ඔසිරිස් රෙක්ස්, වසර හතකට පසු පෘථිවියට
Sunday, 24 September 2023 - 13:30 | Views - 157
නාසා ආයතතනයේ ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශය යානය විසින් බෙන්නු ග්‍රාහකයෙන් ලබාගත් පාංශු සාම්පල සමඟ අද (24) , ඇමරිකාවේ උටා කාන්තාරය වෙත ගොඩබැස්සවීමට නියමිතයි.
එය වෙඩි උණ්ඩයක වේගය මෙන් 15 ගුණයකටත් වැඩි වේගයකින් පෘථිවි වායුගෝලය වෙත පැමිණෙනු ඇති බවටයි විද්‍යාඥයන් පවසන්නේ.
අනතුරුව පැරිෂුට් මගින් මෙම කැප්සියුලය ආරක්ෂිතව ගොඩබස්සවා ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.
මෙම අභ්‍යවකාශ යානය මීටර 500 ක පළලින් යුත් අදාළ ග්‍රාහකය වෙත දියත් කරනු ලැබුවේ 2016 වසරේදීයි.
අද දිනයේ මෙම යානය සාර්ථකව පෘථිවියට ළගාවුවහොත් ග්‍රාහකයකින් ගොස් සාම්පල රැගෙන පැමිණි ප්‍රථම ඇමරිකානු අභ්‍යවකාශ යානය බවට පත්වනු ඇති.
Share This Article