ස්විට්සර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පාපැදියකින් එන මෙරට තරුණයා.. (Photos)
Saturday, 21 October 2023 - 10:20 | Views - 674
අපි හැමෝටම හරි අපූරු ආශාවල් තියෙනවා.

ඒ අතරින් සංචාරය කියන්නෙත් අන්න ඒ වගේ විනෝදාංශයක්.

මේ කියන්න යන්නේ ස්විස්ටර්ලන්තයේ ජීවත් වෙන ලාංකික තරුනයෙක්ගේ හරි අපූරූ ගමනක් ගැන.

ඔහු අපූරූ සංචාරයකට එකතු වෙලා.

ඒ පාපැදියෙන් ස්විස්ටර්ලන්තයේ ඉඳලා ලංකාවට එන්න ඔහු තීරණය කරලා තිබුනේ පසුගියදා.

ඔහු දැන ඒ ගමනින් ටිකක් දුර ඇවිල්ලා.

සංචාරය කරන්න ආසාවෙන් ඉන්න අයට නම් මේ වගේ අවස්ථාවක් ලැබුනොත් මොනවා නොහිතෙයිද?

බලන්නකො මේ එයාගෙ ගමන ගැන එයාගේ මිතුරෙක් සටහන් කරලා තිබුන සමාජ ජාලා සටහනක්.

දිනේශ් ළහිරු කියන්නෙ කොත්මලේ ඉපදිලා දැන් ස්විට්සර්ලන්තයේ ජීවත්වෙන සහ රැකියාව කරන අපේ කොල්ලෙක්..

එයා එයාගෙ විනෝදාංශය විදියට hiking, cycling, කරනවා..

ඉතින් 2023 සැප්තැම්බර් 21 එයා ස්විට්සර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පාපැදියකින් එන්න ඉතිහාසගත චාරිකාවක් පටන්ගත්තා..

ඉතා අමාරු, දුර්ග මාර්ග ඔස්සේ මේ එන ඉතිහාසගතවන ගමන මාස 10ක් තුල පැමිනීමට තමා ඔහු සැලසුම් කරල තියෙන්නෙ...

ස්විට්සර්ලන්තය -ඉතාලිය ස්ලෝවේනියාව - ක්‍රොයේශියාව - තුර්කිය - බල්ගේරියාව -සර්බියාව ඉරානය - පකිස්තානය - ඉන්දියාව හරහා ශ්‍රී ලංකාව

ඉන්දියාව දක්වා ගොඩ බිම ඔස්සේ පාපැදියෙන්ම පැමිණීමට ඔහු තීරණය කර ඇති අතර ඉන්දියාවේ දකුණු කෙලවර සිට ශ්‍රී ලංකාවට යාත්‍රාවක් ආධාරයෙන් පැමිණේ...

ඉතින් මේ ඉතිහාස ගතවන චාරිකා ආරම්භ කරලා අදට දින 15ක් වෙනවා.. දැන් ඔහු ක්‍රොයේශියාව තුලින් ගමන් කරමින් සිටින්නේ..අපි සියලු දෙනාව එක්ව ඔහුට ආශිර්වාද කරමු... 










Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 677 Views
Top