එමිරේට්ස් රාජ්‍යය රොබෝ යානයක් යැවීමේ සුදානමක
Thursday, 01 June 2023 - 10:41 | Views - 213
එක්සත් අරාබි එමිරේට්ස් අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන්, අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක වළල්ලේ ග්‍රහක අධ්‍යයනය කිරීමට රොබෝ යානයක් යැවීමට සූදානම් වන බව සඳහන්.
එමිරේට්ස් විද්‍යාඥයන් මෙම වික්‍රමයට සූදානම් වෙන්නේ, අඟහරු ග්‍රහයා ගවේෂණයට යැවූ ‘අමල්’ නමැති රොබෝ යානයේ සාර්ථකත්වයෙන් පසුවය. ‘අමල්’ ගවේෂණ යානය අඟහරු වෙත යැවීම සිදුවූයේ 2021 පෙබරවාරි මාසයේය.
පෘථිවියේ ජීවය පහළ වීම සම්බන්ධයෙන් රහස් සැඟවී ඇත්තේ මෙම ග්‍රහක වළල්ලේ යැයි විශ්වාස කෙරේ. රොබෝ යානය 2028 ග්‍රහක වළල්ල බලා ගමන් ආරම්භ කරනු ඇති. යානය විශේෂයෙන් ඉලක්ක කරගත් ග්‍රහක 7 ක් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් වනවා.
ග්‍රහක වළල්ලේ ග්‍රහක ගවේෂණය කිරීමේ මෙම මෙහෙයුම ආරම්භ වූයේ මීට වසර 13 කට පෙරය.
(රොයිටර්)
උපුටා ගැනීමකි..
Share This Article