දකුණු අප්‍රිකාවේදී අහිමි වුණු කිරුළ , ඇඩෙට්ෂිනා ට නයිජීරියාවේ දී හිමිවෙයි..
Tuesday, 03 September 2024 - 11:43 | Views - 593

ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්න මතුවීමත් සමඟ දකුණු අප්‍රිකාවේදී තමාට අහිමි වුණු රූ රැජින කිරුළ නයිජීරියාවේදී දිනාගැනීමට Chidimma Adetshina සමත්ව තිබෙනවා.

ඒ අනුව, ලාගෝස් හි පැවති තරගයේදී නයිජීරියානු රූ රැජින වූ 23 හැවිරිදි ඇඩෙට්ෂිනා, නොවැම්බර් මාසයේ මෙක්සිකෝවේ පැවැත්වෙන විශ්ව රූ රැජින තරගයට නයිජීරියාව නියෝජනය කරනු ඇති.

පසුගිය මාසයේදී ඇයට විවිධ වූ මතභේද හමුවේ සිය දකුණු අප්‍රිකානු රූ රැජින සිහිනය සැබෑ කරගැනීමට නොහැකි වුණා. පසුව ඇය නයිජීරියානු තරගයට සහභාගී වීමට ලැබී තිබුණු ආරාධනය පිළිගත් බවයි වාර්තා වුණේ.

ඇඩෙට්ෂිනා, නයිජීරියානු පියෙකුට සහ මොසැම්බිකානු මූලයන් සහිත දකුණු අප්‍රිකානු මවකට දාව උපත ලද තරුණියක් වනවා.

එම හේතුවෙන් ඇයට බොහෝ දකුණු අප්‍රිකානුවන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තරගයෙන් ඉවත්වීමට සිදුව තිබුණා.

අනතුරුව මිස් යුනිවර්ස් හි නයිජීරියානු සංවිධායකයින් සඳහන් කර තිබුණේ ඇඩෙට්ෂිනා හට “ඇගේ පියාගේ උපන් බිම, ජාත්‍යන්තර වේදිකාවක් නියෝජනය කිරීමට හොඳ අවස්ථාවක්” වන බවයි. ඒ ඇයගේ දක්ෂතාවන් ද අගය කරමින් වීම සුවිශේෂයි.


Share This Article
Hiru Tv Blog
කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීමේ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ මෙරට සෞඛ්‍ය අංශ විසින්...
Hiru Tv Blog
දැන් ඉස්සරහට එන අවුරුදු කාලයත් වැඩිපුර...
Hiru Tv Blog
අපි සෑම විටම පෝෂදායි ආහාර වේලක් ලබාගැනීමට...
Hiru Tv Blog
මනුස්සයෙක්ට ආදරයෙන් පිරුණු මතක ගොන්නක් මැද ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම...
Hiru Tv Blog
ඔහුගේ ජීවිතයේ ඒ ලස්සන දවස උදාවෙලා.. රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්...
Hiru Tv Blog
අද ගොඩක් දෙනෙක්ට සුබ දවසක්.. හැමෝම කතාවෙන මේ දෙන්නටත් එක්ක එහෙමයි.. ඒ ඇයි කියලා...
Hiru Tv Blog
තමන් ඉක්මනින් සිය පියාගේ රට වන ඉන්දියාවට යාමට සැලසුම් කර ඇති බවත්, එම සංචාරය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ  තවත් එක් විශේෂ කතාවක් ගැනයි..  කොළඹට හිරු එළිය එක එල්ලේ මුදුන්පත්වීමක්...
Hiru Tv Blog
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top