පනස් හැවිරිදි පෙම්වතියගේ සිරුර කුලී නිවසේ ගෙවත්තේ වැලලූ 39 හැවිරිදි පෙම්වතා
Thursday, 01 June 2023 - 9:47 | Views - 2,213
පනස් හැවිරිදි පෙම්වතියගේ සිරුර කුලී නිවසේ ගෙවත්තේ වැලලූ 39 හැවිරිදි පෙම්වතෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැදවච්චිය කනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව අතුරුදන්ව ඇති බවට ඇයගේ සොයුරියක විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ දින කිහිපයකට ඉහතදී යි.
ඒ අනුව, විමර්ශන සිදු කර මෙම කාන්තාවගේ පෙම්වතා සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව සිරුර වළ දමා ඇති බවට තොරතුරු තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිරුර ගොඩගෙන මෙය ඝාතනයක් ද නැද්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා ඉදිරි විමර්ශන කටුයුතු අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
Share This Article