අධික හිරු එළිය එක්ක එන අහිතකර කිරණින් ඇස් පරිස්සම් කර ගන්නේ මෙහෙමයි
Thursday, 18 May 2023 - 9:42 | Views - 212
මේ දවස්වල දැඩි අව්වක් තියෙන බව අපි හැමෝම දන්නවා. සමහර දවස්වල දහවල් කාලයට එළියට යන්න බැරි තරම් රස්නෙයි, ඒවගේම අධික හිරු එළියකුත් තියෙනවා. අපි සමකාසන්න රටක් නිසා මේ කාලේ ඉර අපේ රටවල් වලට කෙලින්ම ගමන් කරනවා. හිරු කිරණ කෙලින්ම අපේ රටවල් වලට වැටෙන නිසා අපිට මේ තරම් එළියක් වගේම රස්නයකුත් දැනෙනවා. මොන තරම් රස්නෙ වුනත් මොන තරම් එළිය වැඩිවුනත් අපේ එදිනෙදා වැඩකටයුතු කරගන්න අපිට එළියට යන්නම වෙනවා. හැබැයි මෙහෙම එළියට යද්දී ආරක්ෂාවෙන්න ඕනේ විදිහ ගැන එහෙම නැත්නම් හිරු එළියෙ තියෙන අපට අහිතරක කිරණ ගැන ඔබ දන්නව ද?

ඔව්, අධික හිරු එළිය නිසා අපේ ඇස්වලට දැඩි බලපෑම් ඇති වෙන්න පුලුවන්. ඒත් අපි ඒ ගැන වැඩිය ලොකුවට හිතන්නේ නෑ. කිසිම අක්ෂි ආරක්ෂාවක් නැතුව මේ කාලේ එළියට යනවා එනවා. මේ දැඩි හිරු රැස් නිසා ඇස්වලට වෙන්න පුලුවන් හානිය ගැනත් පොඩ්ඩක් හිතන්න.

හිරු කිරණවල තියෙන අල්ට්‍රා වයලට් එහෙම නැත්නම් පාරිජම්බුල කිරණ වලින් සමට වගේම ඇස්වල තියෙන සියුම් මාංශ පේශී සෛලවලට හානි සිදුවෙන්න පුලුවන්. ඇස්දෙකේ තියෙන සියුම් සෛල හානිවුනාම ඉතා කුඩා ප්‍රමාණයේ පෙනීමේ දුර්වලතාවයේ ඉදන් ඇස් නොපෙනීයාම දක්වා වූ විවිධ අක්ෂි දෝශ ඔබට ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් එක එක අක්ෂි දෝෂවලටත් මඟ පාදනවා. සාමාන්‍යයෙන් සමකාසන්න කලාපවල අය අල්ට්‍රාවයලට් එහෙම නැත්නම් පාරිජම්බුල කිරණවලට නිරාවරණය වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා කියලා විශේෂඥයෝ කියනවා.

ඒ කියන්නේ අපිවගේ රටවල අයගේ ඇස්වලට දැඩි හිරු එළියෙන් ලොකු බලපෑමක් තියෙනවා.

නිසි පරිදි අව්කණ්ණාඩි පැළඳීම කියන්නේ අධික හිරු එළියෙන් අපේ ඇස් ආරක්ෂා කරගන්න තියෙන හොඳම සහ සරලම ක්‍රමයක් තමයි. අව්කණ්ණාඩි කිව්වම හැම තැනම අව්කණ්ණාඩි තියෙනවා. නමුත් ඔබේ ඇස් දෙක විශ්වාසවන්ත වගකීමක් සහිත ආයතනයකින් පරික්ෂා කරලා, ඔබේ ඇස් දෙකටම හරියටම හරියන අව්කණ්ණාඩියක් තෝරාගන්න එක තමයි නිවැරදි ක්‍රමය. වැරදි ක්‍රමවලට අව්කණ්ණාඩි පාවිච්චි කරන්න ගියාම ඇස්වලට නැති ලෙඩ හැදෙන්න පුලුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඔබේ ඇස් දෙකට හරියටම ගැළපෙන අව්කණ්ණාඩි දෙක තෝරා ගැනීම ඔබේ වගකීමක්. දෙවැනියට අල්ට්‍රාවයලට් කිරණ අවහිර කරන අක්ෂි කාච පළදින්න පුලුවන්, මේ සඳහා ඔබ ඊට අදාළ විශේෂඥ අක්ෂ ආරක්ෂණ ආයතනයක් වෙත යන්න ඕනේ. ඔවුන් ඔබට ගැළපෙන නිවැරදිම අක්ෂි කාචය එහිදී තෝරාදෙයි.

ඊළඟට නිසි කාලයට ඔබේ ඇස්දෙක පරීක්ෂා කරගැනීමත් වටිනවා, එතකොට ඔබටම දැනගන්න පුලුවන්, ඔබේ ඇස්වල සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා. එහෙම පරීක්ෂා කරලා ගැළපෙන අව්කණ්ණාඩි දෙක තෝරගන්න පුලුවන්.

අපි නිතර නිතර පුරුද්දක් විඳියට අව්කණ්ණාඩි පළඳින්න ඕනේ. හැම කෙනෙකුගෙම නිතර අතේ තියෙන්න ඕන පළඳනාවක් විඳිහට අපිට අව් කණ්ණාඩිය පෙන්නලා දෙන්න පුලුවන්. අව්කණ්ණාඩි දෙකක් මිලදී ගැනීමේ දී තමන්ගේ ඇස්වලට අදාළ නිවැරදි අව්කණ්ණාඩි දෙකක් තෝරාගැනීම. මේ සඳහා ඇස්වලට අදාළ විශේෂඥවරයෙක්ගේ උපදෙස් ලබාගන්න එක වටිනවා.

අව්ව කොච්චර තිබුණත් හානිකර කිරණ කොච්චර ආවත් නිවැරදි ඇස්කණ්ණාඩි දෙකක් දැම්මොත් ඔයාගේ ඇස්දෙක ඔයාට කිසි බයක් නැතුව ආරක්ෂා කරගන්න පුලුවන්. 



Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 273 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top