ඩෙංගු මර්දනයට මෙන්න උපදෙස්
Thursday, 01 June 2023 - 15:02 | Views - 344

නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන සේම භාහිර සාධක ගැනත් අපි නිරන්තරයෙන් විමසිලිමත් විය යුත්තෙමු. පෝෂණය මෙන්ම වටපිටාවේ පිරිසුදුතාවද නිරෝගී දිවි පෙවෙතකට අත්‍යවශ්‍යම වේ.

අපි කෙතරම් ශරීර සෞඛ්‍ය ගැන හිතුවද වටපිටාව පිරිසුදු නැතිනම් නිතරම විවිධ රෝගවලට ගොදුරු වීමටත්, අපිරිසුදු පරිසරයේ සතුන් බෝවීම නිසා වරින් වර අසනීප වීමටත් අපට සිදු වේ.

අපිරිසුදු පරිසරය මදුරුවන්ගේ ගහණය වැඩි වීමට කදිම තෝතැන්නක් මෙන්ම එමගින් සම්ප්‍රේෂණය වන ලෙඩද ගණනාවකි. ඒ අතර ඩෙංගු රෝගය විශේෂයෙන් සඳහන් කළ හැක්කේ වරින් වර මේ කාලයේදී මතුව ආ බැවිනි. ඩෙංගු මර්දනය සඳහා සැවොම ඇති කර ගත යුතු සෞඛ්‍ය පුරුදු ගැන අද කතා කරමු.

මර්දනය උදෙසා අපේ සූදානම

♦ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන්න.

♦ ඔබ නිවසින් බැහැර වෙද්දී ලා වර්ණ ඇඳුම් තෝරා ගන්න. සුදු පැහැය වැනි ලා වර්ණ ඇඳුම් සුව පහසු වේ.

ඒවාද ඇඟට හිර නොවන සේ බුරුල්ව පහසුවෙන් තිබීම සුදුසු ය. එවිට මදුරු දෂ්ඨනයකදී සෘජුවේම අපේ සම සමඟ සම්බන්ධ නොවේ.

♦ මදුරු විකර්ෂක ආලේපන භාවිත කරන්න.

♦ නිදා ගන්නා විට මදුරු දැල් භාවිත කරන්න.

♦ ඔබට උණ ගැනී හෝ සිරුරේ ළප කැළැල් මතුවේ නම් කුමන හෝ අසනීප තත්ත්වයක් ඇත් නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

♦ උණ තත්ත්වය ඇති අවස්ථාවලදී පැරසිටමෝල් ඖෂධය පමණක් ලබා ගන්න. එයද පැය 6න් 6ට නියමිත පරිමාවෙනි. ඒ හැරුණු කොට වෙනත් ඖධෂ හිතුමතයට ගැනීමෙන් වලකින්න. එසේ නොවුණොත් ඔබ ඔබටම කර ගන්නා හානියකි.

♦ ඩෙංගු කම්පන තත්ත්වය දක්වා රෝගය ඔඩු දිවගියහොත් ශරීරයේ තැනින් තැන රුධිරය ගලා ඒම, හුස්ම ගැනීමේ අපහසුතා ,රතු ලප දැමීම වැනි තත්ත්ව ඇතිවිය හැකියි. පුද්ගල මරණ පවා සිදුවිය හැකියි. ඔබ ඔබ ගැන මෙන්ම පරිසරයේ පිරිසුදුතාවත් රැක ගැනීමට උනන්දු වන්න. එය අපේ දෛනික පුරුදු අතර ප්‍රධානම පුරුද්දක් බවටත් පත් කර ගන්න.

මාධවී ධර්මරත්න
ලංකාදීප 

Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 273 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top