ගංවතුරෙන් විපතටපත් ලාංකිකයන්ට උදව් කිරිමට මුදල් එකතු කල විදේශිකයාට තරුණයෙක් කරපු කැත වැඩේ
වෙළඳසැලකට පැමිණි තරුණයෙකු විසින් කරන කැත වැඩක් CCTV කැමරාවක සටහන් වු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රාත්‍රී 9.40ට පමණ මෙම ස්ථානයට පැමිණි මෙම තරුණයා වෙළඳසැල් හිමියාගෙන් විවිධ දේ විමසමින් සිටින අතරතුර වෙළෙඳසැල් හිමියා පසු පස බලන අවස්ථාවේ එම ස්ථානයේ අසරණයන්ට උදව් කිරීම සඳහා මුදල් එකතු කර තිබෙන මුදල් පෙට්ටිය සොරාගෙන අයුරු මෙහි සඳහන් වී ඇත.
වෙළඳසැල්හිමියා මෙම මුදල් එකතු කර ඇත්තේ පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකාව තුල ඇතිවු ගංවතුර ආපදාවෙන් විපතට පත්වු ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරිමේ බලාපොරොත්තුවෙනි. ඔහු පවසන ආකාරයට එතුළ පවුම් 80ත් - 100ත් අතර මුදල් ප්‍රමාණයක් එකතුවී තිබී ඇත. ඒ සඳහා එම වෙළඳසැලට පැමිණෙන බොහෝදෙනා උපකාර කර ඇත.
මේ වනවිට මෙම CCTV දර්ශන ආධාරයෙන් එරට පොලිසිය මෙම තරුණයාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටියි.
CCTV දර්ශන පහතින්