ගුවන් යානයේ රෝදයේ සැඟව සිට ලෝකය බලන්නට ගොස් අහසින් වැටුණ සිසුවාගේ ඉතිහාසගත කතාව-[Video]
Tuesday, 19 March 2019 - 14:47 | Views - 19,075
කීත් සැප්ස්ෆෝර්ඩ්, ඕස්ට්‍රේලියානු ජාතික 14 හැවිරිදි පාසල් සිසුවා කුඩා කල සිටම දගකාර මුරණ්ඩු දරුවෙක් විය.

අධ්‍යාපනයට සිත් නොලත් ඔහුගේ එකම අභිප්‍රාය වූයේ ලොව පුරා ඇවිදගොසින් සිත්සේ ලෝකය දැකබලා ගෙන අලුත් දෑ අත්විදීමය. ඉන් එහා ගිය කිසිදු අපේක්ෂාවක් නොතිබුණු නිසාම ඔහුගේ ආදර්ණීය පියා CM සැප්ස්ෆෝර්ඩ් සිය දරුවා රැගෙන යුරෝපය ඇතුළු රටවල් කිහිපයකම සැරිසරා නැවත සිය මව්බිම වූ ඕස්ට්‍රේලියාවට පැමිණියා පමණි.

එනමුත් පුත්‍රයාගෙන් ඔහුට ඉස්පාසුවක් නොවුණි. අතිශයින් මුරණ්ඩු ඔහුගේ ගතිපැවතුම් බොහොදුරට මානසික ව්‍යාකූල තත්වයක් විය හැකි බව ඔහු නිරීක්ෂණය කල වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේම මතය විය. මීට පිළියමක් ලෙස ඔවුහූ මෙම දරුවා විශේෂිත දරුවන් සදහා වෙන්වුනු නේවසිකාගරයක නවත්වන ලදි.

එහි නතරව කිහිප දිනකින්ම එහි ආරක්ෂාවේ පැවති අඩුපාඩු වලින් ප්‍රයෝජන ගත් කීත් නම් මෙම 14 හැවිරිදි සිසුවා 1970 හී පෙබරවාරී මස 21 වන දින ඉන් පළා ගිය අතර දින දෙකක පමණ පාගමනකින් පසු එනම් පෙබරවාරි 23 වනදින සිඩ්නි ගුවන් තොටුපළට ළගා විය.

එහිදී ද සූක්ෂම අන්දමින් ආරක්ෂිත මුරකපළු වලින් හා බාධක වලින් රිංගා ගිය කීත් ගුවන් යානා නවතා තබන අංගනයට ඇතුල් වූ අතර එහි ජපානය බලා පියසැරීමට සූදානම්ව තිබූ DC-8 වර්ගයේ ගුවන් යානයක රෝදයට ඉහලින් පිහිටි රෝදය නැවී ඇකිලී යන සිදුරේ කාටවත් නොපෙනෙන්නට සැඟව ගැනීමට සමත්විය. මෙලෙසින් පැය කිහිපයක් ගත්වූ අතර නියමිත වේලාවට ගුවන් යානය ගමන් ඇරඹීය.

ගුවන් යානය එසෙවීම සදහා අවශ්‍ය බලය ලබාගැනීමට එක්වර ලබාගන්නා ත්වරණය ඔහු මෙන් මිහිපිට කිසිවෙකුට අත්දකින්නට ලැබී ඇතැයි අපි නොසිතමු. ඒ දැක අලුත් දේ දකින්නට, විදින්නට ඔහුගේ මනසේ කැකෑරුණු නොතිත් ආශාව යාන්තම්වත් සංසිදෙන්නට ඇතැයි අප ප්‍රාර්ථනා කරමු. කෙසේ හෝ ඒ කිසිවක් අප හා බෙදා හදා ගැනීමට ඔහු ඉන්පසු විනාඩි කිහිපයක් හෝ ජීවත්ව සිටියේ නැත.

