මෙහෙ ඉන්න බැරිනම් සඳට යන්න , එහෙ තැනක් හොයාගෙන.. (Video)
Wednesday, 17 July 2024 - 15:17 | Views - 480
සඳ මත ස්ථිර ජනාවාසයක් ගොඩ නැගිය හැකි ගුහාවක්, පළමුවරට සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

සඳ මත මාරේ ට්‍රැන්ක්විලිටාටිස් නම් පාෂාණමය තැනිතලාව රේඩාර් ආධාරයෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී මෙම ගුහාව සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉතාලියේ ට්‍රනේටෝ විශ්වවිද්‍යාලයේ ලොරෙන්සෝ බෲසෝනේ සහ ලියනාඩෝ කරර් යන පරීක්ෂකයින් පිරිසකුයි මෙම සොයා ගැනීම කර තිබෙන්නේ.

මෙම ගුහාව අවම වශයෙන් මීටර් 100ක් පමණ ගැඹුරකින් යුත් අතර, එය මිනිසුන්ට ස්ථිර ජනාවාසයක් ගොඩනගා ගැනීමට සුදුසුම ස්ථානයක් විය හැකි බවට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ගුහාව ඉදිවී ඇති ”‍මාරේ”‍ නම් පාෂාණමය තැනිතලාව පෘථීවියේ සිට පියවී ඇසට නිරීක්ෂණය කළ හැකි අතර, 1969 වසරේදී ඇපලෝ 11 යානය ගොඩ බැස්සේ ද ඒ භූමිය වෙතයි.


Share This Article
Hiru Tv Blog
කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීමේ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ මෙරට සෞඛ්‍ය අංශ විසින්...
Hiru Tv Blog
දැන් ඉස්සරහට එන අවුරුදු කාලයත් වැඩිපුර...
Hiru Tv Blog
අපි සෑම විටම පෝෂදායි ආහාර වේලක් ලබාගැනීමට...
Hiru Tv Blog
මනුස්සයෙක්ට ආදරයෙන් පිරුණු මතක ගොන්නක් මැද ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම...
Hiru Tv Blog
ඔහුගේ ජීවිතයේ ඒ ලස්සන දවස උදාවෙලා.. රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්...
Hiru Tv Blog
අද ගොඩක් දෙනෙක්ට සුබ දවසක්.. හැමෝම කතාවෙන මේ දෙන්නටත් එක්ක එහෙමයි.. ඒ ඇයි කියලා...
Hiru Tv Blog
තමන් ඉක්මනින් සිය පියාගේ රට වන ඉන්දියාවට යාමට සැලසුම් කර ඇති බවත්, එම සංචාරය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ  තවත් එක් විශේෂ කතාවක් ගැනයි..  කොළඹට හිරු එළිය එක එල්ලේ මුදුන්පත්වීමක්...
Hiru Tv Blog
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top