නහර ගැට ගැසීම හොඳ කරන හෙළ සත්කාරය
Sunday, 04 February 2024 - 12:58 | Views - 404
පාද වල නහර ගැට ගැසීම නිසා පීඩා විඳින, වේදනා විඳින රෝගීන්ට සැත්කමකට මුහුණ නොදී හෙළ වෙද ප්‍රතිකර්මයකින් සම්පූර්ණ සුවය ලබන්නට පුළුවන් අගනා බෙහෙත් වට්ටෝරුවක් අපේ පාරම්පරික වෙද පොත්වල සඳහන් වෙනවා.

දෙපාවල නහර ගැට ගැසීම ආයුර්වේදයේ හඳුන්වන්නේ ‘ශිරා ගැටිති’ යනුවෙන්. රුධිරය ගෙන යන ශිරා නාළිකා වල තෙල් තැන්පත් වීමෙන් මෙම රෝග තත්වය හටගන්නා බවයි අපේ ඉපැරණි වෙද පතපොතෙහි සඳහන් වෙන්නේ.

මේ සඳහා ප්‍රතිකාර කරද්දී දෙපා සේදීමට කිසිම විටෙක ‘ඇල් වතුර’ පාවිච්චි කිරීම සුදුසු වන්නේ නැහැ. මඳ රස්නය ඇති උණු ජලයෙන් තමයි දෙපා සේදිය යුතු වන්නේ.

මෙම ප්‍රතිකාරය සාදා ගැනීමට නික කොළ මිටක් පමණ ගෙන එය පිරිසිදු කර සිහින්ව ලියා ගන්න. තරමක ඉඟුරු කැබැල්ලක්, සුදු ලූණු බික් කීපයක්, උළු හාල් මිටක්, වංගෙඩියක් හෝ බ්ලෙන්ඩරයක් භාවිතා කර ඉතා සිනිඳු වනතුරු අඹරාගත යුතුයි. එසේ අඹරා ගැනීමේදී ජලය එක් බිඳුවක් හෝ ඊට එක් නොකළ යුතුයි.

අඹරා ගත් මෙම මිශ්‍රණය මිරිස් ගුලියක් මෙන් හදාගෙන පසෙකින් තබාගන්න. ඊළඟට නැවුම් මුට්ටියක් ගෙන පිරිසිදු හුඹස් මැටි අඬු කෝප්පයක් ගෙන ඊට අඬු කෝප්ප 1,1/2ක් වන පරිදි ජලය එකතුකර හොඳින් මිශ්‍රකර ලිප තබා ගන්න.එය උකු පදමට පැමිණි පසු ලිපෙන් බා, කලින් පිළියෙල කරගත් මිශ්‍රණය ඊට හොඳින් කලවම් කරගන්න. ඉන්පසුව වසා තබන්න.

ඉන්පසුව රාත්‍රී කාලයේ දී ගැට ගැසුන නහර සහිත දෙපා මද රස්නය ඇති වතුරෙන් සෝදා හොඳින් පිස දමා ගන්න. ඊළඟට පිළියෙල කරගත් ඔසු මිශ්‍රණය ආබාධ සහිත ප්‍රදේශයේ ආලේප කරන්න. එය පැය 12 ක පමණ කාලයක් තිබෙන්නට හරින්න. නිදාගන්නා විට තමන්ගේ සිරුර ඇඳෙහි පවතින උස මට්ටමට වඩා උසකින් දෙපා තබාගන්න. සති 06 ක්, සති 08 ක් අතර කාලයක් මේ ප්‍රතිකාර එක දිගට භාවිතා කරන්න. එම කාල සීමාවේදී ඇල්වතුරෙන් දෙපා තෙමා ගැනීම නොකළ යුතුයි. ස්නානයේ දී මද රස්නය සහිත ජලය භාවිතා කරනවා නම් ඉතා සුදුසුයි.

විශේෂයෙන් මේ කාලය තුළ දී මුං ඇට, මෑ කරල්, වම්බටු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුමයි. සති 06 ක්, සති 08 ක් අතර කාලයක් ගත වෙද්දී සියලුම වේදනාවන් පහව ගොස් මනා සුවයක් දැනෙනු ඇත.


Share This Article
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
මේ අපූරු ඡායාරූප එකතුව ඇස ගැටුනේ සමාජ මාධ්‍යයෙන්.කැමරා ඇස කියන්නෙ විවිධ වූ...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 676 Views
Top