අභ්‍යවකාශයට ගිය අලුත්ම චන්ද්‍රිකාව... තවත් විශ්වයක ආරම්භයක් ද?
Friday, 05 April 2024 - 13:44 | Views - 161

විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ දන්නවා ඇති. ලෝකය බිහිවීම පිළිබඳව විවිධ යුගයන්හිදී විවිධ දාර්ශනිකයන් රැගෙන ආ ඇතැම් මතවාදයන්  පසුකලෙක බිඳවැටුණු අතර තවත් සමහර මතවාද තව දුරටත් කල්පිත ලෙස පවතිනවා. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළිගනු ලබන්නේ මහා පිපුරුම් වාදය නම් මතවාදයයි. මහා පිපුරුම් වාදය සිදුවූයේ කුමන වර්ෂයක දැයි නිශ්චිතව කියන්න හැකියාවක් නැහැ. මහා පපුරුම යන වදන බිහිවූයේ මෙම වාදය සොයා ගත් ජෝජ්ස් ලේමාටර් විද්‍යාඥවරයාට විරුද්ධ මතධාරී විද්‍යාඥයකු විසින් එල්ල කරන ලද ඇනුම්පදයක ප්‍රතිඵලයක් නිසායි. ඔහු කතෝලික පූජකවරයකු වූ හෙයින් බොහෝ දෙනකුගෙ අදහස වූයේ මෙම වාදය මැවුම්වාදය විද්‍යාත්මක වශයෙන් සාධාරණීකරණය කිරීමට ගෙතූ මතවාදයක් බවයි.

දහනව වන සියවසෙහි අවසානය වන විට බිහිවූ බොහෝ විද්වතුන්ගේ කියවීම අනුව විශ්වයේ බිහිවීමට ආරම්භයක් හෝ අවසානයක් නොමැති බවත් එය ස්ථාවරව වෙනස් නොවී (Static එනම් ස්ථිතික) පවතිනවා යන්නත් ප්‍රකාශ වුණා. විශ්වයේ ආරම්භයක් ගැන කියවෙන බයිබලයෙහි සහ හින්දු දහමෙහි මැවීම්වාදයට මේ මතවාදයේ කියවීමට එකඟ වුණේ නැහැ. නූතන විශ්ව විද්‍යා පුරෝගාමියෙක් වන ගණිතඥයෙක්, අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වූ  ලූවන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය බෙල්ජියානු පීතෘවර ජෝර්ජස් හෙන්රි ජෝශප් ඇඩ්වර්ඩ් ලෙමාට්රේ (Georges Henri Joseph Édouard Lemaître, 1894 -1966) තමයි මුල් වරට මහා පිපුරුම්වා සංකල්පය ඉදිරිපත් කරන්නේ.

අවුරුදු බිලියන 13.8ට පෙර සිදුවූ මහා පිපුරුමෙන් පසු විශ්වයේ පැවැතියේ ප්ලාස්මා අවස්ථාවේ පවතින පදාර්ථයක් විධියට. මෙය අයනීකරණය වූ පරමාණු සහ නිදහසේ ගමන් කරන ඉලෙක්ට්‍රෝනවලින් සමන්විත වූ අතර අධික උෂ්ණත්වයකින් යුක්ත වුණා. මෙම ප්ලාස්මා මඟින් ආලෝකය උරාගත් නිසා විශ්වය විනිවිදභාවයකින් තොරව පැවතුණා. විශ්වය සීතල වීම සහ ප්‍රසාරණය වීම නිසා ප්ලාස්මා අවස්ථාවේ පැවැති පදාර්ථය ක්‍රමයෙන්

සාමාන්‍ය පදාර්ථයක් බවට පත් වෙනවා. මෙම සාමාන්‍ය පදාර්ථය සඳහා ආලෝකය උරා ගැනීමේ හැකියාව නැති නිසා විශ්වය අ¾දුරු බවින් මිදී විනිවිද පෙනෙන්නට වුණා. එම කාලය වන විට මහා පිපුරුම සිදුවීමෙන් අවුරුදු 375,000 පමණ ගත වී තිබුණා. මෙලෙස ක්‍රමයෙන් උරාගත් ආලෝක ශක්තිය එම පදාර්ථ මඟින් විමෝචනය කෙරුණේ විද්‍යුත් චුම්බක තරංග ආකාරයක්ම වන ක්‍ෂුද්‍ර තරංග ලෙසයි. වර්තමානය වන විට පෘථිවියට ලැබෙන එම ක්ෂුද්‍ර තරංග විශ්වය ආරම්භයේ වන කාලයේදී විමෝචනය වූ තරංගයි. මෙම තරංග සිතියම් ගත කොට විශ්වයේ ආරම්භය

