දරුඵල පමා නොකර ජයගන්නට ආයුර්වේද ප‍්‍රතිකාර
Thursday, 30 May 2019 - 9:11 | Views - 1,939
වත්මන් ජීවන රටාවත් ආහාර ක‍්‍රමයත් හේතුවෙන් අතීතයේ නොපැවති රෝග ගණනාවක් අලූතින් හඳුනාගෙන ඇත. එන්ඩොමෙටි‍්‍රයෝසිස් නමින් හඳුන්වන කාන්තා රෝගයද එබඳු රෝගයකි. ඔසප් වීමේදී අධික වේදනාවක් හෝ දරුඵල පතන කාන්තාවන්ගේ දරුඵල ප‍්‍රමාදයට හේතුවක් ලෙස හඳුනා ගන්නා මෙම රෝග තත්ත්වය විවිධ වයස් සීමාවන්වල විවාහක මෙන්ම අවිවාහක කාන්තාවන් අතර දක්නට ලැබේ.
 
එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගයේ ප‍්‍රධාන ලක්ෂණය වන්නේ ඔසප්වීම ආශි‍්‍රත අධික උදර වේදනාවයි. මෙය ඔසප්වීම ආරම්භයත් සමඟ ඇතිවී එය පවතින තාක් පැවැතිය හැක. ඇතැම් විට ඊට පසුවද පැවැතිය හැක. නමුත් කලාතුරකින් කාන්තාවකට වේදනාව රහිතවද මේ තත්ත්වය ඇති වේ.
 

මෙම රෝගයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ඔසප් වීමේදී රුධිරය බවට පත්වී පිට වන ගර්භාෂයේ ඇතුළු ආස්තරණය එයින් පිටත ශරීරයේ වෙනත් ස්ථාන ආශි‍්‍රතව තැන්පත් වීමයි. (ඩිම්බ කෝෂ පැලෝපීයනාල ගර්භාෂයේ බාහිර බිත්තිය මත උදර කුහරයේ ඇතුළත ආදී ස්ථාන මෙලෙස තැන්පත් වීමට අවස්ථාව වැඩිපුර ඇති ස්ථාන වේ.) කලාතුරකින් මුත‍්‍රාශය ගුදය  ආදී ස්ථාන වල මෙම පටක වර්ධනය දැකගත හැකිය.
 
මෙම පටක ස්වභාවයෙන් ම ඔසප් වීම ආශි‍්‍රතව හෝමෝන වෙනසකට සංවේදී නිසා ඔසප්  වීම ආරම්භයත් සමග කි‍්‍රයාත්මක වේ. එහිදි ඔසප් වීම ආශි‍්‍රතව අධික වේදනාවක් හටගනී. ඊට අමතරව අඹු සැමි සබඳතාවදී අධික වේදනාවක් ගෙනදීමත් අපිළිවෙලට සිදුවන ඔසප් රුධිර වහනයත්   රෝගයේ ලක්ෂණ ලෙස දැක්විය හැකිය.
 
නාභිය හෝ උදරය ආශි‍්‍රතව කරන ලද සැත්කම් පවතී නම් ඒ ආශි‍්‍රතව ශ‍්‍රාව ගැලීම් මෙන්ම ලේ වහනයන්ද වාර්තා  විය හැක. මෙම රෝගයේ අතුරු උපද්‍රව ලෙස ඔසප්වීමේදී කි‍්‍රයාත්මක වන එන්ඩොමෙටි‍්‍රයම් පටක හේතුවෙන් උදර කුහරය තුළ ඇලීම් ඇති වේ.
 
එමෙන්ම මෙම පටක ද්‍රවයන් පිරී බුබුලු ආකාරයට එක්රැස්වීම  දැකිය හැක.  ඒ තුළ රුධිරය එකතු වීමෙන් චොකලට් ආකාර උකු තරලයක් දක්නට ලැබෙන හෙයින් එකී තත්ත්වය නමින් ද හඳුන්වයි. මේ තත්ත්වය එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගයෙහි අතුරු උපද්‍රවයකි. දරුඵල ප‍්‍රමාදයට මෙම රෝගයේදි දක්නට ලැබෙන ඉතා සුලභ තත්ත්වයකි. එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගය නිසා ඩිම්බ පිටවීමට බාදා ඇති වීම ගර්භාෂය පැලෝපීය නාල වල පිහිටීම වෙනස් වීම නාල අවරෝධය ආදිය සිදු වෙයි.
 
එම නිසා දරුඵල ප‍්‍රමාද වීම හා මෙම රෝගය ඉතා ළඟ සම්බන්ධතා ඇත. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේදී මේ රෝගය හා ආශි‍්‍රත රෝග තත්ත්ව විස්තරව  පවතී. එහිදීද රෝගයට මූලික වන ප‍්‍රධාන දෝෂය ලෙස වාත දෝෂය හඳුනාගෙන ඇත . රෝගය කි‍්‍රයාත්මක වීම පාලනයට හා උපද්‍රවකාරි  තත්ත්වයන්ට යා නොදී පැවැත්වීමට කළ යුතු උපක‍්‍රම හා වැළැක්විය යුතු  දේ ආදිය ආයුර්වේදයේ  විස්තර කර පවතී .
 
