පළාත් කිහිපයකට අදත් වැසි
Thursday, 01 June 2023 - 7:27 | Views - 234
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද(01) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි.
වයඹ පළාතේ ද යම් වැසි වාර කිහිපයක් ඇති වීමට හැකි බවත්, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සඳහන් වෙනවා.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article