ඇයි මානුෂිකව හිතන්න බැරි, කලිසම ඇඳ ගත්තට මහත්තයෙක් වෙන්නේ නැහැ..(Photos)
Tuesday, 30 May 2023 - 14:06 | Views - 435
පිරිමියෙක්ව ඉපද කාන්තාවක් ලෙස පෙරට අඩිය තිබ්බ දුලීගේ කතාව

තමන්ම ලස්සන වෙනවාට වඩා තව කෙනෙක් ලස්සන කරන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක ලොකු භාග්‍යයක්. ඇයත් එහෙම භාග්‍යයකට හිමිකම් කියන වෙනස්ම කෙනෙක්, සිරිකත Online මේ කතාබහ ඇය සමඟයි. ඇය නමින් රූපලාවණ්‍ය ශිල්පිනි අභිෂේකා දුලී.

කොහොමද දුලී ?

මේ දවස්වල රූපලාවණ්‍ය කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.


දුලීගෙ හැඩ ගැන්වීම් හි රහස මොකක්ද?

මම කරන දේ හදවතින්ම කරනවා. මම ඒකට ගොඩක් ආදරෙයි වගේම ආසයි. ඒ ආසාව උනන්දුව කැපවීමත් එක්ක මම හැම වෙලාවෙම උත්සහ කරන්නෙ සේවාදායකයාගේ ස්වභාවික ලස්සන ඉස්මතු කරන්න.

පුංචි කාලේ ඉඳන්ම මේ හැකියාව ඔබ තුළ තිබුණ ද?

පෙර පාසල් යන කාලේ ඉඳලම තමයි මම බෝනික්කන්ව හැඩ ගන්වන්නේ. මම හිතන්නේ ඒ හැකියාව පුංචි කාලේ ඉඳලම මට ලැබුණ දෙයක් . මේ දැනුම මට ලැබුණු දේව හාස්කමක්.

ඔබ වෙනස් කෙනෙක්. ඒ වෙනස් කමට ගෙදරින් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

අනිත් අයට සාපේක්ෂව මට තියෙන්නෙ වෙනස් කතාවක්. මම පුංචි කාලේ ඉඳලම හොඳට ඉගෙනගත්ත කෙනෙක්. නිතරම උත්සාහ කළේ ගෙදරට කීර්තියක් ගේන්න. ඒක නිසා මට පවුලෙන් ගැටලුවක් ඇති වුණේ නැහැ.එයාලා මාව තේරුම් ගත්තා.

මම අවශ්‍ය වුණේ "මම වෙලා" මට අවශ්‍ය තැනට යන්න ඕන. මම දෙමව්පියන්ට කිවුවා මම මෙහෙම ද්විත්ව ලිංගික භාවයකට මුලපුරන්න උත්සහ කරනවා. ඔයාලගේ කැමැත්ත මොකද්ද යැයි මම විමසුවා. ඔයාලට ලැජ්ජා නම් මම ගෙදරින් අයින් වෙන්නම් කියලත් මම කිවුවා. අම්මා ඒ වෙලේ මට පැවසුවේ, "මට ඔයා වෙනස් නැහැ" කියලා. ඒක තමයි මගේ ජිවිතයට ලැබුණු ලොකුම ජයග්‍රහණය.

ලිංගික සුළුතර ප්‍රජාවට පවුලෙන් ලැබෙන පන්නරය හරි වැඳගත් නේද ?

අපිව වෙනස් කොට සලකන්නේ නැතුව, ආදරේ, මෛත්‍රිය දෙන්න පුලුවන් නම් අපිත් හොඳින් ජිවත් වෙනවා. ඒක ගෙදරින් ලැබෙනවා කියන්නේ ජිවිත සාර්ථක කර ගන්න පුලුවන්.

නමුත් බොහෝදෙනෙක් අද කරකියාගන්න දෙයක් නැතුව ලිංගික ශ්‍රමියකන් බවට පත් වෙලා තියෙනවා ?

