නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය නිසා අඳුරු වුණු අයිෆල් කුළුණ (Video)
Sunday, 17 March 2019 | Views - 4,988

ලෝකයම කම්පා කරමින් පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳ වූ නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන බ්‍රෙන්ට් ටැරන්ට් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන්  දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වි නොමැති බවත් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාල සිදුවීමත් සමඟ නවසීලන්තයේ සියළුම මුස්ලිම් දේවස්ථාන මේ වන විට වසා දමා ඇති අතර ක්‍රයිස්ට්චර්ච් නුවර ඇතුළු ප්‍රදේශ රැසක ආරක්ෂාව තරකර තිබෙනවා.

එසේම  ප්‍රහාරයෙන් මියගිය ඇතැම් පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළිකර ගැනිමට එරට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින අතර ඉන්දිය කොන්සියුලර් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ප්‍රහාරයෙන් පසු සිය පුරවැසියන් 9 දෙනෙකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි.

මේ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පා අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් රැසක මෙන්ම මුස්ලිම් රටවල විරෝධතා සංවිධානය කර තිබුණු අතර මියගිය හා තුවාල ලැබු පුද්ගලයින්ට ගරු කිරිමක් වශයෙන් ප්‍රංශයේ සුප්‍රකට "අයිෆල් කුලුනේ" විදුලි පහන් පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවා දැමීමට ද කටයුතු කර තිබුණා.

Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 321 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,410 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top