ගමේ අයියලා මගේ දිහා බලනවට මම ආස වුනා..මගෙ ඇඳුම් එකින් එක..මම එයාව තදින් ..අමුතුම කතාවක් නොවුණත්, කියවන්න ඕන කතාවක්..
වැටෙද්දි ගොඩාක් මිනිස්සු බලන් ඉන්නෙ අපිව පාගන්න
පාගලා සතුටු වෙන්න...
කවදාවත් මිනිස්සුන්ගෙ අනුකම්පාවට අහු වෙන්න එපා...
අනුකම්පාව තමයි දවසක භූමිකම්පාව වෙන්නෙ...
අපි හැඟීම් නිසා වරද්ද ගන්න මිනිස්සු.එක පාරක් වැරදුනාම අනුකම්පාවට අහුවෙලා ආයෙමත් වරද්ද ගන්න මිනිස්සු...මේ එහෙම දෙපාරක්ම වරද්ද ගත්තු ගැහැනියකගේ කතාවක්.
මම හිතන්නෙම ගෑනියෙක් කවදාවත් දුප්පත් වෙලා ඉපදෙන්න හොඳ නැහැ.
මම අනෝජා.
ගම රක්වානෙ මස්ඉඹුලේ.
නම අනෝජා වුනට ගමේ කවුරුත් දන්නේ උඩහ ගෙදර සුදු හාමිනේ කිව්වාම.
පොඩි කාලෙ ඉඳලම අපිට අඟහිඟකම කියන එක හොඳටම දැනිලා තිබුනේ.
අම්මයි අප්පච්චියි කලේ කුලී වැඩ.
වත්තට අයිති ඉඩම්වල තේ දලු කඩන එක තමයි ඒ දෙන්නගෙ රස්සාව.
ඒ රස්සාවෙන් හම්බෙන සොච්චන් පඩියෙන් අපි තුන් වේලෙන් එකක් හරි දෙකක් හරි කෑවා.
ඒත් අපි සතුටෙන් හිටියා.
කාලයත් එක්ක මම ගැටිස්සියක් උනා.
ගමේ ඉන්න කොල්ලන්ගෙ ඇහැ මගෙ දිහාට වැටෙන්න ගත්තා.
ලොකු ලස්සනක් නැතත් හැඩ වැටුනු ඇඟයි,පිරිච්ච පපුවයි නිසා මමත් හිටියේ ආඩම්බරයෙන්.
ගමේ අයියලා මගේ දිහා බලනවට මම ආස වුනා.
ඒ අයගේ අතරින් සමන්ත අයියාගෙ ඇස් මම හැමදාම හෙව්වා.
අනිත් කොල්ලන්ගෙ ඇස්වල තිබුන වල්පාටට වැඩිය සමන්ත අයියගෙ ඇස්වල තිබුනේ මටත් හිතාගන්න බැරි හැඟීමක්.
දවසක් එයා මා එක්ක කතා කලා.
ඒ පළමු කතාබහම ආදරයක් බවට පත් වුනා.
දැං මම ඉස්කෝලේ යන්නෙ ඉගෙන ගන්නවට වඩා සමන්ත අයියව දකින්න තියෙන උවමනාවට.
දවසක් මම එයයි අපේ ගෙවල්වලට එන පාරේ කතා කර කර එද්දී එයා මාව එක ලඟට අරං මූන ඉම්ඹා.
මටත් දැනුන හැඟීම මුලු ඇඟම හිරි වැට්ටුවා.
මම ඇස්වලින් සමන්ත අයියට අපේ ගෙදර යන්න කතා කළා.
මොකද මම දන්නවා අද මේ වෙලාවට අපේ ගෙදර කවුරුත් නෑ කියන්න.
ඔව් මම වැරදියි.
හැබැයි හැඟීම් කියන දේ මාව වෙලාගෙන තිබුනේ.
ගොම මැටි ගාපු පැලේ අපිට තිබුන එකම කාමරෙ මමයි සමන්ත අයියයි පැදුරක් එලාගෙන ඇල වුනා.
එයා හිමීට හීමීට මුහුනේ ඉඳන් දෙතොල් වෙනකනුත්,මගෙ පිරුනු ..... හොඳට සිප ගනිද්දි මට ඇස් පිය වුනා.
මට හිමීට කෑගැස්සුනත් එලියට සද්දයක් හරි ඇහෙයි කියන බයට බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා.
මගෙ ඇඳුම් එකින් එක ගැලවෙද්දි මම එයාව තදින් තුරුලු කරගත්තා.ඔව් මම සමන්ත අයියගෙම වුනා.
මහන්සියටම අපි දෙන්නා ටිකක් වෙලා ඇල වෙලා ඉද්දි වුනේ අපි දෙන්නවත් නොහිතපු දෙයක්.
අම්මයි අප්පච්චියි දෙන්නම ගෙදර ඇවිත් අපි දෙන්නටම කර කියාගන්න දෙයක් නෑ.
අපි දෙන්නව දැකපු අප්පච්චියි අම්මයි වෙලා තියන දේ තේරුම් ගත්තත් කෑගැහුවෙ නැත්තේ ගමෙන් කතන්දර අපි දෙන්නටම අහන්න වෙන නිසා.
අවසානෙදි අපි කසාද බැන්දා.
දරුවෙකුත් ලැබුනම අපි දෙන්නගෙ පවුල සතුටින් පිරිලා ගියා.
හැබැයි ඒ සතුටට කනකොකා හඬන්නත් වැඩි කල් ගියේ නැහැ.
සමන්ත අයියා පතලේ පස් කන්ඩියකට යට වෙලා මැරුනයින් පස්සෙ මායි දරුවයි තනි වුනා.
කාලයත් එක්කම මම ගාමන්ට් යන්න පටන් ගත්තා.
මොකද මගෙයි දරුවගෙයි බඩ වියතත් රැකගන්න ඕනි නිසා.
ගාර්මන්ට් යද්දි තමයි මට ධම්මික මල්ලි හම්බෙන්නෙ.
එයා ලස්සනයි.මමත් ගෑනියෙක්.එයාගෙයි මගෙයි සම්බන්දය ගොඩාක් දුර දිග ගියා.
අපි ගෙස්ට් රූම් වලදි හම්බුනේ.
කාලෙකට පස්සෙ නිසාද මන්දා ධම්මික මල්ලිගෙන් පුදුම සතුටක් ලැබුනා.
ආයෙත් මම අම්මා කෙනෙක් වුනා.හැබැයි ධම්මික ඒ දරුවගෙ තාත්තා වෙන්න කැමති වුනේ නැහැ.
එයා කිව්වේ වෙන එකෙක්ගේ තාත්තෙක් වෙන්න මට බෑ කියලා.
කේන්තියක් ආවත් මම ඉවසගෙන මටම පොරොන්දු වුනා ආයෙත් වරද්ද ගන්නෙ නැහැ කියලා.
දැන් දුවෙකුයි පුතෙකුයි ඉන්න අම්මෙක් මම.
හැබැයි ඒ දෙන්නා දන්නෙ නැහැ මම බීලා බීලා එන මිනිස්සුන්ගෙ ඇඟ අතාගාන, ස්පා එකක වැඩ කරන ගැහැනියෙක් කියලා.
හැබැයි කවදාවත් ළමයි දෙන්නට දුකක් විඳින්න දෙන්නෙ නැහැ.මට කියන්න ඕනි වුනේ කවදාවත් හැඟීම්වලටවත් අනුකම්පාවටවත් අහු වෙන්නෙපා.වරදිනවම තමයි.