කෑම කන ගමන් වතුර බොනවා නම්, මෙන්න දැනගන්න..
Monday, 30 September 2024 - 9:23 | Views - 160
ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නව ද?

එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයකට පමණ පෙර වතුර පානය කරනවා නම් වඩාත් සුදුසයි. අහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් කුඩා වකුර උගුරු කිහිපයක් පමණක් පානය කිරීමට මතක තබාගන්න.

ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විට, කුස තුල ඇති හයිඩ් රොලික් අම්ලය දිය වෙන්නට පුළුවන්, ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියා කරන හයිඩ් රොලික් අම්ලය දිය වී ගියහොත් සිදුවෙන දෙය ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැනේද?

ආහාර ජීරණය නිසි පරිදි සිදුනොවෙන නිසා අජීරණය, උදරය ඉදිරියට නෙරා ඒම සහ පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීම වැනි අහිතකර තත්වයන් ඇතිවෙන්නට සුළුවන්.

කුස තුල තිබිය යුතු වඩාත් සුදුසු පී.එච් අගය වන්නේ 1 සිට 2 දක්වා වූ අගයකි. එය ප්‍රෝටීන් කොටස් බිඳ දැමීමට, ජීරණය පහසු කිරීමට සහ විටමින් හොඳින් අවශෝෂණය වීමට සුදුසු ආම්ලික වට සිටාවකි.

වතුර පානය කරන්න සුදුසුම වෙලාව කුමක්ද ?

ආහාර අනුභව කරන අතරතුර කුඩා උගුරු වශයෙන් වතුර මිලිලීටර් 200ක් තරම් වූ ප්‍රමාණයක් ඔබට පානය කරන්නට සුළුවන්. ඒ වගේම ආහාර වෙලාවල් අතර තුර කාලයේදී හොඳින් වතුර පානය කිරීමට ද අමතක කරන්න එපා.

ආහාර ජීරණය වැඩි දියුණු කරගැනීමට අවශ්‍ය නම් මෙම උපදෙස් පිළිපදින්න.
1. නිස්කලංකව සිටින විට ආහාර අනුභව කරන්න.
2. ආහාර හොඳින් හපන්න.
3. කින්න සහ ආම්ලික ආහාර වැඩිපුර අනුභව කරන්න.

ඉහත සඳහන් කරන ලද යහපත් පුරුදු අනුගමනය කිරීමේදී එන්සයිමයන් හොඳින් ශ්‍රාවය වෙන අතර බඩවැල් හොඳින් ක්‍රියාත්මක වී ආහාර ජීරණය වැඩි දියුණු වෙනවා.

උපුටා ගැනීම..
Share This Article
Hiru Tv Blog
(බිත්තර ගැන මේ ලිපිය යාළුවෙක් පළකරපු ලිපියක්...
Hiru Tv Blog
මුඛයේ දුර්ගන්ධය කියන්නේ සමාජයේ ගොඩ දෙනෙක්...
Hiru Tv Blog
සමහරවිට ඔබත් මේ රෝගය නිසා පීඩාවට පත්වෙලා...
Hiru Tv Blog
කිරි සහ මී පැණි වලින් යුත් මෙම ඉපැරණි මිශ්‍රණය...
Hiru Tv Blog
අතීතයේ මිනිසුන් ධෛර්යවත්ව සහ ශක්තිමත්ව...
Hiru Tv Blog
"අපි තමයි අපිව දන්න.." ඔව් ඒ කතාව ඇත්ත.. ඒ දෙන්නාගේ ආදරයේ රසබර තැන් , කඳුළු ගැන දන්නේ...
Hiru Tv Blog
මේ දෙන්නාගේ අම්මලා තාත්තලා කලා ලෝකයේ කවුරුත් දන්න තරු.. ඒ නිසාම මේ පුංචි පොඩිත්තෝ...
Hiru Tv Blog
සුජානි - බිමල් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පින් යුවලක්.. ඉතින්...
Hiru Tv Blog
පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය අනාවරණය කරගෙන...
Hiru Tv Blog
ලොව ප්‍රථම වාණිජ ගමන සිදුකරමින් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබූ...
Hiru Tv Blog
Huawei විසින් තුන් ගුණයකින් යුත් මෝස්තරයක් සහිත ලොව ප්‍රථම දෙවරක් නැමිය හැකි තිර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top