රෝග නසන කරවිල යුෂවල ඇති , විශ්මිත ගුණ
Wednesday, 10 April 2024 - 13:08 | Views - 339

කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ කට ඇඹුල් වෙලා යන එළවළුවක්නේ. ඒ උනාට බත්පත රස ගන්වන්නට කරවිලවලින් ලැබෙන දායකත්වය ඉහළයි. කරියට පිසුවත්, තෙළට සිඳුවා ගත්තත්, සලාදයකට ගත්තත් කරවිල පුදුමාකාර රසයි. ඒ තිත්ත රසය වුණත් දිවට මිහිරක්ද ගෙන එයි. මේ කියන්න යන්නේ නම් කරවිල පිසින හැටි ගැන නොවේ. ඇතැමුන් තිත්තයි කියා ඉවත දමන කරවිලවල ගුණය ඒ අය නොදන්න වග නිසැකයි. මේ ලිපිය කියවීමෙන් පසු ඖෂධීය ගුණයෙන් වඩාත් පොහොසත් කරවිල ආයුර්වේද වෛද්‍ය ශාස්ත‍්‍රයට අනුව කෙතරම් වැදගත්ද කියා ඔබටම වැටහේවි.

කරවිලවල වෙනත් වර්ගද දකින්නට ලැබෙනවා. ඒ හෙළ කරවිල, බටු කරවිල සහ තුඹ කරවිල වගේ ප‍්‍රභේද කිහිපයක්. අපි දැන් බලමු කරවිල වල තියෙන ඖෂධීය ගුණය මොන වගේ එකක් ද කියල කරවිල ඖෂධීය ගුණය අසීමිතව අඩංගු හොඳ ආහාරයක්. විශේෂයෙන්ම මධුමේහ (දියවැඩියාව)රෝගීන්ට කරවිල ඉතාමත් ගුණ කෑමක්. දියවැඩියාව සඳහා වැඩි වශයෙන්ම ගුණ ඇත්තේ අමුවෙන් ගත් කරවිල යුෂ වලයි. කරවිල බීජ ආහාරයට ගැනීම මගින් පිළිකා ෙසෙල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති. ඉක්මනින් ආහාර දිරවීමට, ආමාශය නීරෝගී වීමට, කරවිල ඉතාම යෝග්‍යයි.

සිරුරෙහි ඇතිවන බාහිර ආබාධයන් සඳහාද කරවිල අසීමිතව ගුණ ගෙන දෙයි. දද-කුෂ්ඨ සඳහා වඩාත් සුවදායකය. වේදනාවන් කැක්කුම් සමනය කොට ශාරීරික දාහයද නැති කර දමයි.  පෑරුණු තුවාල වේ නම් ඒවායෙහි මස් වැඞීම සිදු කරවයි. පිත්තය සහ ඉදිමුම් සමනය කර දමයි. ලේ පිරිසුදු කර සෙම් රෝග සමනය කර දමා බඩගින්න වඩවයි.

අර්ශස් රෝගීන් සඳහා කරවිල යුෂ අමුවෙන් පානය සඳහාත් යම්තමට පිස ව්‍යංජනයක් ලෙසත් දෙනු ලබයි. විශේෂයෙන් පාසානම් විසට කරවිල යුෂ ඉතාම අගනේය. උග‍්‍ර සර්ප විසට, සුදු පාසානම් විසට ද කරවිල යුෂ භාවිතයෙන් සාදා ගත හැකි ඖෂධ කදිමය. කුඩා දරුවන්ට නිතර ඇතිවන සමේ තුවාලවලට කරවිල කොළ තැම්බූ වතුරෙන් සේදීම සුදුසු වනවා. හුගක් දරුවන් කරවිල කන්නේ නැත්තේ තිත්ත රස නිසයි. ඒ නිසා තිත්ත රස ඉවත් කිරීමට කෙමක් තිබෙනවා. එනම් කතා නොකර කරවිල කැපූවිට කරවිලවල තිත්ත රස නැති කර ගත හැකි වීමයි.

රාත‍්‍රියේ හදිසියේ සර්පයකු දෂ්ට කළවිට ඒ සඳහා භාවිතයට ගන්නා ඖෂධයන්හි ගුණය කරවිල හේතුවෙන් හීන වන නිසා ගම්බද වැසියෝ බොහෝ විට රාත‍්‍රි ආහාරයට කරවිල එක්කර ගැනීමෙන් වැළැකී සිටිති.

