මම මහණ වෙනවා කියලත් හදහනේ තියෙනවා
Monday, 15 April 2019 - 11:46 | Views - 1,349
පුබුදු චතුරංග කියන්නේ හැමෝගෙන්ම ආදරේ ලබන රංගන ශිල්පියෙක්. නිරන්තරයෙන් නිර්මාණ එක්ක දකින්න නොලැබුනත් විවිධ චරිත එක්ක සිනමාවෙන් ඔහුව දකින්න ලැබෙනවා. මේ ඔහු ගැනයි

⋆ ඔබේ කේන්දරේ
අදටත් තියෙන්නෙ මගේ අම්ම ගාව. පුංචි කාලේ ඉඳලා ඒකෙ සියලූ වැඩ කරේ අම්ම. අද වෙනකොට මට තියෙන කාර්ය බහුලත්වය නිසා උවමනාවක් වුණොත් ඒක බල වන්නෙ අම්මම තමයි.
 
 ⋆ කේන්දරේ ගැන මොකද හිතන්නේ
 ඉස්සර හිටපු සෘෂිවරු” කෙනෙක් මේ ලෝකෙට බිහි වෙන වේලාවේ තිබුණ ග්‍රහ චාරෙට අනුව ගණිත ක්‍රම උපයෝගී කරගෙන හදපු ශාස්ත්‍රයක්.
 
 ⋆ අපල කාල ගැන විශ්වාස කරනවද?
 කෙනෙක් පෙර ආත්මවල කරපු අකුසල කර්ම ඵලදෙන කාලේ තමයි. අපල කාලේ කියලා හැමෝම හඳුන්වන්නෙ. කාට වුණත් කරන පව් ගෙවන්න වෙනවා කියන එක මම විශ්වාස කරනවා. අපල සහ සපල කියලා ඔය කාල දෙක හඳුන්වන්න සමාජය පුරුදු වෙලා තියෙනවා.
 
 ⋆ නැකැත් අනුගමනය කරනවද?
 නැකැත් අනුගමනය කරන්න සිදුවෙච්ච තැන් තියෙනවා. විශේෂයෙන්ම මම විවාහ වුණ දවසෙ. හැබැයි හැම දේටම නැකැත් බලන්නෙ නෑ. ඉදිරියේදී වුණත් අවශ්‍යම දේකදී සමහර විට අනුගමනය කරයි.
 
 ⋆ දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය
බුදුරජාණන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. පිළිගන්න පුළුවන් සත්‍යයක් උන්වහන්සේගේ ධර්මය තුළ පැහැදිලිවම තියෙනවා. දෙවියන් ගැන බොහෝ වේලාවට තියෙන්නෙ පුරාවෘත. ඒත් දෙවියන් ගැන අපැහැදීමක් නෑ.
 
 ⋆ පුද පූජා ශාන්තිකර්මවලට දෙන තැන
 ඒ ගැන මගේ විශ්වාසයක් නෑ. එහෙමයි කියලා ඒ ගැන විශ්වාසයෙන් ඉන්න අය හෙළා දකින්නෙත් නෑ. ආත්ම විශ්වාසයෙන් නොසැලී නොවැටී එන බාධක දරාගන්න පුළුවන් අයට ඒවා ඕන නෑ කියලා මම හිතනවා. එහෙම බැරි කෙනෙක් එවැනි දේක පිහිටක් පතල ශාන්තියක් අත්කර ගන්නවා නම් ඒකෙ වැරැද්දකුත් නෑ කියලා තමයි හිතන්න වෙන්නෙ.
 
 ⋆ කේන්දරේ විශේෂයෙන් සඳහන් වූ කාරණ
 අම්මෝ කියන්න බැරි තරම් කාරණා මගේ කේන්දරේ සඳහන් වෙලා තිබුණා. කොටින්ම මම මහණ වෙනවා කියලත් ඕකේ තිබුණා. ඉදිරියේදී තමයි ඉතින් බලාගන්න වෙන්නේ ඒක ඇත්තද බොරුද කියලා.
 
 ⋆ නළුවෙක් වෙන බව එහි සඳහන් වුණා
 එකහෙළා මගේ කේන්දරේ මම නළුවෙක් වෙනවා කියන දේ සඳහන් වුණේ නෑ. මම දන්න විදියට. ඒ කාලේ කවුරු හරි කෙනෙක් කියලා තිබුණා කලා අංශයෙන් ඉහළට යනවා කියලා.
 
 ⋆ විවාහ වෙද්දී කේන්දරේ ප්‍රයෝජනයට ගත්තද?
 අනිවාර්යයෙන්ම.... මොකද ඒක මටවත් මගේ බිරිඳටවත් අපේ හිතුම ගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. ඒකට පවුල් දෙකක් එහෙමත් නැත්නම් පාර්ශ්ව දෙකක් මුල් වෙනවා. ඉතින් අපේ වැඩිහිටියෝ දැන් කේන්දර ගලපලා සුදුසු දින වකවානු තීරණය කරලා ඒ දිනේට හඳුනාගත්තු තැන්වල තමයි” විවාහය සිදු කෙරේ. එතනදී කේන්දරේ ප්‍රයෝජනයට ගත්තා.
 
 ⋆ රාහු කාලෙට බයද
 අපෝ නෑ. රාහු කාලවලි... ඒකට බිය වෙලා හිටිය නම් මට මේ වෙද්දී දායක වෙන්න සිද්ධ වෙන්නෙ. එක නිර්මාණයකට හෝ දෙකකට විතරයි. රාහු කාලේ ලබන්නෙ කොයිවෙලාවක්ද කියලා මම බලන්නෙ නෑ. ඒ ගැන දැනුමකුත් නෑ.
 
 ⋆ ලග්නය - ධනු
 
 ⋆ අවුරුද්දට කීපාරක් කේන්දරේ බලනවද?
මගේ අම්මා එහෙම කාල වකවානු හදාගෙන කේන්දරේ බලවනවා කියලා මම හිතන්නෙ නෑ. මම දන්න විදියට දැනට අවුරුද්දකට විතර ඉස්සරින් අපේ පවුලේ ජ්‍යෝතිර්වේදියට කියලා අපේ විවාහයට කලින් කේන්දර පරීක්‍ෂා කළා. ඒ වෙලාවේ කියවුණ දේවල් ගෙදරින් මට කිව්වා. ඊට පස්සේ තාම මගේ කේන්දරේ හොඳ ගැනවත් නරක ගැනවත් තවම නම් කිසිම අප්ඬේට් එකක් නෑ.
 
ධම්මික හේවාවසම්
දිවයින


Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 677 Views
Top