"අපි දෙන්නා කෑ ගහලා හිනා උනා.." ඒ දෙන්නා අතර සිදුවුණු තවත් කතාවක්.. සතිශ් සහ මදූ මතකපැන්වින්ද ගැන ඔහු කී කතාව මෙන්න..
Saturday, 05 July 2025 - 14:36 | Views - 157
සමහර යාලුකම් හරිම පුදුමාකාරයි.. ඒ යාලුකම්වලට සීමාමායිම් නෑ.. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ තවත් එක කතාවක්.. 

සතිශ් , මදුමාධව කලක පටන් හොඳම යාළුවෝ.. ඒත් අද වෙනකොට මධූට ඒ යාළුකමෙන ඉතුරු වෙලා තියෙන්නේ මතක විතරයි.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක සංවේදී කතාවක්.. කාලෙකට පස්සේ පරණ මතක අවුස්සන්න හිතපු ඔහු මෙන්න මේ වගේ සටහනක් දින කිහිපයකට ඉහත ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

මම එක රහසක් කිව්වා
උබ අහගෙන උන්නා
"මැරෙයි යකෝ තෝ "
සතියා මට හොදටම බැන්නා
වර්ශය 2008......
රට කොරියාව....
කොරියාවෙ තට්ටු අටක ලස්සන හෝටලයේ
පස් වෙනි මහලේ ලස්සන කාමරයක් අපිට වෙන් කරලා තිබ්බා .. ප්‍රසංගයේ සංවිදායකයින්...
කොරියානු මිනිස්සු ගැහැහු කඩිගුලකින් එලියට යන කඩියන් මෙන් කඩිසරව වීදි දිගේ යන එන හැටි බැල්කනියේ සිට නරබමින්...... සතියයි මායි කඩි මුඩියෙ ලෑස්තිවෙනවා අඩියක් ගහන්න.....
සතිශ් එක්ක සප්පායන් වෙන මදු විත හරි රහයී.. ආදරනීයයි...
මම හරි ආසයි ...
අඩියක් ගහල ඉන්න වෙලාවට සතියා
"පර උන මල් වල සුවද අතීතේ..."
කියනවා අහන්න...
ඈතින් බහින ඉර කොරියාවෙ අහසත් රතු පාට කරල තිබ්බා...
අපි දෙන්නා ඒ ඉර එලියෙන් ලස්සන විදිමින් සප්පායම් වෙමින් උන්නා....
අපි ආදරනීය යහලුවන් හැම දේම
කියව ගත්ත..
ඒත් මගෙ හිතේ එකම එක රහසක් තිබ්බා..
සතියගෙන් වසන් කරපු.....
එ සතිශ්ගෙ ඈතින් නෑයො වෙන අපි යන එන ගෙදරක හිටිය සතියගේ නෑයෝ වෙන නංගි කෙනෙක්ට මගෙ හිත ගිහින් තිබ්බ...
ඈත් මට ආදරේ වෙලා තිබ්බා...
මාලිගාවත්තෙ මහල් නිවාස වල සතිශ්ලගෙ ගෙදර වගේම ඇයත් හිටියේ තුන් වෙනි මහලක...
අපි එකට ඒ ගෙදර යනවා...
මමත් සතිශ් එක්ක එහි යනවා...
නමුත් බොහෝම පොඩි අහිංසක ආදරයක්..
මා සහ ඇය එක්ක , මේකට හොරෙන් යනවා..
දවසක් අපි අඩියක් ගහන්න චූලාරාමය නමින් අපි හදුන්වන ටවර් හෝල් එක ඉස්සරහ අති අවන්හලට ගිහින් සප්පායන් වෙලා පාරදිගේ සිංදු කිය කිය ආවා....
මට සතිශ්ට හොරෙන් ඇය දැක ගන්න හිතක් පහල උනා...
රෝමියෝ කනු දිගේ නැගල ජූලියත්ට හාදුවක් දීලා යනවා වගේ...
මාලිගාවත්තෙ අපිත් බොහෝ පඩිපෙල්වල
වීනා වැයුවා...
මාලිගාවත්ත ගිනි නොගද්දිත්...
එහෙම හාදු දෙන්න යන කොට..
පඩි පෙලේ පහලින් කවුරු හරි ආවොත්..
අපි... පුරුදු වෙලා හිටියේ...
පඩි පෙල් අතරතියෙන බැල්කනියේ.. එපිටට තියෙන පොඩි වහලේ සැතපිලා.. ඒ කෙනා යනකම් සැතපිලා ඉන්න....
ජූලියට්ල සද්දයක් ආව හැටිය දොර වහල ගේ අස්සට දුවන නිසා...
මාලිගාවත්තෙ රෝමියෝලා ගොඩක්.ජීවිත අවදානම ගුටි කනවට වඩා යහපත් කියල..
අර පොඩි වහල් කෑල්ලේ සැතපිලා හිටියා ඒ එන යන අය .... නොපෙනී යනකම්...
එදත්.... සතියට ලෝකෙ පැලෙන බොරුවක් කියල..
මම බඩ ගෑව තුන් වෙනි තට්ටුවේ දොර ටක් ගාල ඇරල හාදුවක් දීල දොර වහන..
සතියගෙ ඈතින් නෑයෝ වෙන ජූලියට් හොයන් යන්න රෝමියෝ වෙලා....
ඉතිං වෙනද වගේම..