ඇතැමුන් කරවිල පිසින විට කුඩා කැබැලි කපා ලූණු වතුරෙහි දමා පොගවති. තිත්ත රසය නැසීමට එසේ කළද කරවිලවල ගුණයත් ඖෂධීය වටිනාකමත් රැුඳී තිබෙන්නේ එකී තිත්ත රසයෙහිමය. කරවිල තෙලෙහි බැද ගැනීමෙන් සිදු වන්නේද එහි ගුණය නසා දැමීමකි. කරවිල තම්බා අනුභවය සඳහා ගැනීම වගේම අමුවෙන් යුෂ පෙරා පානයට ගැනීමෙන් ලේ පිරිසුදුව සමද පැහැපත් වේ. තම්බන විට කරවිල යම්තමට තම්බා ගැනීම යහපත්ය. රස ඖෂධ නිෂ්පාදනයේ දී විස නැසීම සඳහා භාවිතයට ගන්නා ඖෂධ සඳහා කරවිල යුෂ හොඳ දායකත්වයකි.

 කරවිල මුසු කර සකස් කරන අත් බෙහෙත්,

සරම්ප, පැපොල, වසූරිය වැනි රෝගයන්හිදී කරවිල කොළ කොටා යුෂ බීමට දීම ගුණදායකය.
කරවිල යම්තමට තම්බා ලූණු ඉස කෑමට ගැනීමෙන් දියවැඩියාව සහ සමේ රෝගයනටද සුවදායක සහනයක් ලැබෙනවා.

 කුඩා දරුවනට රාත‍්‍රි නින්දට පෙර කරවිල යුෂ තේ හැඳි 1 හෝ 2ක් බීමට දීමෙන් කිරිපණු රෝගය සුවවේ.

 අර්ශස් රෝග සමනයට කරවිල වලින් තෛලයක් හදමු

*කොහිල අල යුෂ අඬු කෝප්ප 4යි
*තුඹ කරවිල යුෂ අඬු කෝප්ප 8යි
*කිඩාරම් අල යුෂ අඬු කෝප්ප් 4යි
*තලතෙල් අඬු කෝප්ප 4යි

සීනක්කාරම්, වෙඩිලූණු, ඉගුරු, ගම්මිරිස්, මී මිනි මයිල්, බදුල්ල ඇට, දළුක් ඇට, පෙරුම්කායම්, ගලීස් යනාදිය කළං 1 බැගින් ගෙන වෙන්කර ගන්න. පසුව ඒ සියල්ල හොඳින් ගුළියක් ලෙස අඹරා ගන්න.
එයට පසුව ඉහත සඳහන් කළ යුෂ වර්ග සියල්ල තලතෙල් සමග සිඳුවා ගන්න. තෙල තරමකට සිඳීගෙන එනවිට අඹරා ගත් (කල්කය) ගුළිය එයටම එක්කර තෛලය පත එකට සිද ගන්න
අර්ශස් රෝගයේදී ගෙඩි එළියට පැමි”ම ස්වාභාවිකය. වැසිකිළි යෑමෙන් පසුව හොඳින් සෝදා තෙතමාත්තුකර ඉහත තෛලය එතැන ආලේප කරන්න. රෝගියාට හොඳ සුව සහනයක් දැනෙන බව නිසැකවම කිව හැකිය.

පොතු කබර රෝගය සඳහා,

කරවිල සමග එහි මුල ගෙන චූර්ණයකර ගන්න. එයට පසුව කුරුඳු පොතු, තිප්පිලි කුඩු සමව ගෙන එයට හාල් පිටි දමා තුවරක තෛලයෙන් අනා ඉහත චූර්ණය ද එක්කර හොඳින් මුසුකර ගන්න. මෙම ඖෂධය බාහිර ආලේපය සඳහාය. සැරව ගලන දද කුෂ්ඨ සඳහාද මෙය සුවදායක වේ.

කරවිල මුල් හෝ කරවිල මුසු කොට සෑදූ යෝග වර්ග ගර්භනී  සමයේ හිඳින මවුවරුනට නුසුදුසුය.

( උපුටාගැනීම )


Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 687 Views
Top