ලෝකේ පුදුම කරවන තැන් 113ක්, මෙරට මුහුදු පතුලේ..
Thursday, 08 June 2023 - 15:08 | Views - 602

ලෝකේ පුදුම කරවන තැන් 113ක්, මෙරට මුහුදු පතුලේ

SUB - ගුවන් යානා හයක් නැව් 107 ක් ඒ අතර,

ශ්‍රී ලංකා මුහුදු පතුලේ ඇති ඓතිහාසික වශයෙන් වැදගත් සංරක්ෂණය කළ යුතු ස්ථාන( පුරාවස්තු) 113 ක් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පිළියෙල කරගෙන යන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පැවැසීය.

මුහුදු පතුලේ පවතින මෙම පුරාවස්තු අතර  ගුවන් යානා හයක්ද  ඇති බව පැවසූ මහාචාර්යවරයා සෙසු ඒවා ගිලීගිය නෞකා බවද  සඳහන් කළේය.

මෙම ගුවන් යානා හයෙන් දෙකක් මුහුදට වැටී ඇත්තේ දෙවෙනි ලෝක සංග්‍රාමය සමයේදී බවත් ඉතිරි ගුවන් යානා හතර ඊළාම් යුද්ධය සමයේදී කඩා වැටුණු ඒවා බවත් රණසිංහ කීවේය.

නෞකාවලින්  වැඩි හරියක් ගිලී ගොස් ඇත්තේ බ්‍රිතාන්‍ය යුගයේදී බවද ඔහු අනාවරණය කළේය.

මෙම පුරාවස්තු ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් කරගෙන යන බවත්  මේවා ගොඩ ගැනීම ප්‍රායෝගික නොවන හෙයින්  සංචාරක කර්මාන්තයේ  ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමේ (සංචාරකයන්ට කිමිදී දැකබලා ගැනීම) අවශ්‍යතාව රජයට පෙන්වාදී  ඇති බවත් ගාමිණී රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පහළ කොටසද සංරක්ෂණය කළ යුතු ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර  අත්තනගළු  ඔයෙන් කලකට පෙර හමුවී කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ තැන්පත් කර පවතින ඓතිහාසික ඔරුවද සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

උපුටා ගැනීමකි.. 

Share This Article
Hiru Tv Blog
මිග්‍රේන් (Migraine) කියන නම ඇහුණත් ඇති ඔළුව...
Hiru Tv Blog
කාලයෙන් කාලයට ව්‍යාප්ත වෙන රෝග අතර මේ...
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
නර්තනය කියන්නේ ඇගේ ජීවිතයේම කොටසක්..හැමදාමත් වගේ ඇයගේ සෙවනැල්ල වගේ පසුපසින්...
Hiru Tv Blog
ලෝකේ වටේම රවුම් ගහන්න යන එක එයා දැන් පුරුද්දක් කරගෙන..ඒ වගේමයි ලංකාවේ ඉන්න ඒ තරම්...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් විදිහට ඔයාලා ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් ගැන තමයි අපි මේ...
Hiru Tv Blog
නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 715 Views
Top