සිව් වසරකට පසු , ඔලිම්පික් උළෙලේ ගීතවත් වූණූ සෙලීන්..
Saturday, 27 July 2024 - 11:28 | Views - 524
සෙලීන් ඩියෝන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු පළමු වරට පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවයේ දී නැවත වේදිකාවට පැමිණ තිබෙනවා.
ඒ My Heart Will Go On යන ගීතය ගායනා කරමින්, එසේම It's All Coming Back to Me Now ඇතුළු ජනප්‍රිය ගීත රැසක් හේතුවෙන් ඇය ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.
එසේම , ඇයගේ 1995 ඇල්බමය D'eux මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ ප්‍රංශ භාෂා ඇල්බමයයි.
කෙසේ වෙතත්. ඇය මෙම ගීතය ගායනා කර තිබුණේ, වසර හතරකට පසුව වීම විශේෂත්වයක්.
SPS නම් දුර්ලභ ස්නායු ආබාධයකට ඇය මුහුණ දුන් අතර, එය ඇයගේ කටහඬටත් බලපා තිබුණා.
එසේම, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පවසා ඇත්තේ, '' කැනේඩියානු නිරූපිකාවක්, ඇදහිය නොහැකි දක්ෂතාවක් තිබෙන ඇය අද රාත්‍රියේ එහි පැමිණීමට බොහෝ දේ ජයගත් බවයි. සෙලින්, ඔබ නැවත ගායනා කරනවා දැකීම සතුටක් '' බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.
Share This Article