දෙවරක් නැමිය හැකි ලොව ප්‍රථම ජංගම දුරකථනය එළියට..
Thursday, 12 September 2024 - 10:06 | Views - 608

Huawei විසින් තුන් ගුණයකින් යුත් මෝස්තරයක් සහිත ලොව ප්‍රථම දෙවරක් නැමිය හැකි තිර තුනකින් සමන්විත ස්මාර්ට් ජංගම දුරකථනය වන Huawei Mate XT Ultimate හඳුන්වා දී තිබෙනවා.

ඇපල් ආයතනය සිය නවතම iphone 16 නිකුත් කර පැය කිහිපයකට පසු Huawei ආයතනය විසින් මෙය වෙලඳපොළට හඳුන්වාදීම විශේෂත්වයක්.

මෙම දුරකතනයේ තිරය කොටස් තුනකින් යුක්ත වන අතර එය සම්පූර්ණයෙන්ම දිග හැරුණ විට අඟල් 10.2ක් වනවා.

වම්පස කොටස පසුපසට නැවීමෙන් තිරය අගල් 7.9ක් දක්වා අඩු වන අතර දකුණු පස කොටස නැවීමෙන් තිරය අඟල් 6.4ක් දක්වා අඩු කර සාමාන්‍ය ස්මාට් දුරකථනක ප්‍රමාණයට පත් වී තිබෙනවා.

මෙහි තිරය නම්‍යශීලී LTPO OLED තාක්ෂණයෙන් යුක්ත වන අතර 120 Hz ක refresh rate එකක් ඇති අතර වර්න බිලියන 1 ක් සඳහා සහය දැක්වීම විශේෂත්වයක්.

මෙම දුරකතනය සඳහා 5,600mAh බැටරියක් ලබ දී ඇති අතර පිටුපස මෙගාපික්සල් 50ක ප්‍රධාන කැමරාවකින්, මෙගාපික්සල් 12ක අල්ට්‍රාවයිඩ් සහ මෙගාපික්සල් 12ක පෙරිස්කෝප් කැමරාවකින් සමන්විත ත්‍රිත්ව කැමරා පදධතියකින්ද සහ මෙගාපික්සල් 8 ක ඉදිරිපස කැමරාවකින්ද සමන්විතය සමන්විතයි.

මෙම දුරකථනය නැමුම් දාර සහ කැමරාව වටා අලංකාර රන් ආවරනයක් සහිතව කළු හෝ රතු පැහැයෙන් නිකුත් කර තිබෙනවා.

චීන යුවාන් 21,999(ඩොලර් 3,089) වැනි අධික මිලකට මෙම දුරකථනයේ ආරම්භක මිළ සටහන් කර ඇති අතර චීන වෙලඳපොලේ දැනට ඇති මිල අධිකම දුරකථනට අතරට එකතු වනවා.

නමුත් මෙම දුරකථනය චීනයෙන් පිටත වෙලඳපොළට නිකුත් කරනවාද යන්න ගැන කිසිම සඳහනක් නොමැත.
Share This Article
Hiru Tv Blog
කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීමේ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ මෙරට සෞඛ්‍ය අංශ විසින්...
Hiru Tv Blog
දැන් ඉස්සරහට එන අවුරුදු කාලයත් වැඩිපුර...
Hiru Tv Blog
අපි සෑම විටම පෝෂදායි ආහාර වේලක් ලබාගැනීමට...
Hiru Tv Blog
මනුස්සයෙක්ට ආදරයෙන් පිරුණු මතක ගොන්නක් මැද ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම...
Hiru Tv Blog
ඔහුගේ ජීවිතයේ ඒ ලස්සන දවස උදාවෙලා.. රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්...
Hiru Tv Blog
අද ගොඩක් දෙනෙක්ට සුබ දවසක්.. හැමෝම කතාවෙන මේ දෙන්නටත් එක්ක එහෙමයි.. ඒ ඇයි කියලා...
Hiru Tv Blog
තමන් ඉක්මනින් සිය පියාගේ රට වන ඉන්දියාවට යාමට සැලසුම් කර ඇති බවත්, එම සංචාරය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ  තවත් එක් විශේෂ කතාවක් ගැනයි..  කොළඹට හිරු එළිය එක එල්ලේ මුදුන්පත්වීමක්...
Hiru Tv Blog
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top