ඡායාරූපයක් සකස් කිරීමට 2001 වසරේ NASA ආයතනය මඟින් WMAP චන්ද්‍රිකාව ගුවන් ගත කළා. මෙම චන්ද්‍රිකාව ලබාදුන් දත්තයන් මඟින් පසුව එය ඡායාරූප ගත කර තිබුණා. මේ අනුව බලන විට මෙම මහා පිපුරුම් වාදය හුදු උපකල්පනයක් නොවන බව අපිට කියන්න පුළුවන්. අපි දැන් දන්නවා එක් විනාශයකින් අනතුරුව තමයි නව ආරම්භයක් සිදුවන්නේ කියලා. අපි දැන් සිටින්නේ මහා විනාශයක් අද්දර කිව්වොත් ඔබ විශ්වාස කරන්නේ නැතිව ඇති. අපි අද කතා කරන්නේ විශ්වයේ සිදුවන ගැමා කිරණ පිපුරුම් (Gamma Ray Explosions) පිළිබඳවයි.

මුලින්ම මේ ලිපිය කියවන ඔබ මෙසේ සිතන්න. ඔබට ආලෝක වර්ෂ මිලියන සියයක් ඇතුළත සෑම තාරකාවකින්ම ශක්තිය රැස් කර ගැනීමට හැකියාවක් තිබෙනවා. මන්දාකිනි දහස් ගණනක් වගේම මේ විශ්වයේ තරු බිලියන ගණනක් තිබෙනවා. මෙවැනි ශක්තියක් එක්රැස් වුවහොත්  ඔබට එමඟින් කළ හැකි හානිය ගැන හිතලා බලන්න. එම ශක්තියෙන් සිදුවන දෙය පරමාණු බෝම්බ දහස් ගණනකින් කරන්න පුළුවන් ව්‍යසනයකට සමානයි. මෙන්න මේ හා සමාන ශක්තියකට තමයි ගැමා  කිරණක් කියන්නේ.

අපි මුලින්ම ගැමා කිරණ කියන්නේ මොකක්ද කියලා හොයා බලමු.  ගැමා කිරණ කියන්නේ විද්‍යුත් චුම්භක තරංග විශේෂයක්. ඒවා දෘශ්‍ය ආලෝකය මෙන් ශක්තිය ගෙනයන චුම්භක තරංග විශේෂයක්. දෘශ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ ඉතා කුඩා කොටසකි. එය ඔබේ ඇස්වලට දැකිය හැකි කොටසයි. ඊට අඩු ශක්තීන්හිදී රේඩියෝ තරංග, මයික්‍රොවේව් සහ අධෝරක්ත කිරණද තිබෙනවා. ඒ වගේම  ඉහළ ශක්තියකින් යුතු පාරජම්බුල, එක්ස් කිරණ හා ගැමා කිරණද  පවතිනවා. ගැමා කිරණ කියන්නේ අපිට  ඇදහිය නොහැකි තරම් බලවත් දෙයක්. තනි ගැමා කිරණ

ෆෝටෝනයක් දෘශ්‍ය ෆෝටෝන මිලියනයකටත් වඩා ශක්තිජනක වෙනවා. ඒවායේ ඉහළ ශක්තිය, ගැමා කිරණ අයණීකාරක විකිරණ විශේෂයක් බවට පත් කරනවා, එයින් අදහස් වන්නේ ඒවාහි පරමාණුක බන්ධන බිඳ දැමීමට හැකි තරම් ශක්තියක් ගැබ්ව ඇති බවයි. මෙය ඔබටත් මටත් අනතුරුදායක වෙනවා. මෙම අයණීකරණ විකිරණ මඟින් අපව පණ පිටින් තබා ගන්නා සියුම් ජෛව රසායනික යන්ත්‍රෝපකරණයට (DNA) බාධා ඇති කරනවා. වාසනාවකට මෙන්, පෘථිවියේ ඕසෝන් ස්තරයක් තිබෙන නිසා ගැමා කිරණ එමඟින් අවහිර වනවා.