ඈ කඩි මුඩියේ මටහාදුවක් දුන්නත්..
මම තව හාදු හිගාගෙන කන්නමයි හදන්නේ..
එතකොට නම් රෝමියෝ වගේ නෙවෙයි
හිගන්නෙක් වගේ...
ඇයත් බෑබෑ කිය කිය..
කොටස් වශයෙන් හාදු පුදනවා ..
දුවනවා...
එක පාරටම පහලින් කට හඩක් ඇහුනා මේ මහ රෑ..
ඇගේ අය්යවත් එනවද..
ඈ බය වෙච්ච පාරමාව අත හැර පලා ගියාදොර වහල..
මම අර පොඩි වහලට මගේ සරීර කූඩුව සැතපැව්වා.. ගුටි කනවට වඩා..
වැටිල මලත් කම් නෑ කියල...වහලේ...
අඩි හඩ නොමැකී ගියාට පස්සේ මම ත් නැවත පඩි පෙල දිගේ පල්ලන් බැහැල ගෙදර ගියා.
ඒත් එදා පඩි පෙලෙන් ආව කෙනා උඩට ආවෙ නෑ... හොල්මනක්වත්ද..
එනවා ඇහුනා...
යනවා ඇහුනා..
ආපු තැනක් නෑ...
කොහොම උනත් මට මොකෝ...
මම කිව්ව සතියට...
උබට මට කියන්න රහසක් තියෙනවා...
මම උබේ අහවල් නෑ නංගි එක්ක යාලුවෙලා හිටිය උබට හොරෙන් ......
මට ඒක උබට කියනකම්...
හිතට හරි නෑ කියල....
කොරියාවෙ අහසට දුම් ගුලියක් පිට කරල...
කට කොනෙන් හිනාව පටන් ගත්ත සතියා...
ටික ටික හිනාව වැඩි කරා...
කෑ ගහල හිනා හුනා...
මම ඉන්නව කක්ක පෑගුන මූනක් හදාගෙන..
ඈ බොල මදුවෝ....
මම තෝ හැරෙනකොට දන්නව....
තෝ එදා මාව හලල
එහෙ රිංගුව කියල නොදැන..
මම එහෙට පනිවිඩයක් දෙන්න එනකොට..
මට මතක් උනා ...
තෝ ඒකි බලල එන්න ඔය තරප්පුව නගිනව ඇති...
මේ බීල ඉන්න වෙලාවෙ ....
අර වහලෙන් වැටුනොත්....
තෝ මැරෙයි යකෝ....
මම එදා මගට ඇවිල්ලා ගියාට..
උබපරිස්සමට හිමිජ්ජා වගේ වහලෙන් ගොඩ වෙලා පඩි පෙල බැහැල යන හැටි...
ජෑම් ගහයටට වෙලා බලන් හිටියා...
තෝ වැටුනනම්..
මටයි පාපේ....
අපි දෙන්නා කෑ ගහලා හිනා උනා..
තව අඩියක් වීදුරුවට දාල ..
එක පාර බීල දැම්මා..
ඇත්තටම අපේ යාලුවෙක්
පොඩි චූටි එහෙම උඩ ඉදල වැටිලා මැරුනා...
මගේ ආදරනීය මිතුරෝ...
දම් පාටට ඉර බහින ගොඩාක් හවස් වල..
මම මගේ යාලුවව ලෝකෙ කොහෙ හිටියත්..
අහසේ හොයනවා....
උබ රත්තරන් යාලුවෙක්...
බඩ ගිනි වෙලා බත් කනකොට..
රස කටක් හදල අපිට කැව්වා නේද සතියෝ...
කන හැමදාම....
ඒ කාපු බත් අටයක් ගානේ..
මම උබව හොයනවා.....
අපි එනකම්..
ඉනන තැනක හිටපන්....
එගොඩහට වෙලා..
අපි අවසන් ලියුම ලියපු හැටිය..
එන්නම්... මිහිරැති වසන්න කාලය ..
ආයෙමත් උබ එක්ක ලියන්න..
ප්‍රියයන්ගෙන් වෙන්වීමත් පද පේලියක් නොවෙන බව....
උබ අපිට කියා දුන්නා..
ඒ පේලිට ක්‍රියාපදයක්...
සත්තමයි .. ඒ ක්‍රියාපදය....
අදටත් ක්‍රියාත්මකයි... සතියෝ..
මදු මාදව මතකපැන්වින්ද...

Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා...
Hiru Tv Blog
බිංකොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා...
Hiru Tv Blog
වද මීටර් 3 පමණ උසට වැඩෙන පඳුරක් හෝ කුඩා ශාකයකි....
Hiru Tv Blog
අද කාලේ සමාජ මාධ්‍ය ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි, දකින දකින තැන ජනප්‍රියම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන්ම ටික්ටොක් හරහා ලංකාවම හඳුනන සුපිරි තරුවක් තමයි...
Hiru Tv Blog
ඇත්තටම ඇයගේ ලස්සන නම් කියාගන්න බැරි තරම්.. රශිප්‍රභා සංදීපනී, ලංකාවේ කවුරුත්...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top