බස් ගාස්තු සංශෝධනයක් ?
Thursday, 01 June 2023 - 14:34 | Views - 1,405
ජූලි මාසයේ සිදුකෙරෙන බස් ගාස්තු සමාලෝචනයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
සභාපතිවරයා වැඩිදුරටත් සන්ධාන කර සිටින්නේ, මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිලෙහි අඩුවීමක් සිදු නොවුණ ද පසුගිය මාසයෙහි සිදු වූ ඩීසල් මිලෙහි අඩුවීම සැලකිල්ලට ගෙන මෙම බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට සූදානම් වන බවයි.
Share This Article