එකම පෙම්වතාව බෙදා ගන්න, නිවුන් තරුණියන් දෙදෙනා කියන, අමුතුම කතාව
Tuesday, 28 July 2020 - 15:54 | Views - 5,185
නිවුන් දරුවන් ගැන අරුම පුදුම විදිහේ පුවත් නිතරම වගේ විදෙස් මාධ්‍ය-වලින් අහන්නට දකින්නට ලැබෙනවා.
 
මේ කියන්න හදන්නෙත් ඒ වගේ කතාවක්. අපි ඒ කතාව කියන්න ඔබව එක්කගෙන යනවා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට... දැනට 34 හැවිරිදි වියේ පසුව ඇනා හා ලුසී ඩෙසින්ක් නම් මෙම නිවුන් තරුණියන් දෙදෙනාට සිටින්නේ එකම පෙම්වතෙක්...

ඒ වාසනාවන්ත පෙම්වතා 39 හැවිරිදි බෙන් බර්න්. මොවුන් තිදෙනාම වාසය කරන්නේ එකටයි..
 
හැබැයි ඔන්න මේ නිවුන් තරුණියෝ දෙන්නට නම් තියෙන්නේ අමුතුම හීනයක්.
 
"අපිට එකට ගැබ්ගැනීමක් අත්විඳීමට අවශ්‍යයි. අපට ජීවිතයේ සෑම දෙයක්ම එකට අත්විඳින්න උවමනායි. අපි එකටම මැරෙනවා... එකටම වයසට යනවා..." මෙහෙම කියන්නේ ඇනා. ඇය කියන විදිහට ඔවුන් දැනටමත් මේ කියන "ළඳරු සැලසුම්" ක්‍රියාත්මක කරමින් ඉන්නවාලූ.. (නළදරු උපත් මාර්ගයෙන් කරන එක ගැනයි ඔවුන් මේ කියන්නේ.)
 
"අනාගතය කොහොම එකක්ද කියලා කවුද දන්නේ..? නමුත් අපි හැමවෙලේම එකට ඉන්න ඕන.."
 
මේ කාන්තාවන් දෙදෙනාම එකම පිරිමියෙකු හා වාසය කිරීම ගැන අහනකොට ලුසී දීලා තිබුණා අමුතුම උත්තරයක්.
 
"අපි කවදාවත් එකිනෙකාට ඊරිෂ්‍යා කරගන්නේ නැහැ. ඔහු ඇනා සිප ගත්තොත් මාවත් කෙළින්ම සිපගන්නවා.. ඔහු කිසිම විටෙක අපි දෙන්නාව වෙන් කරන්නේ නැහැ.."
 
"අපි ස්නානය කරන්නේ එකට.. එකම වෙලාවට නින්දට යනවා. අපිට බඩගිනි වෙන්නෙත් එකම වෙලාවට.."
 
"ඒක උමතුවක් වෙන්නැති... හැබැයි අපි ජීවිතේ විඳින්න ඕනි කොහොමද ඒ විදිහට විඳිනවා.."
 
Dailymail ඇසුරිනි.



Share This Article
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
මේ අපූරු ඡායාරූප එකතුව ඇස ගැටුනේ සමාජ මාධ්‍යයෙන්.කැමරා ඇස කියන්නෙ විවිධ වූ...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 668 Views
Friday, 26 April 2024
Hiru Tv Blog 97 Views
Top