ලෝකේ ඕනම තැනක ඉඳන් ළඟ ඉන්නවා වගේ "ෆෝන් එකෙන් " හාදු දෙන්න පුළුවන් අලුත්ම ගැජට් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ.
' සැබෑවටම හාදුවක් දෙද්දි දැනෙන හැඟීමම ජංගම දුරකථනය හරහා දෙන හාදුවෙනුත්' ගන්න පුලුවන් කියලා කීවොත් බොහෝ අය ඒක විහිලුවක් කියලා හිතයි.
හැබැයි තව දුරටත් ඒක විහිලුවක් නම් නෙමෙයි.
එමා යැන් සැන් නම් ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ශිෂ්‍යාවක් මේ විදියට හාදු දෙන්න පුළුවන් උපකරණයක් නිර්මාණය කරමින් සිටිනවා.
මෙම උපකරණයයේ නම "Kissenger" ලෙසයි ඇය සඳහන් කරන්නේ.
තවමත් පරීක්ෂණ මට්ටමේ තිබුණත් ඉතා ඉක්මණින් මෙහි වැඩ අවසන් කිරීමට ඇය බලාපොරොත්තු වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
"කිසෙන්ජර්" කියන උපකරණය ජංගම දුරකතනයකට සවි කර ගත්තට පස්සේ ඒ මත දෙතොල් තබමින් හාදු දෙන්න පුළුවන් කියලා 'එමා' කියනවා.
මෙච්චර කල් දුර ඉඳන් ආදරේ කරපු අයට මේ අලුත්ම ගැජට් එක ගොඩක් වැදගත් වෙයි කියලා තමයි 'එමා' කියන්නේ.
හැබැයි පුංචි ප්‍රශ්ණයකට තියෙන්නේ මේ ගැජට් එක භාවිත කරන්න පුළුවන් Iphone ජංගම දුරකථන වලට පමණක් වීමයි.