සොම්බියෙක් වෙන කැරපොත්තා - [Video]
Friday, 18 October 2019 | Views - 3,562
ඔය පිංතූරෙ දිලිහි දිලිහි ඉන්න කෙනා emerald wasp ඌ මැස්සෙක් නෙවෙයි දෙබරෙක්. ඌ බිත්තර දාන්න හොයන්නේ හොදට වැඩුනු කැරපොත්තෙක්ව..
එහෙම කැරපොත්තෙක් දැක්ක ගමන් මූ විදුලි වේගයෙන් කැරපොත්තට දශ්ට කරනවා මේ විසෙන් කැරපොත්තගෙ ඉදිරිපාද අඩපන වෙනවා.

මෙතැනදි මූ ඇවිත් කැරපොත්තගෙ මොලයට සමාන අවයවය තියෙන තැන හොයාගෙන එතනට (තුන් පලකින්?? ) දශ්ඨ කරනවා. මම දන්නා හැටියට ඒ ශල්‍යකර්මය නිසා කැරපොත්තාගේ බිය දැනීම හා එයින් ප්ලා යෑමට අදාල වන උගේ මොලයේ කොටස අක්‍රිය වෙනවා.වෙනස් වචන වලින් කිව්වොත් මූ කැරපොත්තගෙ මොලේ ශල්‍යකර්මයක් කරනවා..
මෙයින් පස්සේ සම්පූර්ණයෙන්ම කැරපොත්‍තා emerald wasp විසින් පාලනය කරන zombie කෙනෙක් බවට පත් වෙනවා.

ඉන්පස්සේ මූ කැරපොත්තාගේ පසුපස කකුලක් අසල ඇග ඇතුලේ බිත්තරයක් දමන අතර උගේ ඇන්ටනා දෙක කඩා දමනවා.
කැරපොත්තා ලොකු සතෙක් නිසා ඌව උස්සගෙන යන්න බැහැ emerald wasp ට ඒත් මොලයේ ශල්‍යකර්මය නිසා බිය නොදැනෙන
පලායාමට උත්සාහ නොකරන zombie කරනය වූ කැරපොත්තා උගේ පසු පස රැගෙන යාම ඒහැටි දෙයක් නොවේ.

එහෙම අරං ගිහින් කැරපොත්තා ගුලකට දමා වසා දමනවා එසේ වසා දමන්නේ කැරපොත්තා පලා යන නිසා නෙවි.ඌ පලා යන්නේ නෑ . වෙනත් සතුන්ගෙන් ආරක්ශා කරගන්න.
බිත්තරය පිපිරී එන කීටයා කැරපොත්තාගේ ඇග ආහාරයට ගනිමින් වර්ධනය වෙනවා. පරීක්ශන මගින් හෙලිවී ඇති පරිදි කැරපොත්තා තවමත් මිය ගොස් නෑ ඔබ ඌව අනිත් පැත්ත හැරෙව්වොත් ඌ ආපහු හරි පැත්තට හැරෙනවා. ඒ අනුව කැරපොත්තට හැගීම් දැනීම් තියෙනවා.

උගේ ඉදිරි පාදත් හොදින් ක්‍රියාත්මක වෙනවා ඒත් zombie කරනය නිසා ඌ පලා යන්නේ නෑ.
මේ කීටයත් අපූරුයි. ඌ වර්ධනය වෙද්දි කැරපොත්තගෙ ඇග ආහරය ගත්තත් කැරපොත්තගේ මද්‍ය ස්නායු පද්ධතියට හානි නොකරන්න වග බලා ගන්නවා. ඒ නිසා ඌ වැඩුනු emerald wasp කෙනෙකු වෙලා පිටත එනතුරු කැරපොත්තා මිය යන්නේ නෑ.
පවු කැරපොත්තා.. (credit-- Xiles Jay)

(උපුටාගැනීමකි)
Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,052 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,166 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
කුඩා කළ රංගන ක්ෂේත්‍රයට පැමිණි මේවන විට ක්ෂේත්‍රයේ දක්නට නොමැති ප්‍රමුදි...
Hiru Tv Blog
ලංකාවෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන තාරුකා වන්නිආරච්චිට පහුගිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top