නිපා වෛරසය ගැන සෞඛ්‍ය අංශයේ නවතම හෙළිදරව්ව
Tuesday, 26 September 2023 - 9:42 | Views - 425
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින් රටට ඇතුළු වීමේ අවධානමක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
වන්දනා ගමන් සඳහා විදේශ ගතවන පුද්ගලයින් හරහා ද රෝගය රටට ඇතුළු වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ නිපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් නොමැති වුවත් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා නිරන්තරව සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
කෙසේ වෙතත්, හදිසියේ හෝ වෛරස් රෝගීන් රට තුළින් වාර්තා වුවහොත් ගත යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්ධවත් සාකච්ඡා කරමින් සිටින බවද මෙහිදී සඳහන් වුණා.
Share This Article