සඳට ගිහින් , අදට වසර 55ක්.. (Video)
Saturday, 20 July 2024 - 15:55 | Views - 321

මිනිසා පළමු වරට සඳ මත පා තැබූ ඓතිහාසික දිනය සනිටුහන් වී අදට (20) දිනයට වසර 55ක් සපිරෙනු ඇති.

මිනිසෙකුගේ එක් කුඩා පියවරක්, මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනුවෙන් වූ යෝධ පිම්මක් යන ඉතිහාසගත ඒ වඳන් පෙළ ලෝ ප්‍රකට අභ්‍යවකාශගාමි නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් ප්‍රකාශ කළේ 1969 වසරේ ජුලි 20වනදාවකයි.

මිනිසා පළමුවරට සඳ මත පා තැබූ එම මොහොත සජීවීව නැරඹීමට ලෝකවාසීන්ට එදා අවස්ථාව උදාවුණා.

ලෝක ඉතිහාසයේ එදා මෙදා තුර අතිශයින් ජනප්‍රිය ගගනගාමීන් තිදෙනා වන නීල් ආම්ස්ට්‍රෝන්ග්, එඩ්වින් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස් රැගත් ඇපලෝ 11 යානය සඳ ගමන ආරම්භ කලේ 1969 වසරේ ජුලි 16වනදායි.

සැටන් වී රොකට් යානය ආධාරයෙන් මෙම සුවිශේෂී යානය අභ්‍යවකාශගත කරනු ලැබුවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්,

එසේම, 1969 වසරේ ජුලි 20 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1.50ට පමණ නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ එඩ්වින් ඕල්ඩ්රින් රැගත් ඇපලෝ 11 සඳ මත ගොඩබස්සවනු ලැබුවා.

ඉන් පැය 6කට පසු සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා වීමේ භාග්‍යය උදා කරගැනීමට නීල් ආම්ස්ට්‍රෝන්ග් සමත්වුණා.




Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරක...
Hiru Tv Blog
කටරොළු කියන්නේ අපි හැමෝගෙන ගෙවල්වල නොවරදින...
Hiru Tv Blog
සමහර වෙලාවට  අපි මේ වගේ දේවල් ගැන ඒ තරම්...
Hiru Tv Blog
ඔබත් සමහරක් විට දැන හෝ නොදැන මේ රෝගයේ ගොදුරු...
Hiru Tv Blog
මේ 72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ Head to Head Challenge වටයෙදී ඇහෙන තවත් දුක්බර කතාවක්. ලෝක රූ...
Hiru Tv Blog
ඇය කාගේත් හිත සොරා ගත්ත සරාගී තාරකාවක්..   පුංචි තිරය තුළත් රිදී තිරය තුළත්...
Hiru Tv Blog
අපේ රටේ නම ලෝකයට ගෙන යන ඇය අනුදි ගුණසේකර ..   ඇය ගැන අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය...
Hiru Tv Blog
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින AI තාක්ෂණයෙන්...
Hiru Tv Blog
    සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ දර්ශනයක් එළැඹෙන...
Hiru Tv Blog
ලෝකය දවසින් දවස අලුත් වෙනවා.. ඒ එක්කම නව සොයාගැනීම් ගැන අහන්නට දකින්නට ලැබෙනවා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top