“පෝරුවේදී සිහිසුන්වීම වැනි දේ මිත්‍යා අදහස් වේ - මනස සන්සුන්ව තබාගන්න.”
Monday, 22 May 2023 - 10:16 | Views - 370
තරුණියක් තමන් මුහුණ දී සිටින ගැටළුවක් සම්බන්ධයෙන් එක්තරා පුවත් පතකට , ප්‍රශ්නයක් යොමු කර තිබුණා , එහිදී ඇය ඇසු ප්‍රශ්නයට වෛද්‍යවරයා ලබා දී තිබුණේ මෙවන් පිළිතුරක් , ඔබත් වැදගත් වෙයි නේද?

මම විසි හැවිරිදි අයෙක්මි. විශ්ව විද්‍යාල වරම් ලැබෙනතෙක් බලා සිටිමි. මෙතෙක් මා පෙළෙන ප්‍රශ්නයකි. පෙම්වතා යැයි කියා මගේ පසුපස මාස ගණනාවක් පැමිණි තරුණයෙකු අතින් මා අනාථ විය. ඔහු මා බලෙන් එයට පොළඹවා ගත් අතර ඔහු කීපවරක්ම විවිධ ක්‍රමවලට මා ලිංගිකව ගොදුරු කර ගත්තේ ය. දැන් ඔහු මා හැරදා ගොසිනි. මා මුහුණ දුන් මේ සිද්ධිය නිසා මම මානසිකව පසුතැවෙමි. ජීවිතයේ විවිධ ආශාවන් හා බලාපොරොත්තු තිබුණද අතීතයේ මුහුණ දුන් සිදුවීම් නිතරම මතකයට එයි. වෛද්‍යතුමනි, යම් දිනෙක මම විවාහ වීමේදී මෙම සිද්ධිය නිසා ගැටලු ඇති වෙයිද? බොහෝ දෙනා පවසන ආකාරයට කන්‍යාභාවය නැති නිසා පෝරුවේ චාරිත්‍ර සිදු කරන විට සිහිසුන්ව ඇද වැටෙයිද? මෙම ගැටලුව නිසා මම දැඩි සේ මානසිකව වද විදිමි. වෙද්‍යතුමියනි, මම කළයුත්තේ කුමක්ද?

පිළිතුරු..,

සිදු වූ දේ ගැන සිතමින් තව තවත් පසුතැවිලි වීමෙන් ඵලක් නැත. මොනයම් හෝ හේතුවක් නිසා එවැනි දෙයක් සිදු වුවත් ඉන් ඔබ තවත් බරපතළ පසුතැවීමකට මුහුණ නොදීම සම්බන්ධයෙන් සතුටු වෙන්න. ඔබ බුද්ධිමත් දරුවක් නිසා ජීවිතයේ මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. දැන් සිදු වූ දේ ගැන නොසිතන්න. එයින් ඔබගේ අධ්‍යාපන කටයුතු මඟ හැරෙන්නට ඉඩ ඇත. අතීතය අමතක කර දමා අනාගතයට බුද්ධිමත්ව මුහුණ දෙන්න. පෝරුවේදී සිහිසුන්වීම වැනි දේ මිත්‍යා අදහස් වේ. එවැනි දේ සිදුවන්නේ ඔබගේ මනස ක්‍රියාකරන ආකාරය අනුවයි. ඔබගේ විවාහ දිනයේදී සතුටින් ඉන්න. හිත හදාගන්න. මනස සන්සුන්ව තබාගන්න. 



සිරිකත
Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 274 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top