ගුවන්‍ යානය මාරක වේගයකින් ඉහළට එසවී ගිය අතර රෝද ඇකිළී සිදුර වෙත නැවී යාම ඇරඹිණි. ඒ දැක දගකාර කීත් භීතියෙන් ඇළලී ගියාද? නැතිනම් අධික වේගය නිසා හමා ආ ප්‍රචණ්ඩ සුළගට හසු වී සමබරතාව ගිලිහී ගියාද? එසේත් නැතිනම් අධික සීතලට ඇගිලි හිරි වැටුණා ද? කෙසේ හෝ ඔහුගේ ජීවිතය රැදී තිබු ග්‍රහණය ගිලිහී ගිය අතර කීත් දකින්නට ප්‍රියකළ ලෝකය දෙස ගුවනේ සිට නරඹා අවසන් ගමන් ගිය අතර ප්‍රාණය නිරුද්ධ වූ සිරුර මහපොළව පුරා විසිර ගියේ සුන්බුන් ගොඩක් ලෙසිනි.

මේ අතර සිය අලුත ගත් කැමරාව අත් හදා බලමින් සිටි ජෝන් ගිල්පින් නම් ජායාරූප ශිල්පියා ඉහළ නැගුණු ගුවන් යානයේ ජායාරූපයක් ගත්තේ මේ කිසිවක් නොදැනය. සති කිහිපයකට පසු ජායාරූප විකසනය කිරීමේදී අහම්බෙන් තම සේයාරුවේ සටහන්ව තිබූ දෑ දැක ඔහු විශ්මයට පත් විය. ඒ වනවිටත් කීත් ගේ මරණය ජනමාධ්‍යයන්හී උණුසුම් පුවතක් වූ අතර මේ ජායාරූපයත් සමග එය ලොව පුරා ප්‍රචලිත විය.

කීත්ට එදා අත, අත නොහැරුණා නම්..., ඔහු බොහෝවිට රෝදයට පොඩිපට්ටම් වී මියයාමට හෝ ඉහළ අහසේ මිදෙන ශීතලට හසු වී හෝ ඔක්සිජන් නොමැති වීමෙන් හෝ මරණයට පත්වීමට ඉඩතිබිණි. නමුත් ඔහුට අත, අතහැරුණු අතර දෛවයේ විශ්මයජනක අහම්බයකට ජෝන් ගිප්ලින් අතින් කැමරාව ක්‍රියාත්මක විය. ඔහුගේ ඛේදජනක මරණය ඓතිහාසික ජායාරූපයක් ලෙසින් ලෝකයට ඉතිරි විය.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.



Image result for Keith Sapsford
Image result for Keith Sapsford
Image result for Keith Sapsford
Share This Article
Hiru Tv Blog
ඇස් පෙනීම වර්ධනය කරගන්න ඔබට ඇස් කණ්නාඩි...
Hiru Tv Blog
බොහෝ කාන්තාවන් ලස්සනට වගේම ප්‍රියමනාපව...
Hiru Tv Blog
කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්‌වාම...
Hiru Tv Blog
කාන්තා ශරීරයේ වඩාත් ආකර්ෂණීයම අංගයක්...
Hiru Tv Blog
ඔබ කන් කලාදුරු පිරිසිදු කරගැනීමට යාමේදී...
Hiru Tv Blog
ඇයට නර්තනය කියන්නේ නුහුරු නුපුරුදු අත්දැකීමක් නෙවෙයි..පුංචි කාලෙ ඉඳන් ඇගේ ලේවල...
Hiru Tv Blog
මාධවී වත්සලා ඇන්තනී කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර ගොඩක් ජනප්‍රිය චරිතයක්.....
Hiru Tv Blog
පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්... පියුමි අසරණ මිනිස්සුන්ට...
Hiru Tv Blog
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 6ක් එක රේඛාවක පිහිටනු දැකීමේ සුවිශේෂී අවස්ථාවක්...
Hiru Tv Blog
එමා ගිබ්සන් කියන්නේ එහෙම ලමයෙක්, ඇය පිලිසිඳ ගන්නේ 1992 වසරේදී. ඒ වගේම ඇයට උපත ලබා...
Hiru Tv Blog
ග්‍රහ තාරකාවල වෙනස්වීම නිතර දෙවේලේ ඇහෙන සුලභ දෙයක්..ඒත් ඒවා අපි එක්කෙනාගෙන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 775 Views
Top