ ප්රමාණයට වඩා මැස්සන් විෂබීජ රැගෙන යන බව විද්යාඥයින් පිරිසක් සොයාගනු ලැබ ඇත.
ගෘහාශ්රිතව වෙසෙන මැස්සා සහ ඉහඳ මැස්සා එක්ව 600 කට අධික විවිධ බැක්ටීරියා ප්රමාණයකට රැකවරණය දෙන බව .ඩී.එන්.ඒ. විශ්ලේෂණයකින් තහවුරුවී තිබේ.
ඉන් බොහොමයක් උදර රෝගකාරක ජීවින්, ලේ විෂවීම්, නියුමෝනියාව ඇතුළු මිනිසුන්ගේ ආසාදන හා සම්බන්ධය.
මැස්සන්ට උන්ගේ පාද හා පියාපත් මගින් බැක්ටීරියා ගෙනයාහැකි බව පර්යේෂණ තුළින් පෙන්නුම්කර තිබේ. මැස්සා තබන සැම පියවරක් පාසාම බැක්ටීරියා පතුරුවා හැරිය හැකි බව පර්යේෂකයන් පවසයි.
"මිනිස්සු තුළ මතයක් තියෙනවා මැස්සන් රෝගකාරක විෂබීජ රැගෙනයන බව. නමුත් කෙතෙක් දුරට එය නිවැරදිද, කෙතෙක් දුරට පතුරවාහැරිය හැකිද යන්න ගැන කිසිම අදහසක් නැහැ." යනුවෙන් ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාහි පෙන් ස්ටේට් විශ්වවිද්යාලයේ මහාචාර්ය ඩොනල්ඩ් බ්රයන්ට් බිබිසී සමග පැවසීය.

පැතිරීම....

ගෘහාශ්රිත මැස්සා (Musca domestica) සහ ඉහඳ මැස්සාගේ (Chrysomya megacephala) ශරීරය තුළ හා මතුපිට ක්ෂුද්රජීවීන් ඇති බව තහවුරු කරගැනීමට ඩී.එන්.ඒ. අනුක්රමික තාක්ෂණය භාවිත කරන ලදී.
ඒඅනුව, ලෝකය පුරා එක ලෙස පැතිර ඇති ගෘහාශ්රිත මැස්සා බැක්ටීරියා වර්ග 351 ක් පමණ රැස්කරන බවත්, උෂ්ණාධික පරිසරවල හමුවන ඉහඳ මැස්සා 316 ක් රැගෙන යනබව තහවුරුකරගෙන ඇත. ඒ අතරින් බොහොමයක් බැක්ටීරියා මේ දෙදෙනාම රැගෙන යයි.

මැස්සන් රෝග වාහකයන් බව උඩින් පල්ලෙන් පමණක් මහජන සෞඛ්ය නිලධාරීන් හදුනාගෙන ඇතිබව Scientific Reports නම් සංග්රහයේ තම වාර්තාව පළකරන පර්යේෂකයන්ගේ අදහසයි.

"අපි විශ්වාස කරනවා මහජන සෞඛ්ය නිලධාරීන්ගේ අවධානය ගිලිහී ගොස් ඇති රෝගකාරක විෂබීජ සම්ප්රේෂණය කිරීමේ යාන්ත්රණය මෙන්ම වසංගත තත්ත්වයකින් රෝග කාරක විෂබීජ වේගයෙන් සම්ප්රේෂණය කිරීම සඳහා මැස්සන් දායකවිය හැකි ආකාරය මෙයින් පෙන්වා දේවි කිය " මහාචාර්යවරයා පැවසීය.
"එය, ඊළග එළිමහන් සවාරියකදී අර්තාපල් සලාදය කන්නට ප්රථම දෙවරක් සිතන්නට ඔබට බලකරාවි." ඔහු වැඩිදුරටත් පැවසීය.
අපද්රව්ය මත, සත්ත්ව මළමත හෝ මළ සිරුරු මත වැසීමෙන් පසු ඒ සියල්ල ආහාර මත හෙලා ඒවා විනාශ කිරීම වැනි සනීපාරක්ෂාවට හානිකර චර්යාවට ගෘහාශ්රිත මැස්සන් බෙහෙවින් ප්රචලිතය. උන් සත්ත්ව සහ ශාක රෝගකාරක රාශියක් රැගෙනයන බව සැකකෙරේ.
ඉහඳ මැස්සා සත්ත්ව මළසිරුරු මත බහුලව හමුවේ. නගරාශ්රිත පෙදෙස්වල බහුල ලෙස දැකිය හැකි එම මැස්සා ආහාර සදහා මාංශ සකස්කරන ස්ථාන, කසල බහාලන ස්ථාන හා සතුන් මරණ ස්ථානවල බහුල හමුවේ

වැලි මැස්සාගෙන් මිනිසාට සිදුවන හානි....

