මොන දේ කළත් අපි දරුවා ගැන හිතලා තමයි, දෙවනුව වැඩ ගැන හිතන්නේ
Friday, 06 December 2019 - 12:41 | Views - 4,883
කාලෙකට පස්සේ නේද ඔබ නැවැත ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ?
අවුරුද්දකට විතර පස්සේ තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. පුතාගේ වැඩකටයුතු නිසා මම පොඩි කාලයක් ගෙදරට වෙලා ඉන්න කොට තමයි අලුත් ටෙලිනාට්‍යයක පිටපත මගේ සුරතට ලැබුණේ. එය කියවලා බලන කොට මට ලැබුණු  චරිතය තුළින් මට දෙයක් කරන්න පුළුවන් නිසා මම ආසාවෙන් ඇය ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. සමන් කුමාර ලියනගේ හොඳ නිර්මාණ අධ්‍යක්‍ෂකවරයෙක්. ඉතින් මම දෙපාරක් නොහිතා මට ලැබුණු ආරාධනාව භාරගත්තා. මට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන්.

පසුගිය දවස ඔබත් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තා නේද?
මගේ ලොකු ආසාවක් තිබුණා එවැනි තරගයකට සම්බන්ධ වෙන්න. 2019 මිස් ශ්‍රී ලංකා තරගාවලියේ ජයග්‍රහණ කිරුළ මට හිමි වුණා. මේ හැම දේම මට ලැබෙන්නේ මගේ පුතාගේ වාසනාවට කියලයි මම හිතන්නේ. මම ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා.

ඔබට සැමියාගෙන් මොනවගේ සහායක්ද ලැබෙන්නෙ ඔබගේ නිර්මාණ කටයුතු සඳහා?
එයා මටත් වඩා උනන්දුවෙන් මාව දිරිගන්වන එක තමයි කරන්නේ. අපි දෙන්නාගේ එකම සම්පත අපේ දරුවා. මොන දේ කළත් අපි දරුවා ගැන හිතලා තමයි දෙවනුව වැඩ ගැන හිතන්නේ. මගේ නිර්මාණ වැඩකටයුතුවලට ඔහුගෙන් කිසිම බාධාවක් නැහැ. හැමදේම සමබරව කරගෙන අපි සතුටින් ඉන්නවා. පවුලක වටින එකම දෙය සතුට විතරයි.

ජනප්‍රියතාව වෙනුවෙන් ගොඩදෙනෙක් කරන්නේ ගොසිප් මවන එක. ඔබටත් ගොසිප් මවනවාද?
ගොසිප් කියන දේ ඕනෑම කෙනෙක්ට ලැබෙන දෙයක්. ඉතින් සමහරු වුවමනාවෙන් ගොසිප් හදාගන්නවා. මම ගොසිප් කියන දේවල් එතරම් විශ්වාස කරන්නේ නැහැ. මට එහෙම ගොසිප් හැදිලත් නැහැ.

නිලන්ති රේණුකා

Image result for maheshi madushanka
Image result for maheshi madushanka
Related image
Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 679 Views
Top