මෙම රෝගය හඳුනාගැනීමට ස්කෑන් පරීක්ෂණ හෝ හෝමෝන පරීක්ෂණ මගින් අපහසු වන අතර රෝගය හඳුනා ගැනීමට ඇති හොඳම පරීක්ෂණය ලැපරස්කොපි පරික්ෂාවයි.   ලැපරස්කොපි පරීක්ෂණයේදී සිදු කරන්නේ නිර්වින්දනයක් යටතේ පෙකණිවැල සිදුරු කර ආරක්ෂාකාරීව එය තුළට සියුම් කැමරාවක් යවා උදරය පියවි ඇසින් පරීක්ෂා කර බැලීමයි. මෙලෙස පරීක්ෂා කර බැලීමේදී ගර්භාෂය මතුපිට සහ ඒ ආශි‍්‍රත පටක මත කුඩා දැවී ගිය ලප වැනි එන්ඩොමෙටි‍්‍රයෝසිස් පටක දැකිය හැකිය.
 

ප‍්‍රචලිත වෛද්‍ය ක‍්‍රමවලදී මෙම රෝග පාලනය සඳහා ශල්‍යමය ප‍්‍රතිකාර භාවිත කරයි. එමෙන්ම හෝමෝනමය ප‍්‍රතිකාර මගින් ඔසප් වීම නවතා තබයි. එබඳු ප‍්‍රතිකාර වලදී කාන්තාව දරුඵල අපේක්ෂා කරයි නම් එහි ප‍්‍රමාද වීමක් ඇතිවිය හැක. නමුත් ආයුර්වේදයේදී ප‍්‍රතිකාර පෙලගස්වා ඇත්තේ රෝග තත්ත්වය පාලනය කරන ගමන්ම කාන්තාවගේ සරුබව වැඩිදියුණු කිරීම අරමුණු කරගෙනය. එබැවින් ප‍්‍රතිකාර ගන්නා කාලයේදී දරුඵල ප‍්‍රමාද කිරීමට අවශ්‍ය නොවේ. ඊට අමතරව ශල්‍යකර්ම වලින් තොරව රෝගය පාලනය කළ හැකි  වීම ආයුර්වේද ප‍්‍රතිකර්මවල පවතින විශේෂිත වාසියකි.
 
මෙහිදී ලබාදෙන ආයුර්වේද ප‍්‍රතිකාර ලෙස වේදනා නාශකයන් ආර්තව රුධිරයේ නිසි ගමනක් ඇති කිරීම සඳහා වාත ශමන ප‍්‍රතිකාර කිරීම මූලික වේ. මසකට වරක් ඔසප්වීම සමග කි‍්‍රයාත්මක වන පටකවල උපද්‍රව අවම කිරීම සඳහා ආසාදන වළක්වන ප‍්‍රතිකාර කෙරෙහිද අවධානය යොමු වේ. එමෙන්ම හෝමෝන කි‍්‍රයාව සමතුලිත කරන ප‍්‍රතිකාර භාවිත කරයි.
 
ඒවා මුඛයෙන් ගන්නා ඖෂධ මෙන්ම බාහිරව සිදුකරන තෙල් ගෑම තැවීම ආදිය ද වේ.මෙම රෝග තත්ත්වයෙන් මිදීමට ආහාරයට ගත යුතු සුදුසු ආහාර පිළිබඳව මෙන්ම නුසුදුසු ආහාර පාන පිළිබඳවද  සැලකිලිමත් විය යුතුය. මේ සඳහා සුදුසු ආහාර ලෙස ධාන්‍ය නොපාහින ලද (කුරුට්ට සහිත) සහල් වර්ග ධාන්‍ය කව්පි මුංඇට තෝර පරිප්පු කුරක්කන් කොල්ලූ මිරිස් ආදියද  සුදුසු  එළවළු ලෙස සියලූ දේශීය එළවළු වර්ගද දැක්විය හැක.
 
රාබු, ගෝවා, මල් මුරුංගා, ගෝවා වැනි දේවල්ද නාරං ජම්බෝල තැඹිලි කහ පැහැති පලතුරු (විටමින් බී) ද සුදුසු පලාවර්ග ලෙස අසමෝදම් මින්චි  මුකුණුවැන්න ගොටුකොළ වාතභංග (ලෙට්ට කොචිචි) රාබු කොළ ගෝවා කොළ ද එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගයට ගුණදායකය. සුදුසු පාන වර්ග ලෙස අසමෝදගම් ඇට තම්බා පානය, වෙලිවැල්ගැට තම්බා  පානය, බෙලිමල් තම්බා පානය, දෙහියුෂ මී පැණි සමග පානය, මෙන්ම බැබිල සුදු ඵෑනු තම්බා පානයද කොත්තමල්ලි කුඩු කර උණු වතුරින් තම්බා පානය ද සුදුසුය. එමෙන්ම සුදුසු කුඵබඩු අතර සූදුරු කොත්තමල්ලි පෙරුම්කායම්, අසමෝදගම්, සුදු ලූණු ද සුදුසුය.
 
එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගී කාන්තාවන්ට නුසුදුසු ආහාරද කිහිපයකි. ඒ අතර පාහින ලද සහල් හා වෙනත් ධාන්‍ය මෙන්ම ඒවායෙන් සැකසූ පිටි සහ වෙනත් ආහාර ද සුදු සීනි හා ඒවා අඩංගු ආහාර රතු මස් (හරක් මස් වැනි) සකස් කරන ලද මස් සොසේජස් හැම් බේකන් සලාම් මීට් බෝල්ස් ආදියද සෝයා අඩංගු ආහාර අඩංගු බැවින් නල ජලය (පිරිසිදු කිරීමේදී එකතුවන ෘසදංසබ නම් රසායනිකය නිසා) මද්‍යසාර වර්ග කෝපි කැෆේන් අඩංගු පාන  වර්ගද නුසුදුසු ය.
 
චමිලා අල්විස්
Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 679 Views
Top