මාරාන්තික '' නිපා '' ගැන ඔබ දැනගත යුතුමයි !
Saturday, 23 September 2023 - 10:00 | Views - 328
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට වාර්තා වන නිපා (Nipah) වෛරසය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද දැඩි අවධානය යොමුව තිබෙනවා.

කේරළයේ වෛරසය ආසාදනය වූවන් 6 දෙනෙකු හමු වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට මිය ගොස් ඇත.

ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබිණි.

එහිදී අපේක්ෂා රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල සඳහන් කළේ, නිපා සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව ය.

එළඹෙන සතිය වන විට ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය නිපා වෛරසය හඳුනා ගැනීම සඳහා වන විශේෂිත පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඔහු පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, ඒ අතරතුර නිපා වෛරසය පිළිබඳව යම් අවදානම් තත්ත්වයක් උද්ගත වුවහොත් ඊට අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව ය.

මේ, නිපා (Nipah) වෛරසය පිළිබඳව කෙරෙන සොයා බැලීමකි.

ඉතිහාසය

නිපා (Nipah) මූලිකව සතුන්ගෙන් මිනිසාට අසාදනය වන (Zoonotic) වෛරසයක් වන අතර එය මුල් වරට 1999 වසරේදී මුල් වරට හඳුනාගෙන තිබිණි.

ඒ, එම වෛරසය මැලේසියාවේ ඌරු ගොවිපළක කටයුතු කළ පිරිසක් අතර පැතිර ගිය අවස්ථාවකදී ය.

වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔවුන්ගේ පටක ශරීර තරල සහ මළ මුත්‍රා මගින් එම පිරිස වෙත ආසාදනය වී ඇත.

ඉන් අනතුරුව මැලේසියාවෙන් නැවත රෝගීන් වාර්තා වී නොතිබුණ ද 2001 වසරේදී බංග්ලාදේශයෙන් සහ නැගෙනහිර ඉන්දියාවේ කලින් කලටත් එම රෝගය පැතිර ගොස් තිබේ.

ඒ අනුව, කේරළය මෙම වසංගතයට මුහුණ දෙන්නේ සිව් වන වරට බව සඳහන් ය.

ඉන්දියාවේ වෛරසය පැතිර යාමට හේතුව

ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම වෛරසය පැතිර යාමට හේතුව ලෙස සැලකෙන්නේ, ස්වභාවිකව ම නිපා වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මුත්‍රා සහ කේඨය තැවරුණු පලතුරු වර්ග හෝ යුෂ මිනිසුන් විසින් ආහාරයට ගනු ලැබීම ය.

බෝ වන ආකාරය

දැනට පවතින විද්‍යාත්මක දත්ත අනුව, මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයයි.

රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මුත්‍රා මගින් එය බෝ වීමට ඉඩ ඇති අතර බොහෝ විට එය ආසාදනය වී ඇත්තේ, රෝගියාට ඉතා ම සමීපව කටයුතු කළ පුද්ගලයන්ට ය.

රෝග ලක්ෂණ

වෛරසය මිනිසෙකුට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන් ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්ත්වයක් දක්වා පුළුල් පරාසයක රෝගී තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ.

වෛරසය සිරුරට ඇතුළු වී දින 4-14ත් අතර කාලයකදී උණ, හිසරදය, මස්පිඩු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වේ.

ප්‍රතිකාර

හඳුනා ගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදය යි.

ආසාදන වළක්වා ගන්නේ කෙසේ ද ?

මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වා ගැනීමට රෝගීන් සමග කටයුතු කිරීමේදී ආරක්‍ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වේම වළක්වා ගැනීම සිදු කළ හැකි ය.

නිපා සඳහා මේ දක්වා එන්නතක් භාවිතයේ නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

රෝගය පැතිර ගියහොත් ?

යම් ප්‍රදේශයක නිපා රෝගය පැතිර යන අවස්ථාවලදී ඊට මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙනු ඇත.

ජනතාව නිසි දැනුමින් සවිමත්ව අවධානයෙන් යුතුව පසුවීම ප්‍රමාණවත් ය. 


Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අවදානය යොමු...
Hiru Tv Blog
පලතුරු ලෝකයේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කරන...
Hiru Tv Blog
පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත්...
Hiru Tv Blog
නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය...
Hiru Tv Blog
රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් දිනපතාම...
Hiru Tv Blog
ඒ දෙන්නාගේ ජීවිතයේ මේ ලස්සනම කාලයක් කිව්වොත් හරි...ඒ ආදරය දැන් එන්න එන්න පරිණත...
Hiru Tv Blog
රොෂාන් කියන්නේ අපේ රටේ කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඉතින් දැන් හැමෝම...
Hiru Tv Blog
මේ අම්මට ඉතින් කතා කරන්න, ඇවිදින්න , ගෙදර වැඩවලට උදව් කරගන්න දූලා තුන්දෙනෙක්ම...
Hiru Tv Blog
බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු...
Hiru Tv Blog
මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුණත් මේවා පිටිපස්සේ අසුන්දර...
Hiru Tv Blog
මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top