"මේ රෝගී තත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ නිරාවරණය වී පවතින ශරීරයේ අවයවවලයි. මුහුණ, අත් සහ පාදවල තමයි රෝගී ලක්ෂණ දකින්න ලැබෙන්නේ."
උතුරු මැද සහ දකුණු පළාත්වල ව්යාප්ත වෙමින් පවතින වැලි මැසි උවදුර සෙසු පළාත්වලට ද පැතිර යෑමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ විද්යා පීඨයේ පරපෝෂවේදය පිළිබඳ අංශ ප්රධානී ආචාර්ය ඩබ්ලිව්.ඩී.එස්.ජේ වික්රමසිංහ පවසයි.
මදුරුවෙකුට සමාන වැලි මැස්සා (Sand fly) ලෙස හඳුන්වනු ලබන පරපෝෂිත කෘමි විශේෂය හරහා මිනිසුන්ට චර්ම රෝගයක් වැළඳෙන බව ආචාර්ය ඩබ්ලිව්.ඩී.එස්.ජේ වික්රමසිංහ කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

1972 වසරේදී පමණ මුලින්ම වාර්තා වූ ලීශ්මේනියෑසිස් ( Leishmaniasis) ලෙස හඳුන්වන චර්ම රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්යාව මේවන විට ඉහළ යමින් තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

දිස්ත්රික්ක කිහිපයක 'ඩෙංගු වසංගත තත්වයක්'ශ්රී ලංකාව මැලේරියාවෙන් 'නිදහස්' රටක්
ලීශ්මේනියෑසිස් චර්ම රෝගය වැළඳුණු රෝගීන් 2500 ක් පමණ ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති බවත් ආචාර්ය වික්රමසිංහ සඳහන් කළේය.
"වැලි මැස්සාගේ ගෑනු සතා මිනිස්සුන්ගෙ සහ සතුන්ගෙ ලේ බොනවා. ලේ බොන අවස්ථාවේ තමයි මේ රෝග කාරකය මිනිස් ශරීරයට ඇතුල් වෙන්නේ. මේ රෝගය විශේෂයෙන් සමේ ඇතිවන ආසාදනයක් ලෙස තමයි පැතිර යන්නේ," ඔහු පැවසීය.
ඇතැම් විට වැලි මැස්සන්ගෙන් සිදුවන ආසාදනය ශරීරයේ අභ්යන්තර අවයවවල ක්රියාකාරිත්වයට ද බලපෑම් එල්ල කරන බව ආචාර්යවරයා පෙන්වා දෙයි.
"මේ රෝගය හේතුවෙන් ශරීරයේ අභ්යන්තර අවයවවලට හානි සිදු වූ රෝගීන් ඉන්දියාව, බංගලාදේශය, නේපාලය වැනි රටවලින් වාර්තා වෙනවා. නමුත් ලංකාවේ එම රෝගී තත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවෙන් එවැනි රෝගීන් හය හත් දෙනෙක් පමණයි වාර්තා වී තිබෙන්නේ. එම රෝගී තත්වය නිසා ඔවුන්ගෙන් කීප දෙනෙක් මිය ගොස් තිබෙනවා,"

වැලි මැසි උවදුරෙන් ආරක්ෂා වීමට හැකි තරම් ශරීරය ආවරණය කර ගත යුතු බව කී ආචාර්ය වික්රමසිංහ රාත්රි නින්ද සඳහා මදුරු දැල් භාවිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.
"මේ රෝගී තත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ නිරාවරණය වී පවතින ශරීරයේ අවයවවලයි. මුහුණ, අත් සහ පාදවල තමයි රෝගී ලක්ෂණ දකින්න ලැබෙන්නේ." යැයි කී ආචාර්ය ඩබ්ලිව්.ඩී.එස්.ජේ වික්රමසිංහ වැලි මැස්සන් මර්දනය කිරීම දුෂ්කර කටයුත්තක් වී ඇති බවත් සඳහන් කළේය..

 උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්.. 

No description available.

No description available.

No description available.

No description available.

No description available.


Share This Article
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
මේ අපූරු ඡායාරූප එකතුව ඇස ගැටුනේ සමාජ මාධ්‍යයෙන්.කැමරා ඇස කියන්නෙ විවිධ වූ...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 676 Views
Top