දින දහයකට ගිය ගමන.. යළි පැමිණීම ලබන වසරටම කල් යයි..
Sunday, 25 August 2024 - 10:41 | Views - 386
මාස දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිරවී සිටින නාසා ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට පැමිණීම ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා කල් දමා තිබෙනවා.
ඒ අනුව, දින දහයක කාලයක් සඳහා එම මධ්‍යස්ථානයට ගිය සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර්ට ට මාස අටක් පමණ එහි රැඳී සිටීමට සිදුවනු ඇති.
ඔවුන් ගමන් කළ ස්පේක් එක්ස් සමාගමේ බෝයිං ස්ටාර්ලයිනර් ගගන යානය පෘථිවියෙන් පිටව ගියේ ජුනි මස 5 වැනිදා යි.
මෙම ගගන යානයේ සිදුවූ අනපේක්ෂිත හීලියම් කාන්දුවීමක් සහ තෙරපුම්කාරකවල දෝෂයක් හේතුවෙන්, සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය් රැඳී සිටීමට සිදුවුණා.
කෙසේ වෙතත්, නාසා ආයතනය නිවේදනය කළේ බෝයිං ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානය කාර්ය මණ්ඩලයක් නොමැතිව නැවත පෘථිවියට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව යි.
Share This Article