අකුණු ගැසීමත් සමඟම මහ පොලොවේ හට ගන්නා ඉදලෝලු - සොබා දහමේ අපුර්වතම නිර්මානයක් වන බිම්මල් අතීතයේ සිටම ජනයා අතර ජනප්‍රියම කෑමක් ලෙස හැදින්වුවොත් නිවැරදි.
බිම්මල්,නැතිනම් හතු ගැන සදහන් කලොත් හතුවර්ග ගොඩකි.
ඒ අතර විශේෂම ඉදලෝලු හතු,සහ ජනයා අතර ප්‍රසිද්ධ ලේන හතු,පිදුරැ හතු,හීන්වැලි හතු,කොට හතු,බෝල හතු මින් කිහිපයකි.
සැප්තැම්බරයේ සිට දෙසැම්බර් මාසය දක්වා ,අපේ වැඩිහිටියො කියන අයුරින් අකුනු ගසමින් වහින විට පොලවෙන් මතුවෙන මෙම අරුම පුදුම රසනහර පිනවන ඉදලොලු හතු ගැන ගුන-අගුන බිඳක් දැනගමු.
මෙම හතු ගොඩාක් විශේෂ වන්නේ අවුරැද්දටම එකම කාලයකට පමනක් දැකීමට හැකිවීමත්, එසේම දුර්ලභ බව නිසාත්, මෙම බිම්මල් සැදුන දා පටන් අපේ ගැමියන් තුල මෙය ආහාරයට ගැනීමේ උනන්දුවක් හා වෙනම උප
සංස්කෘතියක් ගැමියන් විසින් නිර්මාණය කර තිබීමත්ය.
එසේම මෙම බිම්මල් හටගන්නා කොස්මුල්, තුඹස් ආශ්‍රිත ප්‍රදේශයන් වලින් කෘමි නාශක, වල් නාශක ඈත්කර තැබීමටත් වග බලාගත යුතුය.
අකුනු ගැසීමත් සමග මෙම හතු සැදෙන බවට බොහෝ දෙනා විශ්වාස කරනවා , මෙම බිම්මල් අස්වනු නෙලීමේදී කතා නොකර හැකි ඉක්මනින් එය නෙලීමට කටයුතු කරනවා, එයට හේතුව ලෙස මෙම ඉදලෝලු හතුවලට ඉක්මනින් පනුවන් බෝ වීමයි.
මාංශ පරිභෝජනය නොකරන අයටද ඉතා වටිනා පෝෂණීය ගුන සපිරි මෙම හතු ආහාරයට ගැනීමෙන් ලැබෙන යහපත.
අනෙක් බිම්මල් ලෙසම පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාව.
ශරීරයේ ප්‍රතිශක්තිය දියුනු කිරීමේ හැකියාව.
ශරීර කොලොස්ට්‍රෝල් තත්වය පාලනය කිරීම හැකියාව.
අධි රුධිර පීඩනය,හෘදයාබාද වැලක්වීමෙ හැකියාව ආදිය මෙය ආහාරයට ගැනීමේදී ලද හැකි ප්‍රතිලාභ ලෙස දැක්විය හැකියි.
( අන්තර්ජාලයෙ ඇසුරින්..)