"ගැහැනියකට ඇරියස් නැති වෙනවා කියන්නේ මිල කරන්න බැරි සුන්දරම මනුස්සයෙක් බිහි වෙනවා කියන එක.." දවසින් දවස ජීවිතයේ ඉදිරියට ඇදෙන ඇය කියූ විශේෂ කතාවක් මෙන්න..
Thursday, 27 November 2025 - 17:12 | Views - 51
ඇය ගැන මේ දවස්වල හැමෝම කතා කරන්නේ ලංකාවේ නම ජ්‍යාත්‍යන්තරයේ බබලවන්න ඇය ගන්න මහන්සිය නිසා කියලා කියන්න පුළුවන්. නිලූෂි පවන්‍යා, ලංකාවේ කවුරුත් ආදරය කරන ඇය දිවිතුරා නාට්‍යයේ වින්ඩිගේ චරිතය නිසාම බොහෝ දෙනෙක් අතර, කතාබහට ලක්වුණු වාර අනන්තයි. ඒ වගේමයි දැන් ඇය ඔබ එන්න ඇවිත් යන්න නාට්‍ය තුළින්ද හිරු ටීවී රසික ප්‍රජාව අතරට එනවා. නිලූෂි කියන්නේ නිරූපණය, රංගනය වගේම නර්ථනය තුළින් කාගෙත් ආදරය දිනූ ඇය හරිම ආකර්ෂණීය චරිතයක්. මේ හැකි‍යාවන් එක්කම ඇය මේ වනවිට 'Face of Beauty International 2025' තරගාවලියට ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙලා ඉන්නේ. ඒ තරගාවලියේ විවිධ ඡායාරූප මේ වෙද්දී ඇගේ සමාජමාධ්‍ය පිටු අතරේ ජනප්‍රියයි, ඒ ඡායාරූප අතරේ සාර්ථකත්වය සොයා යන තරුණියක් වුණු ඇගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ සටහනක් දැකගන්න ලැබුණා. බලන්නකෝ ඒ කියලා තියන කතාව මොන ත‍රම් නම් විශේෂද කියලා. "ඇරියස් නැති ගැහැණියෙක් වෙන්න.. -හොඳට ඉගන ගන්න , -Skill එකක් හදාගන්න , -වුර්ථිය නිපුණතාවයක් හදාගන්න , -ලස්සනට අඳින්න , -ආස මෝස්තර ටික ඔක්කොම කරන්න , -කැමති තැන්වල ඇවිදින්න , -සතුටු හිතෙන විනෝදාංශයක් තෝරගන්න , -තමන්ට ගැලපෙන මිනිසුන් කිහිපදෙනෙකුගේ කවයක් හදාගන්න -නිරෝගී වෙන්න , -කොහොමින් කොහොම හරි ඔයා ආස විදිහට ලස්සනට ජීවත් වෙන්න ! එතකොට , -අනිත් ගැහැණු ගැන ඉරිසියා හිතෙන්නෙ නැහැ. -අනිත් අයට වල කපන්න ,අංචි අදින්න හිතෙන්නෙ නැහැ. -හින්ට් ගහන්න ,දුෂ්ට කම් කියන්න ඕනෙ වෙන්නෙ නැහැ. -තමන් ඉන්නෙ මාර සතුටෙන් කියල බොරුවට සෝෂල් මිඩියා වලට පේන්න ජීවත් වෙන්න උවමනාවක් ඇතිවෙන්නෙ නැහැ. -අනිත් ජීවිත දිහා බල බල හූල්ල හූල්ල ඉන්න හිතෙන්නෙ නැහැ. -මානසික පීඩනය නැහැ. කෙටියෙන්ම කිව්වොත් තමන් ගැන පශ්චාත්තාපයක් දැනෙන්නෙ නැහැ , ගැහැණියකගෙ ජීවිතේ ඇරියස් වෙනවා කියන්නෙ ,එයා අවට ඉන්න හැමෝටම ඒක කැත විදිහට බලපානවා , එහෙම ඇරියස් තියන ගැහැණු ලෝකෙට මොන දේ කිව්වත් හැසිරීමෙන් තමන්ගෙ ඇරියස් බේරනවා , කාටහරි ගැහැනියකට තමන්ගෙ ජීවිතේ ගැන ලොකු ඇරියස් එකක් නැති නම් ඒක ඒ මනුස්සයාගේ එක හිනාවකින් පවා පේනවා . ඔයාට ජීවිතේ එකසැරයක් හරි එහෙම ඇරියස් නැති ගැහැණියෙක් මුණ ගැහිලා තියනවනම් ඔයාට ඒ වෙනස හොඳට දැනිලා ඇති ! ගැහැණියකට ඇරියස් නැති වෙනවා කියන්නේ මිල කරන්න බැරි සුන්දරම මනුස්සයෙක් බිහි වෙනවා කියන එක ! පුලුවන්නම් අන්න එහෙම ගැහැණියෙක් වෙන්න බලන්න. ඒ තමයි ගැහැනු version එකේ ultra pro max එක "
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top