නමුත් වායුගෝලය තුළට ගැමා කිරණ අභ්‍යවකාශයෙන් පැමිණීම ඕසෝන් ස්තරය මඟින් අවහිර කරන්නේ නම් අභ්‍යවකාශයේ සිට ගැමා කිරණ පුපුරායෑම් සිදුවන බව සොයා ගත්තේ කෙසේද? සීතල යුද්ධය අතරතුර කාලයේ  ඇමරිකා එක්සත් ජනපදය මඟින් සෝවියට් දේශය අභ්‍යවකාශයේ සිදු කරන න්‍යෂ්ටික පරීක්ෂණ සොයා ගැනීමට හැකි ඔත්තු බලන චන්ද්‍රිකා යවා තිබෙනවා. මෙමඟින් ඔවුන් කිසිදු බෝම්බයක් දුටුවේ නැහැ. ඔවුන් දුටුවේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන දුර්වල පිපිරීම් විතරයි. ඔවුන් මෙම පිපිරීම් නිරීක්ෂණය කළේද තත්පර කිහිපයක් පමණි. අද වන විට මෙම චන්ද්‍රිකා ඔස්සේ සොයාගත් වැදගත්ම දෙය ලෙසත් මෙය පෙන්වා දෙනවා.

මෙම ගැමා කිරණ පිපිරුම් ආලෝක වර්ෂ බිලියන හයක් හතක් පමණ දුර තිබෙන මන්දාකිණියකින් පැමිණියද පෘථිවියේ සිටත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ගැමා කිරණ පිපිරීමක් එතරම් දුරකින් සිට අපිට බලාගත හැකි නම් එය ඇදහිය නොහැකි තරම් ශක්තිජනක වෙන බව අපිට උපකල්පනය කරන්න පුළුවන්. මෙහෙම හිතන්න. වසර බිලියන දහයක මුළු ජීවිත කාලය තුළ සූර්යයා මුදා හරිනවට වඩා වැඩි ශක්තියක් තත්පරයකින් මුදා හැරීමේ හැකියාව මෙම ගැමා කිරණ පිපිරීමකදී සිදු වනවා. වසර මිලියන ගණනක් තිස්සේ ගුරුත්වාකර්ෂණ තරංග විමෝචනය කිරීමෙන් ශක්තිය හානි කර ගනිමින් ළංවන ඒවා ස්පර්ශ වීමට තරම් සමීප වූ විට එකිනෙක ගැටී කළු කුහරයක් නිර්මාණය වනවා. මෙම අවස්ථාවේදී මෙවැනි කෙටි ගැමා කිරණ පිපිරීම් ඇති වන බව තමයි විද්වතුන් ප්‍රකාශ කරන්නේ.

පසුගියදා නාසා වෙබ් අඩවියෙහි විශ්වයේ සිදුවන ගැමා කිරණ පිපුරුම් සොයාගත හැකි නිර්මාණයක් පිළිබඳව පුවතක් පළවුණා. විශ්වයේ බලවත්ම පිපිරීම් අධ්‍යයනය කිරීම සඳහා නිර්මාණය කර ඇති සපත්තු පෙට්ටියක ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් වන බර්ස්ට් කියුබ් (Burst Cube) මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කරමින් සිටිනවා.

මාර්තු 21, බ්‍රහස්පතින්දා, පස්වරු 4.55ට ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 40 වන දියත් කිරීමේ සංකීර්ණයේ සිට මෙම අභ්‍යවකාශ යානය  මුදාහැරුණා.  මෙමඟින් කෙටි ගැමා කිරණ පිපිරීම් – අධි ශක්ති ආලෝකයේ කෙටි පිපිරීම් හ¾දුනාගත හැකි අතර, එය ඒවා අධ්‍යයනය  කිරීම සඳහා ස්ථානගත කර තිබෙනවා.

“බර්ස්ට් කියුබ් (Burst Cube) ප්‍රමාණයෙන්  කුඩා වුණත් එමඟින් මෙම ආන්තික සිදුවීම් විමර්ශනය කිරීමට අමතරව, නව තාක්ෂණය පරීක්ෂා කිරීම සහ මුල් වෘත්තීය තාරකා විද්‍යාඥයන් සහ අභ්‍යවකාශ ඉන්ජිනේරුවන් සඳහා වැදගත් අත්දැකීමක් ලබා දෙනවා” යනුවෙන් මේරි ලෑන්ඩ්වල (Maryland) ග්‍රීන් බෙල්ට් (Greenbelt) හි පිහිටි නාසා ගොඩාර්ඩ් (NASA’s Goddard) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ  ප්‍රධාන විමර්ශක ජෙරමි පර්කින්ස් පවසනවා.

