මඩ සහිත මහා ජලපහරට අසූ වූ කත අනූනමයෙන් සිය ජීවිතය බේරා ගත් හැටි
Tuesday, 06 June 2017 - 16:23 | Views - 10,458
පේරූ රාජ්‍යයේ කාන්තාවක් මඩ සහිත ගංවතුරට අසූවී යන ආකාරය දැක්වෙන විඩීයෝවක් අන්තර්ජාලයේ සැරිසරයි. ඇය සිය ජිවීතය අනූනවයෙන් බේරා ගෙන තිබේ.
ඇය ගංවතුර තත්වය හමුවේ, සිය දිවි බේරාගැනීම සඳහා සැමියා සමඟ ගසකට නෑගී සිට ඇත.
සැඩපහරින් එම ගස දෙකඩවී ඇති අතර මෙඩිනා ලීමා මඩ සහිත සැඩපහරට අසූ වී ඉදිරියටම ගලාගෙන විත් ඇත.
පසුව ඇයට පාලම ආසන්නයේදී කඩිනමින් ගොඩබිමට ඒමට හැකියාව ලැබේ.
ගවයන්, ඌරන්, තියුණු ලී කොට, විශාල නැව් බහාලුම් ද එම ජල කඳ දිගේ ඉදිරියට ගලායන සැටි දැකගත හැකිය.
පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 62දෙදෙනෙකු ජිවීතක්ෂයට පත්ව 12,000ක් පමණ අවතැන් වී ඇත.
එම විඩියෝව පහතින්.....
Share This Article