Windows 10 භාවිතා කරන ඔබට විශේෂ පණිවුඩයක්
Monday, 22 May 2023 - 11:03 | Views - 337
හදාරන්නන් පවසන්නේ Windows 10 සදහා May 2023 Patch Tuesday update යාවත්කාලීනය ස්ථාපනයෙන් පසුව සමහර භාවිතාකරන්නන් ගැටළු සහගත බවක් අත්විඳිමින් ඇති බවක් දක්නට ලැබෙනවා.
මෙවර Microsoft විසින් windows 10 සදහා නිකුත්කල මාසික යාවත්කාලීනය KB5026361 ලෙසට නම්ව තිබූ අතර එය හඳුනාගෙන තිබූ security issues කිහිපයක් සදහාම පිලිසකර ගෙනෙන බවට විස්තර කර තිබුනා.
එසේමුත් එය ස්ථාපනයන් පසුව සමහර භාවිතාකරන්නන් අත්දකිමින් ඇති බහුලම ගැටළුවක් ලෙසට Blue Screen of Death (BSoD) අත්දැකීම විස්තර කෙරෙමින් තිබෙනවා.
මීට අමතරව restarts ගැටළුවක්, බහුලව error messages පැමිනීමක්, update failures එකක් මෙන්ම සමහර අවස්ථාවලදී එම ස්ථාපනයෙන් පසුව crashes වීමක් ගැනද සමහර භාවිතාකරන්නන් කරුනු දක්වමින් ඇති බවට විස්තර කෙරෙමින් තිබෙනවා.
හදාරන්නන් යෝජනා කරන සරලම විසඳුම වන්නේ මෙම යාවත්කාලීන ස්ථාපනයට පෙර System Restore එකක් තබා ගැනීම බොහෝ විට එම ගැටළුව හමුවුවහොත් විසඳා ගැනීමට පහසුම මග වනු ඇති බවයි.
Share This Article