ඒ තැනට පත් වෙන්නේ සමාජය තුලින්මයි. හොර්මොන්ස් ගන්න සල්ලි නැති වුණාම කරන්නේ පාරේ ගිහිං හිට ගන්නවා. හොඳ අනුග්‍රහයක්, මඟ පෙන්වීමක් ලබා දෙන්න පුලුවන් නම් මීට වඩා මොවුන්ගේ ජිවිත ලස්සන වෙනවා.

මෙහෙම වෙනස් වෙන්නේ මේ දේවල් කරන්නම ද කියලත් සමාජේ මතයක් තියෙනවා ?

නැහැ. අපි ඇතුලේ ඉන්නේ ගැහැණියක්. එහෙම වෙනස් වෙනකොට ඊට සමාජෙන් ගහනකොට, සමාජයෙන් වැරදි මතයක් දෙනකොට තමයි ලිංගික ශ්‍රමිකයෙක් බවට පත් වෙන්නේ. වෙනස්වීම් එක්ක ජොබ් එකක් හොයා ගන්න විදියක් නැහැ. ජොබ් දෙන්නේ නැහැ. අවශ්‍යතාවයන් සපුරා ගන්න විදියක් හොයන්න වෙනවා. මේක දුක්ඛිත තත්වයක්. එහෙම වෙනකොට ඉල්ලුමක් තියෙනවා කියන්නේ සමාජෙම මිනිස්සු හොර රහසේ ඔවුන් ළඟට යන නිසා නෙමෙයිද ? මම පිරිමියෙක් කියන හැඟීම තියෙන්නේ සෙක්ස් වලදී විතරද ? එහෙම ඉදලා ඇවිල්ලා පො.... කියලා කියනවා. ඇයි මානුෂිකව හිතන්න බැරි. කලිසම ඇඳ ගත්තට මහත්තයෙක් වෙන්නේ නැහැ.

මේ ප්‍රජාව විකුණගෙන කනවා මිසක් මොවුන්ට උදව් කරන පිරිස් හෝ ආයතන අඩුයි නේද ?

ඔව්. ඔයා LGBTIQ කියලා පහතට දානවා. හැමෝම දාර්ශනිකයෝ වගේ නමුත් හිත් වල කාරුණික බවක් නැහැ. ඇහුවොත් පොෂ්. ඒත් තව මනුස්සයෙක්ට ගරුත්වයක් දෙන්න තරම් මනුස්සකම් නැහැ. තවම ජිවත් වෙන්නේ ගල් යුගයේ. වැඩිය ඕනනැහැ බලන්න, බලන්න ලංකාවේ පොදු වැසිකිළියකට අපි වගේ කෙනෙක්ට යන්න පුලුවන් ද කියලා.

ඔබේ වෙනස් වීම් ගැන ඔබ අද පසුතැවෙනවා ද?

මම කවදාවත් මගේ ජීවිතේ ගැන දුක් වෙලා නැහැ. හැමදෙයක්ම මම සතුටින් භාරගන්නවා. මට අවශ්‍ය තැනට මම ගියා. මගේ වටා බොහෝ පිරිසක් ඉන්නවා. මම මගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. තමන්ගේ අනන්‍යතාවය සහ පෞරුෂය ගොඩනගා ගත්තොත් අපිට අනාගතයක් තියෙනවා. අපි දිහා බලනවා තමයි. ඒ අපි වෙනස් නිසා. එහෙම හිතන්න ඕන. ඒ නිසා අපි විසින් අපිවම විනාශ කර ගන්නේ නැතුව ඉදිරියට යන්න අවශ්‍යයි. මම හැමෝගෙන්ම වැඳලා ඉල්ලනවා පවුලේ අපි වගේ කෙනෙක් හිටියොත් ඒ කෙනාට අසාධාරණයක් කරන්න එපා. එහෙම වුණොත් එයාලගේ මුලු ජීවිතේම අඳුරේ.





 


සටහන - නෙත්මි තෂාරා (සිරිකත)
 
Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 273 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top