අනුෂා මව් පදවියට සුදානමින් ද? මෙන්න ඒ කතාවේ ඇත්ත නැත්ත (Photos)
Sunday, 17 September 2023 - 7:40 | Views - 540
ඇය අපේ රටේ කවුරුත් හඳුනන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්...මේ දවස්වල නම්, හිරු step up එක්ක ඇය ගොඩක් කර්යබහුලයි... ඒත් එක්කම අනූෂා දමයන්ති කියන මේ චරිතයට ආදරය කරන රසික පිරිසක් එදත් අදත් ඇය වටේ එකතු වෙලා ඉන්නවා කිව්වොත් හරි... ඉතින් ඇය ගැන කාලෙකට කලින් නම් ගොඩක්ම කතා බහට ලක්වුණේ ඇගේ විවාහයත් එක්කයි...කොහොම වුණත්, මේ දවස්වල ඇය මව් පදවිය ලබන්න සූදානමින් ඉන්නවා කියලා සමාජමාධ්‍යවල කසුකුසුවක් ඇතිවෙලා තියනවා කිව්වොත් හරි...ඉතින් මේ ඇහෙන කතාවලට අනූෂා නම් දීලා තිබුණේ මෙන්න මේ වගේ පිළිතුරක්..."මව් පදවිය කියන්නේ ඉතා උතුම් දෙයක්.. ඕනම විවාහක කාන්තාවකගේ ඊළඟ ආසාව තමයි අම්මාකෙනෙක් වෙන එක... ඒත් ඉතින් ඒ හීනෙට මමත් මග බලාගෙන හිටියත් තවමත් ඒ ආසාව ඉෂ්ට කරගන්න මමත් ඇඟිලි ගණිනවා.. අපි ගොඩක් ප්‍රසිද්ධ කලා තරු නේ... ඒ නිසා මේවගේ ගොසිප් හැදෙන එක සාමාන්‍යයි.. ඒත් ඉතින් ප්‍රේක්ෂකයෝ දැනගන්න ඕන ඒවගේ ඇත්ත නැත්ත ගැන තහවුරු කරගන්න..."



Share This Article