කෙටි ගැමා කිරණ පිපිරීම් සාමාන්‍යයෙන් සිදුවන්නේ නියුට්‍රෝන තාරකාවල ගැටීමෙන් පසුවය, එනම් සුපර්නෝවාවල පිපිරුණු දැවැන්ත තාරකාවල අධි ඝන ශේෂයන් හේතුවෙනි. නියුට්‍රෝන තරු එකට සර්පිලාකාරව යන විට ගුරුත්වාකර්ෂණ තරංග, අභ්‍යවකාශ – කාල රළ අතර විමෝචනය වෙනවා. තාරකා විද්‍යාඥයන් ආලෝකය සහ ගුරුත්වාකර්ෂණ තරංග යන දෙකම භාවිත කරමින් ගැමා කිරණ පිපුරීම් අධ්‍යයනය කිරීමට උනන්දු වන්නේ එක් එක් සිද්ධියේ විවිධ පැති ගැන ඔවුන්ට ඉගැන්විය හැකි නිසායි. මෙම ප්‍රවේශය මල්ටි මැසෙන්ජර් තාරකා විද්‍යාව ලෙස හ¾දුන්වන විශ්වය අවබෝධ

කර ගැනීමේ නව ක්‍රමයක කොටසක් ලෙස විද්වතුන් පවසනවා. කෙටි ගැමා කිරණ පිපිරුම් ඇති කරන ඝට්ටනයන් අප දන්නා පරිදි  මිනිසා ජීවිතයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන රත්රන් සහ අයඩින් වැනි බර මූලද්‍රව්‍ය ද නිපදවනවා. දැනට, GW 170817 ලෙස හැඳින්වෙන එකම ඉසව්වේ පිහිටි ගුරුත්වාකර්ෂණ තරංග සහ ආලෝකයේ ඒකාබද්ධ බද්ධවීම පිළිබඳව නිරීක්ෂණය කළේ 2017 දී වන අතර එය මල්ටි මැසෙන්ජර් තාරකා විද්‍යාව තුළ බොහෝ සොයා ගැනීම් සඳහා ප්‍රවේශයක් සැපයුවා.

“බර්ස්ට් කියුබ් අපට අහසේ පුළුල් ප්‍රදේශයක සිදුවීම් හ¾දුනා ගැනීමට සහ ස්ථානගත කිරීමට ඉඩ සලසනවා” යනුවෙන්  මේරි ලෑන්ඩ් කොලේජ් පාර්ක් (Maryland, College Park) සහ ගොඩාර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥ සහ බර්ස්ට් කියුබ් කණ්ඩායමේ සාමාජික ඊශ්‍රායල් මාර්ටිනෙස් පවසනවා.

බර්ස්ට් කියුබ්හි ප්‍රධාන උපකරණය ඉලෙක්ට්‍රෝන වෝල්ට් 50,000 සිට මිලියන 1 දක්වා වූ ශක්තීන් සහිත ගැමා කිරණ හ¾දුනා ගන්නවා. එමෙන්ම මෙහි පවතින කියුබ් සැට්ස් (Cube Sats) තුළින් නව තාක්‍ෂණයන් පරීක්‍ෂා කිරීමට සහ මීළඟ පරම්පරාවේ විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් අවශ්‍ය දත්ත සහ දැනුම සංවර්ධනයට විශාල පිටිවහලක් ලැබෙනු  ඇති බවද නාසා ආයතනය ප්‍රකාශ කරනවා.

බර්ස්ට් කියුබ් චන්ද්‍රිකා මෙහෙයුම මෙහෙයවීම සිදුකරන්නේ මේරිලන්ඩ්හි ග්‍රීන්බෙල්ට් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයයි. එමෙන්ම Science Mission Directorate’s Astrophysics Division මඟින් මෙයට අරමුදල් සපයනවා. එමෙන්ම මෙම මෙහෙයුම සඳහා හන්ට්ස්විල්හි ඇලබාමා විශ්වවිද්‍යාලය, මේරිලන්ඩ් විශ්වවිද්‍යාලය, වර්ජින් අයිලන්ඩ් විශ්වවිද්‍යාලය, වොෂින්ටන් විශ්වවිද්‍යාල‍යේ අභ්‍යවකාශ පර්යේෂණ සංගමය, වොෂින්ටනයේ නාවික පර්යේෂණ රසායනාගාරය සහ හන්ට්ස්විල්හි පිහිටි නාසා මාෂල් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානය සහයෝගය දක්වනවා.

අපිට විද්‍යාව ඔස්සේ අනාගතය සොයාගත හැකි වෙනවා වගේම පුරෝකථනය කිරීමේ හැකියාවක් පවතිනවා.

සැබැවින්ම ලෝකයේ අනාගතය ගැමා කිරණින් සුනුවිසුනු වී යනු ඇතිද?

එය තවත් විශ්වයක ආරම්භයක් වෙයිද?

- මව්බිම 

Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 687 Views
Top